අගවිනිසුරුවරිය තවත් කඩ ඉමකින් ජය ගනී.

 

“විනිසුරු වැරදි සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට බලයක් නැත-” ඒ අද අබියචනදිකරණය කල ශේෂ්ට්ර ප්‍රකාශයයි. ඒ අනුව අගවිනිසුරුවරිය තවත් කඩ ඉමක් ජය ගත්තාය. බොහෝදෙනා පාලක රාජපක්ෂ රෙජීමය හමුවේ සිය සටන්කාමිත්වය අත්හරින විට අගවිනිසුරුවරිය ශක්තිමත් ස්ථාවරයක සිටීම මෙරට පොඩි මිනිසාට ආදර්ශයකි. අද අදිකරණයට නොයන්නට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය බියගුළු බව සංකේතවත් කරයි. ඒ ස්ථාවරය රනිල්ට කෙදිනකවත් මේ රටේ නායකයා විය නොහැකි බවද සාදනය කරන්නකි. ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමල ජාතික සන්දානයේ ස්ථාවරය ගැන අපි සැවොම සතුටු වෙමු. තවද මෙම අදිකරණ තීන්දුව බල ගැන්වීමේ සටන මෙරට සාමාන්‍ය ජනතාව සතුය. ඒ නිසා අදිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට අපි සැවොම පෙළ ගැසෙමු.

4 thoughts on “අගවිනිසුරුවරිය තවත් කඩ ඉමකින් ජය ගනී.

Add yours

  1. පුදුම විදිහට කලකිරෙනවා මේ වෙන
    දේවල් වලට..රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන්න
    තරම් තමන්ගේ හෙන්චයියන්ව උසි ගන්වන තුට්ටු දෙකේ
    ආණ්ඩු .. ඇත්තටම ලැජ්ජයි… පාපතර දේශපාලනය .

  2. මෙම අර්තනිරුපනය අනුව රජයේ නිලදාරින්ට ආයතන සංග්‍රහය යටතේ දෙන දඩුවම් අහෝසිවේද?. එමෙන්ම විවිද ආයතන තමන්ගේ කාර්යාල පරිපාලනය සදහා අනුගමනය කරන ආයතනමය රෙගුලාසි යටතේ දෙනුලබන දඩුවම වල නීතිමය තත්වය කුමක්ද ?

  3. එතකොට අගවිනිසුරුතුමිටත් ඕනෑම ජරා වැඩක් කරන්න පුළුවන. එයාට විරුද්ද වෙන්න කාටවත් බලයක් නැද්ද? එය කාටද වගකියන්නේ? එයත් ජනාදිපති වගේ ද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. මට පෙන්නේ රටේ නිතිය දන්නේ නීති පොතයි අච්චුගපු එකී විතරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑