ජනතා අධිකරණය (60) ;- වික්ටර් අයිවන්ගේ නඩුව.

download (8)

මේ අංක 89/98 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශයයි. එනම් වික්ටර් අයිවන් එරෙහිව නීතිපති සහ තවත් අය නඩුව වේ. මෙම මුලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ඇසීමේ අවසරය ලබා නොදෙන ලදී.

ප්‍රනාන්දු විනිසුරු වඩුගොඩපිටිය විනිසුරු සහ බණ්ඩාරනායක විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ එය විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර නීතිඥ සුරන්ජිත් හෙවාමන්න නීතිඥ ජේ සි වැලිඅමුණ නීතිඥ පි කේ ටි පෙරේරා සමග නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්දන යන අය පෙනී සිටියහ. වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ කේ සි කමලසබේසන් රජයේ නීතිඥ යු ඉහලහේවා සහ රජයේ නීතිඥ හර්ෂ ප්‍රනාන්දු යන අය පෙනී සිටියහ.

මුලික අයිතිවාසිකම්, අපහාසය සදහා පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 479 සහ 480 වගන්තින්, අපරාද නඩු විදාන පනතේ 135(1) 135 (6) සහ 393 (7) යන චේද සාකච්චාවට බදුන් විය. තවද මහා අදිකරණයේ අදිචෝදනා කිරීම, නිතිපතිවරයාගේ අබිමතය සහ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 (1) වගන්තිය සහ 14(1) (g) වගන්තිය සාකච්චා කරන ලදී.

පෙත්සම්කරු සති අන්ත රාවය පුවත් පතේ කතුවරයා විය. එයට විෂමාචාරය සහ දුෂණ හෙළිදරවු කිරීම සම්බන්දයෙන් ප්‍රසිද්දියක් තිබුණි. ඔහු අධිචෝදනා දෙකක් පිලිබදව පැමිණිලි කර සිටියේය. ඒ එවකට ධිවර අමාත්‍යවරයාට එරෙහිව අපහාස කිරීමක් (94.02.13 රාවය පුවත්පත) සහ පොලිස්පතිවරයාට එරෙහිව අපහාස කිරීමක් (97.01.19 රාවය පුවත් පත) සම්බන්දයෙනි. තවද ඔහුගේ පෙත්සම මගින් මිට ඉහත සිදුකල අධිචෝදනා 04 ක් සම්බන්දයෙන්ද අවදානය යොමු කෙරිණි.

මෙහිදී නීතිඥ ගුණසේකර මහතා කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය. එනම් ජනමාධ්‍යයවේදියකු සහ ප්‍රවෘත්ති පත්‍රයක් අනෙක් පුද්ගලයින්ට වඩා වෙනස් බවයි. රාවය පුවත් පත හරහා සිදුකල විෂමාචාරය සහ දුෂණය හෙළිදරවු කිරීම මගින් පෙත්සම්කරු සමාජයට සේවයක් සිදු කරනු ලැබිණි. කමලසබේසන් මහතා එය ප්‍රශ්න කරනු ලැබුවේ නැත. ගුණසේකර මහතා කියා සිටියේ පුවත් පත් වල වැරදි සිදුවන බවත් ඒවා නිවැරදි කිරීම සදහා රාවය පුවත් පත මගින් ප්‍රසිද්ද කිරීම් සිදුකරනු ලැබිය යුතු බවත්ය. නමුත් පුවත් පතක් සාමාන්‍ය පුරවැසියකුට වඩා බෂණයේ ප්‍රකාශනයේ සහ ප්‍රසිද්ද කිරීමේදී නඩු පැවරීමෙන් මුක්තිය ලබා නොගන්නා බවය.

ඔහු ශේක්ස්පියර්ගේ කියමනක් ද උපුටා දැක්වූයේය. ඒ පැනේ බලය සම්බන්දයෙනි.

“එය විශිෂ්ටය

එනම් යොදයකුගේ ශක්තිය ලබිමෙහිලා

නමුත් එය දුෂ්ට විය හැක

එනම් යොදයකු ලෙස බාවිතයට ගැනුන හොත්.”

මෙම තීන්දුව ප්‍රනාන්දු විනිසුරුවරයා ලියු අතර එයට වඩුගොඩපිටිය විනිසුරු සහ බණ්ඩාරනායක විනිසුරුගේ එකගතාවය හිමි විය.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1998SLR1V340.htm

හිරුනිකා දුටු යහ පාලනය ……

hirun

මයිත්රි දැන් ගලේ පැහැරූ බළලෙකු හා සමානය. ඔබ සැබෑ පබයෙකි. ඒ ලේබලය අවංකවම වදින්නේ ඊයේ දින සිටය. ඔබ දිනුවේ මේ රටේ අවංක ජනතාවගේ චන්දයෙනි.

ජනවාරි 08 ජනතාවගේ විප්ලවය විය. ඔවුහු එනම් ගෘහණියෝ ගෙදරදීත් අසල්වැසියන් සමගත් මුදලාලිලා සිය සේවාදායකයි සමගත් නීතිඥවරු උසවියෙදිත් වයිද්යවරු වේද ගෙදරදීත් ආදී වශයෙන් ඔබට මුළු හදවතින්ම චන්දය එකතු කර දෙනු ලැබුහ. ඒ කිසිදු පුද්ගලික ලාබ ප්‍රයෝජනයක් සදහා නොව යහ පාලනය, නිතිය මත පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සියලු ජනතාවගේ ජිවන වියදම අඩු කිරීම වෙනුවෙනි. දැන් ඔබ ඔවුන්ව අසීරුවට පත් කර හමාරය.

අවසාන වශයෙන් කිවයුත්තේ ඔබ හිරුනිකා දුටු යහ පාලනයවත් දැක නොමැති බව සහ ඒ තරම්වත් පිට කොන්දක් නොමැති බවය. හිරුනිකා ඔබේ පිළිකුල් සහගත ක්‍රියාව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන බව කියයි. බැරි වෙලාවත් එය සිදු නොවුනද ඒසේ කීම පවා අගනේය.

JUNE 26, නිතිය මත පාලනය සහ අපි

download (7)

අපි සිටියේ කොහිද? අපි ඉන්නේ කොහිද? අපි යන්නේ කොහිද? ශ්‍රී ලංකාව නිතිය මත පාලනය වන රටක්ද? උත්තරය නැත. අද වන විට අලුත් ආණ්ඩුවක් බලයේ සිටියද නීතියේ පාලනය කඩා වැටී තිබේ. වදහිංසාව බොරු නඩු දැමීම බහුලව සිදු වේ. දරුණුම කෙදවාචකය ප්‍රචණ්ඩත්වය ඉහල යාමයි.

“තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය කියයි. ඉකුත් 21 වැනිදා රාත්‍රී 10.00 ට පමණ මාදම්පේ – වීරකොඩියාන, රත්මල්ලාගාර ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු වී ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ රත්මල්ලාගාර පදිංචිව සිටි මඩපාතගේ දොන් ඉන්දික නුවන් සංජීව (අවු:32ඇති) නම්වූ දෙදරු පියෙකි.” – ලක්බිම

සමාජයේ සෙසු ආයතන පුද්ගලයින් පමණක් නොව පොලිසියද ප්‍රචණ්ඩත්වය සිදු කරනු ලැබේ. ඒ වදහිංසා පැමිණවීම මගිනි. මේ තත්වය වෙනස් නොවුවහොත් රට බරපතල අගාදයකට යනු ඇත. ජුනි 26 දින එනම් වදහින්සාවට පාත්‍ර වුවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනයේදී අපි අදිෂ්ටාන කර ගත යුත්තේ වදහිංසාව ශුන්‍ය කිරීමයි. පොලිසිය නිවැරදි ලෙස නිතිය ක්‍රියාත්මක කරන විට බොහෝ අපරාද ඇති නොවනු ඇත.

උපුටා ගැනීම් ආසියානු මානව හිමිකම් කොමිසම වෙබ් අඩවිය

ජනතා අධිකරණය (59) ;- අල්මේදා (ශ්‍රී ලංකා ධිවර සංස්ථාව) නඩුව.

download (6)

මේ අංක 310/97 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. එනම් අල්මේදා එරෙහිව ශ්‍රී ලංකා ධිවර සංස්ථාව සහ තවත් අය නඩුවයි. මෙය දිරරත්න විනිසුරු ආනන්ද කුමාරස්වාමි විනිසුරු ගුණසේකර විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් ජයසුරිය සමග නීතිඥ පි රාදක්රිශ්නන්ද නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දුද පෙනී සිටියේය. මෙහිදී මුලික අයිතිවසිකම්, සේවය දීර්ග කිරීම ප්‍රතික්ෂේප කිරීම, පත්වීම් දෙන අධිකාරියේ අබිමතය සහ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 (1) වගන්තිය සාකච්චා විය.

පෙත්සම්කරු වගඋත්තර සංස්ථාවේ වෙළද කළමනාකරු විය. ඔහුට වයස අවුරුදු 55 ක් ගතවුවිට වසරක සේවා දිගුවක් ඉල්ලා සිටියේය. අද්යක්ෂක මණ්ඩලය විසින් පෙත්සම්කරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. ඒ පෙත්සම්කරුට එරෙහිව අපරාධ නඩුවක් විබාග වෙමින් පවතින බව සලකා බැලීමෙන් අනතුරුව වේ. ඒ අනුව ඔහුගේ සේවාව දීර්ග කිරීම නොවැලැක්විය හැකි දෙයක් නොවුනි. පෙත්සම්කරු කියා සිටියේ වගයුත්තරකරුවන් තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සහතික කර  12(1) සහ 12(2) වගන්තින් වල සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය කල බවය.

සේවය දීර්ග කරනවද නැද්ද යන්න පිළිබද අමත බලය අද්යක්ෂක මණ්ඩලය සතු විය. පෙත්සම්කරුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවතියේ වියාජ ලේඛන සැකසීම පිළිබද නඩුවක් වේ.

ගුණසේකර විනිසුරු විසින් තීන්දුව ලබා දුන් අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එනම් දිරරත්න විනිසුරු සහ ආනන්ද කුමාරස්වාමි විනිසුරුගේ එකගතාවය පල විය.

පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි. ඒ ගාස්තුද රහිතවය.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව හා යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1998SLR3V361.htm

ජනතා අධිකරණය (58) ;- ද සිල්වා (පොහොර සංස්ථාව) නඩුව.

images (1)

මේ අංක 7/88 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කාරිය ඩබ්ලිවු එම් කේ ද සිල්වාය. එය ජමිල් විනිසුරු, ප්‍රනාන්දු විනිසුරු සහ අමරසිංහ විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. මුලික අයිතිවාසිකම් එනම් අමානුෂික පහත් කොට සැලකීම හෝ දඩුවම මානසික වධහිංසාව තම කැමැත්ත පරිදි නිත්‍යානුකුල රැකියාවක යෙදී සිටීමේ අයිතිය 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 සහ 14 (g) වගන්තින් සාකච්චාවට බාජනය කෙරිණි.

පෙත්සම්කාරිය 1969 දි ලිපිකාරිණියක් ලෙස ලංකා පොහොර සංස්ථාවේ සේවයට බැදුණි. 1981 අප්‍රියෙල් මස මණ්ඩලයේ ලේකම් නොයෙල් ප්‍රනාන්දු විදේශගතවූ අතර පෙත්සම්කාරියට ලේකම් ලෙසත් සබාපතිගේ පුද්ගලික සහකාර ලෙසත් යන තනතුරු හිමි විය. ඊට පසු වසර වලදී ප්‍රශ්නගත තත්වය උද්ගත වුනි.

ඇයව 1988.01.01 දින නැවත සේවයට කැදවන ලදී. ඇයට කලින් සිදුකරන ලද වැඩ කොටස පවරනු ලැබුවේ නැත. පහත් කොට සැලකීමට පාත්‍ර විය. ලේකම් ඒකකයෙන් පිටත ඉස්තෝප්පුවේ අමුත්තන්ගේ පුටුවක් ඇයට හිමි වුනි. 1988.01.08 දින ඇයට කැඩුණු පුටුවක් සහ මේසයක් වැඩ කිරීමට ලැබුණි. ඇයට මෙම කාල පරිච්චේදය තුල කිසිදු වැඩක් හිමිවුයේ නැත.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාදිපති නීතිඥවරයා පවසා සිටියේ මෙම සංස්ථාව වෙළද සංස්ථාවක් බවත් පොහොර ආනයන මිශ්‍ර කිරීම සහ විකිණීම සිදු කරන අතරම සෙසු රාජ්‍ය සහ පුද්ගලික සංවිධාන සමග තරගකාරී ලෙස කටයුතු කරන බවත් සංස්ථාවේ වැඩ කිසිදු විධායක හෝ පරිපාලන ක්‍රියාවක් යටතට නොවැටෙන බවත්ය.

මෙහිදී වධහිංසාව පුළුල්ව අර්ථකථනය කෙරිණි. එනම් 11 වන වගන්තියේ සදහන් වධහින්සාවට ලක් නොවී සිටීමේ අයිතිය උල්ලංගනය නොවූ බව තීරණය විය. රජයේ නිලදාරියකු සිදු කරන දැඩි වේදනාත්මක දෙයක් එනම් ශාරීරිකව සහ මානසිකව මේ තත්වයට වැටේ. එය රජයේ නිලදාරියකු විසින් තොරතුරක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීමට දඩුවමක් ලෙස, බියවැද්දීම සදහා කරන ක්‍රියාවක් වේ.

මෙහිදී පෙත්සම්කාරිය 11,12, සහ 14 යන වගන්තින් වල දැක්වෙන මුලික අයිතිවාසිකම් තමා සම්බන්දයෙන් උල්ලංගනය වූ බව සනාථ කිරීමට අපොහොසත් විය.

මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි.

අමරසිංහ විනිසුරු තීන්දුව ලබා දුන් අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ එම් ඒ මන්සුර් නීතිඥ කේ එස් තිලකරත්නද පළමු හා දෙවන වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ කේ එන් චොක්සි සමග රෝහිත බෝගොල්ලාගම ද තෙවන වගඋත්තරකරු වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාදිපති නීතිඥ සිබ්ලි ආසිස් යන අය පෙනී සිටියහ.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1989SLR2V393.htm

ජනතා අධිකරණය (57) ;- සිරිසේනගේ (බාල වයස්කරුවකු සිදුකල රිය අනතුරක් පිළිබද) නඩුව.

download (5)

“1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13(1) වගන්තියට අනුව නිතිය පිළිබද ක්‍රියාදාමයට පරිබාහිරව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගත නොහැක. අත්අඩංගුවට පත්වන පුද්ගලයාට අත්අඩංගුවට ගැනීමේ හේතුව සදහන් කල යුතුය. 13(2) වගන්තියට අනුව නිදහස අහිමි කල පුද්ගලයාව හැකි ඉක්මනින් නීතියේ සදහන් ආකාරයට ලගම අධිකරණය වෙත ඉදිරිපත් කල යුතුව ඇත. එම විනිසුරුගේ නියෝගය මත පමණක් ඔහුව තවදුරටත් අත්අඩංගුවේ හෝ රදවා ගැනීමේ තබා ගත හැක.”

මේ අංක 14/90 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. බණ්ඩාරනායක විනිසුරු, ප්‍රනාන්දු විනිසුරු සහ කුලතුංග විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. මෙහිදී 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සදහන් 11 සහ 13 වන වගන්තියේ මුලික අයිතිවාසිකම් ,වන්දි ලබා ගැනීම සහ රජයේ සහ රජයේ සේවකයකුගේ වගකීම සාකච්චා වුනි. පෙත්සම්කරුවන් වුයේ සිරිසේන සහ තවත් අයයි. වගඋත්තරකරුවන් වුයේ අර්නස්ට් පෙරේරා සහ තවත් අයයි.

1990 අප්‍රියෙල් 04 වැනි දින රිය අනතුරක් සිද්ද විය. එනම් පෙජරෝ රථයක් කාර් එකක් හැප්පුණු අතර මෝටර් රථය පැදවූ කාන්තාව මරමුවට පත් වුනි. එම පැජරෝ ජීප් රථය ආරියපාල නමැති වියාපාරිකයාට අයත් එකක් විය. පළමු සහ දෙවන පෙත්සම්කරුවන් ආරියපාල නමැති වියාපාරිකයාගේ ගෙදර වඩු වැඩ කළහ. එම නිවස පිහිටියේ බම්බලපිටිය බුලස් පටුමගෙහිය. ඒ අප්‍රියෙල් 02 සහ 08 අතර කාලයේදීය. පළමු සහ දෙවන පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනිණි. 3,4 සහ 5 වන පෙත්සම්කරුවන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් පළමු සහ දෙවන පෙත්සම්කරුවන්ව බැලීමට කොළඹ මහා රෝහලේ මරණ පරීක්ෂණයේදී අධිකරණයට ගිය අවස්ථාවේදීය. පළමු හා දෙවන පෙත්සම්කරුවන් වඩු කර්මාන්තයේ යෙදුනු අය විය. 03 වන පෙත්සම්කරු පළමු පෙත්සම්කරුගේ බිරිද වේ. 4 සහ 5 වන පෙත්සම්කරුවන් දෙවන පෙත්සම්කරුගේ දෙමාපියන් විය. ඔවුන් පැමිණිලි කලේ 2 වන සහ 3 වන වගඋත්තරකරුවන් සිදුකල නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම ගැනය. දෙවන වගඋත්තරකරු එවකට බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානදිපති වූ පොලිස් පරීක්ෂකවරයෙකි. පළමු වගඋත්තරකරු පොලිස්පති විය. 3 වන වගඋත්තරකරු උප පොලිස් පරීක්ෂකවරයකු වූ අතර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානදිපතිවරයා විය.

පෙත්සම්කරුවන් කියා සිටියේ තමන්ව වදහින්සාවට පාත්‍ර කල බවය. නමුත් අදිකරණයේදී එම තත්වය වෛද්‍ය සාක්ෂි මගින් ඔප්පු කිරීමට නොහැකි විය.

මෙහිදී පෙජරෝ ජීප් රථය පැදවුයේ ඉන්දික බව හෙළි විය. ඔහුට වයස අවුරුදු 16 ක් වූ අතර රිය පැදවීමේ වයස සපුරා සිටියේ නැත.

1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති පෙත්සම්කරුවන්ගේ 13(1) සහ 13(2) වගන්ති වල සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය විය. නමුත් 11 වන වගන්තිය උල්ලංගනය වූ බවක් තීරණය වුයේ නැත.

අත්අඩංගුවට ගැනීම නිතිය ක්‍රියාත්මක කිරීමේදී ගනු ලබන එක් පියවරකි. පෙත්සම්කරුවන්ට වන්දි ගෙවීමට වගඋත්තරකරුවන්ට සහ රජයට නියෝග කෙරිණි. රජය වන්දි ගෙවිය යුත්තේ මෙය වියක සහ පරිපාලන ක්‍රියාවක් බැවිනි.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1991SLR2V97.htm

විහිළු police message

Police Mesege

මේ සෙල්ලම් කරන්නේ කවුද? කා සමගද? පහත පැමිණිල්ල කියවන්න.

පී.කේ.සුගත්,
132, නඩුකාරදෙණිය,
පැරඩයිස්,
කුරුවිට.
2015.06.09

එන්.කේ.ඉලංගකෝන්,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

කුරුවිට පොලිසිය එවන ලද නිල කැඳවීම් පණිවුඩය (මෙසේජ් එක* විහි`ඵවක් ලූ.

මා විසින්, දැනට රත්නපුර පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනුයුක්තව රාජකාරි කරන නන්පදිරි මහේෂ් චින්තක සේනානායක නැමැති නිලධාරියාගේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල අදාලව, 2015.05.14 හෝ ආසන්න දිනයක කුරුවිට පොලිසියට කැඳවා ප‍්‍රකාශයක් ගන්නා ලදි.

එයින් පසුව, 2015.05.31 දින මේ සමග අමුණා ඇති පොලිස් නිල පණිවුඩය, කුරුවිට පොලිසියේ කිත්සිරි නැමැති නිලධාරියා නිවසට පැමිණ බාර දෙන ලදි.

එම පණීවුඩයට අදාලව, මා 2015.06.01 දින, පැය 09.30 ටකුරුවිට පොලිසියට ගොස් පෙනී සිටින ලදි.

එම පණිවුඩය, පරීක්ෂා කල පොලිස් ස්ථානාධිපති ආර්.පී.සිරිවර්ධන මයා, මේක (පණිවුඩය/මෙසේජ් එක * කාගේ හරි විහි`ඵවක් බව ප‍්‍රකාශ කලා.

තවද, ඔහු මේ ගැන සෙවීමට, මාව රත්නපුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට යොමු කලා. මා එ් අවස්තාවේදීම, එම කාර්යාලයට ගිය විට, එහිදී ද ප‍්‍රකාශ කලේ එය විහි`ඵවක් බවයි.

මේ ආකාරයට කුරුවිට පොලිසිය ”පොලිස් නිල පණිවුඩ” විහි`ඵ කිරීමට යොදා ගැනීම, මාගේ වැටහීමට අනුව – බරපතල විනය වරෝධී ක‍්‍රියාවකි.

තවද, මෙම පණිවුඩය ලැබුනු පසුව, 2015.06.06 දින සිට, දැනට ඇහැලියගොඩ පොලිසියේ රාජකාරි කරන පො.කො.42980 ඞී.ජී.නිශ්ශංක, මා යන එන තැන් දැනුම් දෙන ලෙසට, මා ඇසුරු කරන පුද්ගලයින් කිහිප දෙනෙකුට දන්වා ඇත.

මෙයද, මා හිරිහැරය, භියට පත් කිරීමට හෝ මාහට බොරු චෝදනාවක් එල්ල කිරීමට වියහැකි බව ප‍්‍රකාශ කරමි.

මේ පිළිබඳව නොපමාව නිසි පියවර ගන්නා ලෙසට ඉල්ලමි.
පී.කේ.සුගත්,