ගැහැණිය මනමාලයා වීම. India woman held for ‘posing’ as groom for a dowry

_100052449_save_20180215_1932351961 සිට ඉන්දියාවේ දැවදි දීමද ගැනීමද නීති විරෝදී වේ. ඇය 26 හැවිරිදි ක්‍රිෂ්ණා සෙන්ය. සිගරට් බොමින් මත් පැන් පානය කරමින් මොට සයිකල් පදිමින් පිරිමි යහළුවන් ඇසුරු කරමින් ඇය පිරිමි යෙකු ලෙස රගපෑවාය. ඇය දෙවරක් මනමලයකු ලෙස විවාහ විය. දෙවන විවාහයේදී අත්අඩංගුවට පත් විය. ඇය මෙසේ කලේ දැවැදි ලෙස විශාල මුදලක් උපයාගෙන වියාපාරයක් පවත්වාගෙන යාමටය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-india-43081509

Advertisements

දකුණු අප්‍රිකාවට අලුත් උදාවක්. President Cyril Ramaphosa pledges ‘new dawn’ for South Africa

_100066530_044859201

දකුණු අප්‍රිකාවේ ජනාදිපති ලෙස සිරිල් සම්පොසා පත්ව ඇත. වයස අවුරුදු 65ක් වූ ඔහු වියාපාරිකයෙකි. ඔහුව සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ වඩාත්ම දනවත් දේශපාලඥයා ලෙසයි. හිටපු ජනපති ජාකොස් සුමා දුෂන චෝදනා මත ඉල්ලා අස් විය. නව ජනාදිපති තරුණයින්ට නව රැකියා උත්පාදනය කර දුෂණ අවම කර දකුණු අප්‍රිකාවට නව උදාවක් ගෙනෙන බව ප්‍රකාශ කරයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-africa-43093370

ඕස්ට්‍රේලියානු රජය ලිංගික අතවරයට පාත්‍ර වූ ළමා වින්දිතයින්ගෙන් සමාව ගැනීමට යයි. Australia child sex abuse: Victims to receive national apology

ඕස්ට්‍රේලියානු රජය ලිංගික අතවරයට පාත්‍ර වූ ළමා වින්දිතයින්ගෙන් ජාතික සමාවක් ගැනීමට යයි. මේ බව ප්‍රකාශ කලේ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටන් බුල්ය. එනම් වසර හතරක් තිස්සේ පැවැත්වූ පරීක්ෂණයකින් ඕස්ට්‍රේලියානු ආයතන තුල ළමුන් දස දහස් ගණනින් ලිංගික අතවරයට පාත්‍ර වන බව සොයා ගෙන තිබේ. මෙම ආයතන අතරට පල්ලි පාසල් සහ ක්‍රීඩා සමාජද බහුලව ඇතුලත් වේ. මෙම අපරාදයට සමාව ගැනීම මේ වසර අගදී සිදුවනු ඇත. එනම් ලිංගික අතවර වලට ගොදුරු වූ නොනැසී ජිවත්වන අයට අදාල ගරුත්වය ලබා දිය යුතු බවත් ඔවුන්ට මෙම අපරාදය සිදුවුයේ ඔවුන්ගේම රැකවරණයට සිටින අයගෙන් බවත් ඕස්ට්‍රේලියානු අගමැති වැඩි දුරටත් පැවසුවේය.

දියුණු රටක් වූ ඕස්ට්‍රේලියාවේ තත්වය මෙසේ නම් ශ්‍රී ලංකාවේ තත්වය කෙබදුද? ශ්‍රී ලංකාවේද මෙවන් පරීක්ෂණයක් පැවැත්විය යුතුව ඇත. ලංකාවේ මෙම අපරාදය සිදුවන ප්‍රදාන ආයතන වන්නේ පාසැල පන්සල පල්ලිය රැදවුම් මද්‍යස්ථාන සහ පොලිසියයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-australia-42984260

 

පකිස්ථානය ;- දේව අපහාස නිතිය කරන කොට තවත් ගාතනයක්. Pakistan court to deliver ‘blasphemy’ murder verdict

පකිස්ථානයේ දේව අපහාසය මරණ දඩුවම හිමිවන වරදකි. නමුත් රජය එය ක්‍රියාත්මක කර නැත. කාන් මහතා විශ්වවිද්‍යාල ශිෂ්යෙකි. ඔහු ජන සන්නිවේදනය යන විෂය හැදෑරුවේය. ඔහුව පාගා පහරදී පසුව වෙඩි තබා ගාතනය කෙරිණි. එසේ කලේ දේව අපහාසයටයි. සැකකරුවන් සම්බන්දයෙන් අදිකරණ තීන්දුව දීමට සියල්ල සුදානම්ය. අදිකරණය අවට සියලු ආරක්ෂක මෙවල් සුදානම් කර ඇත. ඒ ඇතිවන ඕනෑම තත්වයකට මුහුණ දීමටය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-42970587

උතුරු සහ දකුණු කොරියාව එක්ව ක්‍රීඩා කිරීම.Winter Olympics: Joint Korean team loses first practice match

දැන් වින්ටර් ඔලිම්පික් දකුණු කොරියාවේ පැවැත්වේ. උතුරු සහ දකුණු කොරියාව එක්ව ක්‍රීඩා කල පළමු පුහුණු තරගයෙන් ඔවුන් පරාජයට පත්ව ඇත. ඒ සුවිඩනයට එරෙහිවයි. එය හොකි තරගයකි. මෙසේ එක්ව ක්‍රීඩා කිරීම සංහිදියාවක් වන නමුත් ඇතැම් දකුණු කොරියානුවන් තුල ඒ පිළිබද කැමැත්තක් නැත. මෙම වින්ටර් ඔලිම්පික් ආරම්බ වීමට පෙර දෙරට අතර දැඩි ආතති තත්වයක් පැවතිනි. ඒ උතුරු කොරියාව විසින් සිදු කල නියෂ්ටික අත්හදා බැලීම් සම්බන්දයෙනි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-42935738

කැස්ත්‍රෝ පුත් තමාම සිය දිවිය නිමා කරයි.Cuba: Fidel Castro’s son ‘takes own life’

_99856761_6037c00b-a4d7-40ad-b6fb-0d80eff07ceeඔහු හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා විය. ඔහුට වයස අවුරුදු 68 කි. මාස කිහිපයක සිට ඉතා ගැබුරු විශාදයකට ප්‍රතිකාර ගත්තේය. නමුත් මෙම රෝගී තත්වය හෙත්වෙන්ම හෙතෙම සියදිවි නසා ගෙන ඇත. හෙතෙම නියෂ්ටික බවුතික විද්‍යාඥයෙකි. පැරණි සෝවියට් සමුහාන්ඩුවේ ඉගෙනුම ලැබිය. හෙතෙම තම රටේ නියෂ්ටික වැඩසටහනට එක්ව වසර ගණනාවක්සේවය කළේය. ඔහු නමින් ෆිදෙල් එන්ජල් කැස්ත්‍රෝ දාස් බස්ටල්ය. පියා ෆිදෙල් කැස්ත්‍රෝ මරුනේ 2016 වසරේ වසර 90 ක් ආයු ලබාය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-latin-america-42913492

ඉන්දියාවෙන් තවත් කෙදවාචකයක්! India principal ‘puts students through trial by fire’

_99860199_gettyimages-544523902ඉන්දියාවේ ළමුන්ට ශාරීරික දඩුවම් පැමිණවීම නීතියෙන් තහනම්ය. නමුත් මෙම නිතිය පොතට පමණක් සිමා කරමින් එය රට පුරා වියාප්තව තිබේ. මෙම කෙදවචාකය වාර්තා වන්නේ ඉන්දියාවේ නැගෙනහිර ප්රාන්තයකිනි. එනම්  පාසලක විදුහල්පතිනියක් ළමුන්ගේ අත් පිච්චීමට දැල්වූ ඉටි පන්දමකට අල්ලා තිබේ. සමහරක් ළමුන් මේ නිසා බරපතල ලෙස පිළිස්සීම් තුවාල ලබා ඇත. ඉන්දීය පොලිසිය සිද්දිය සම්බන්දයෙන් පැමිණිල්ලක් කර ඇති අතර දෙමාපියන්ගේ පැමිණිලි කිරීමෙන් පසු ඊට පසුදාම ඇගේ වැඩ තහනම් කර ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-india-42918491

හොo කෝo ප්‍රකාශකයා අත්අඩංගුවට පත් වේ. Hong Kong book publisher ‘seized from China train’

_87759493_de26-1

හොන් කොන් බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. නමුත් 1997 දි එය චීන පරිපාලනයට පැවරිණි. චිනයතුල කොමියුනිස්ට් පාලනයට විරුද්ද විසම්මුතික අදහස් දරන්නන් මර්දනය කෙරේ. එහි අලුත්ම ගොදුර මෙම ප්‍රකාෂකයායි. ඔහුව චීන දුම්රියක් තුලදී ස්වීඩන් රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනෙක් සමග සිටියදී අත්අඩංගුවට ගැනිණි. ඔහු නමින් මින් ගුනාහයිය. 2015 තායිලන්තයේදී හෙතෙම අතුරුදහන් විය. පසුව චීනයෙන් ඉස්මතු විය. ඔහුගේ දියණිය පියා නිදහස් කර ගැනීමට කටයුතු කරමින් සිටින්නීය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබදියාවට යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-china-42780228

කුලය නිසා සැමියා මරා දැමේ.India woman fights family over ‘low caste’ husband’s murder

 

 

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඔහුගේ බිරිද දැන් කුලය මත පදනම් වූ වෙනස් කොට සැලකීමට විරුද්දව සටන් කරන්නීය. 2016 මාර්තු මස ඇගේ සැමියා කපා කොටා මරා දැමිණි. ඒ පහත් කුලයකට අයත් නිසාය. ඇය උසස් කුලයකට අයත්ය. ඔහුව මරා දැමුනේ දකුණු ඉන්දියාවේ මහා පාරක අදික සෙනගක් සිටින මහා දවාලයේය. ඇය දිවි ගලවගත්තාය. දැන් ඇය ඇගේ දෙමාපියන්ට විරුද්දව කටයුතු කරන්නීය. නඩුවෙන් ඇගේ පියා ඇතුළු අපරාදකරුවන්ට දඩුවම් නියම වූ අතර ඇගේ මව නිදොස් කොට නිදහස් විය. ඇය එයට විරුද්දව අබියාචනා කර ඇත. සැමියා ශංකර් දලිත් කුලයට අයත් දුප්පත් පවුලකින් පැවත එන අතර බිරිද කවුෂල්‍යා උසස් කුලයකට අයත් විය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-india-42700361

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑