නිවස

“නීතිපති උපදෙස් නැත” ;- වයෝපුර්ණත්වයට පත් තැනැත්තිය ළමා රැදවුම් නිවාසයේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

උසාවිය කුරුණෑගල මහා අදිකරණය. නඩුවේ අංකය එච් සි 161/11. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිපති නියමය පරිදි යුෂ්මතාට අදිචෝදනා කරන අතර එම ආදී චෝදනාවේ ඇතුලත් චෝදනා වල වග හැටි නම් ……….යුෂ්මතා 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය 364(4) (ආ) සහ 364(3) යටතේ අපරාදයක් කල බවට චෝදනා කෙරේ.
මෙම අපරාදය සිදුවනවිට නඩුවේ ප්‍රදාන සක්ෂිකරියට එනම් අපරාද වින්දිතයාට වයස අවුරුදු 16 ට අඩුය. ඇගේ දැන් වයස අවුරුදු 22 ක් වේ. නඩු වාර්තාවේ 2011.10.05 දින කාර්ය සටහන් වල මෙසේ සදහන් වේ.
  ” ගැලවීමේ හමුදා මුලස්ථාන පාලිකාව විසින් මෙම අදිකරණය වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩුවට අදාල දැරිය අද වන විට වයෝපුර්ණත්වයට පත්ව ඇති බැවින් එම තැනැත්තිය මවට බාරදීමට දිනයක් ලබා ගැනීම සදහා නොතිසි නිකුත් කිරීමට ගරු අදිකරණයෙන් ඉල්ලා ඇත.”
මෙම නඩුව පවරා ඇත්තේ 2008 ජනවාරි මාසයේදීය. දැනට වසර 04 කුත් මාස 05 ක් පමණ ගතවී ඇත. 2010.09.01 දින නඩුව නීතිපති උපදෙස් සදහා තබා තිබේ. නීතිපති උපදෙස් නොමැතිව මේ වන තෙක් නඩුව වසරකුත් මාස 08 ක් කල් ගොස් ඇත.
ගැලවීමේ හමුදා මුලස්ථානයේ මෙම වැඩිහිටි තැනැත්තිය එහි ළමුන් සමග තබා ඇත. ළමා රැදවියන් සමග වැඩිහිටි රැදවියන් තැබීම වරදකි. වයස අවුරුදු 18 ට වැඩි වුවිට ඇයව මුදා ලීමට බාරකරුවන් අවශ්‍ය නැත. මෙසේ වයස අවුරුදු 18 ට ඉක්මවූ තැනැත්තියක් බාරකරුවකු නොමැති බව සදහන් කරමින් රදවා තබා සිටීම ඇගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංගනය කිරීමකි.
ශ්‍රී ලංකාවේ පවුද්ගලික ළමා රැදවුම් මද්‍යස්ථාන වල වැඩිහිටියන් සිටීමට උදාහරණ රැසකි. මෙම බරපතල වරදට නඩු පමාවද වගකිවයුතු වේ. නඩු පමාවට අදිකරණ කටයුතු වල පමාව මෙන්ම නීතිපති ප්‍රමදයද බරපතල ලෙස බලපායි. මෙසේ ළමා රැදවියන් සමග වැඩිහිටියන් සිටීම එම රැදවුම් මද්‍යස්ථාන වල ගුණාත්මක බාවය පිරිහිමෙලාද හේතු වෙයි.

 

 

 

 

Maximize Toolbar
Icon                                Wiwi Title
Minimize Toolbar
Click here to translate this page
                                                                Translate

මිට සුවල්ප වෙලාවකට පෙර පානදුර මහේස්ත්‍රාත් අදිකරණ බුමියේ සිදුවූ පැහැර ගැනීමක්.

එක් ප්‍රතිචාරයක්

අද එනම් 2012.05.25 දින දවල් 12.45 ට පද්මා වර්ණසුරිය මහත්මියගේ සැමියා වූ යු. එල්. පත්මසිරි යන අයව පානදුර පොලිසියේ නිලදාරීන් පානදුර මහේස්ත්‍රාත් අදිකරණ බුමියේදී ඇද ජීප් රථයකට දමා ගෙන ගොස් ඇත. පානදුර පොලිසියේ මිරාන්, හේරත්, හා රණවක යන පොලිස්කාරයින් මෙම අපරාදය සිදු කර ඇත. ඥාතීන් ඔහුව බැලීමට පානදුර පොලිසියට ආවත් එයට නයනජිත් නමැති පොලිස් නිලදාරියා ඉඩ දී නැත. උදේ 10 සිට පත්මසිරි අදිකරණයේ සිට ඇත. මෙය සිදුව ඇත්තේ ඔහුගේ නඩු දෙක කෑමෙන් පසුව ගැනීමට තැබූ අවස්ථාවේ තේකක් බිමට එලියට පැමිණි අවස්ථාවේදීය. ඔහු වෙනුවෙන් මහේස්ත්‍රාත් අදිකරණයේ පෙනී සිටින්නේ නීතිඥ අනුර දීපාල් මහතාය. ඔහුගේ නඩු වල අංකයන් 94037 සහ 96274 වේ. ඔහුගේ බිරිද අදිකරණ බුමියේදී පැහැරගත් තම සැමියාව වහාම අදිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වියාජ චෝදනා නගා නඩු පැවරීම නතර කරන ලෙසත් මානව හිමිකම් කොමිසමෙන්, පොලිස්පතිගෙන් සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරිගෙන් දැඩිව ඉල්ලා සිටි.

ගබ්සාව වැරදීම නිසා වයිද්යවරයාට නඩත්තු ගෙවීමට සිදුවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ස්පනඥ වයිද්යවරයකුට  දරුවෙක්ට වයස 25 වන තුරු නඩත්තු සදහා මසකට පවුම් 800 ක් වන්දි වශයෙන් ගෙවීමට සිදුවී ඇත. ඒ 24 වියැති මවට සති 07 දී සිදුකල ගබ්සාව වැරදීයාම නිසාය. එම මවගේ නීතිඥවරයා පවසන ආකාරයට මෙවැන්නක් ස්පන්ඥයේ සිදුවූ පළමු වතාව මෙය වන අතර ලෝකයේ වෙනත් රටක මෙවැන්නක් සිදුවී ඇත්දැයි දැන ගැනීමට නැත. මෙම පිරිමි දරුවා 2010 ඔක්තෝම්බර් මාසයේදී ඉපදී ඇත.

මාතර මානව හිමිකම් කොමිසම වදහිංසාව සමත කිරීමට තැත් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

එච්. එච්. කරුණාරත්න ගාල්ල කරන්දෙණියේ පදිංචි තරුණයෙකි. ඔහුට 2010 වසරේදී කරන්දෙණිය පොලිසියේ නිලදාරීන් අමානුෂික ලෙස පහරදී වදහිංසා පමුණුවන ලදී. ඒ පිළිබදව මාතර මානව හිමිකම් කොමිසමට කල පැමිණිල්ලේ අංකය HRC/ MT / 255/10/G  වේ. 2011.12.13 දින කොමිසම ඔහුගේ මානව හිමිකම් කඩ නොවූ බව තීරණය කරන ලදී. නමුත් කරුණාරත්න එය පිළිනොගෙන නැවත විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටියේය. කොමිසම එයට එකග විය. 2012.03.12 දින විමර්ශනයට කැදවුවද  එදින විමර්ශන පැවැත්වුනේ නැත. නැවත 2012.04.05 දින විමර්ශනයට කැවුවද එදින ස්ථානදිපති පැමිණියේ නැත. 2012.05.16 දින නැවත කැදවන ලදී. එහිදී කොමිසමේ විමර්ශන නිලදාරිනිය පැවසුවේ සමත වන ලෙසයි. ඇය විමර්ශන අවස්ථාවේ නැගිට යමින් කරුණාරත්නට කිවේ පොලිස් නිලදාරීන් සමග කතා කර එකගතාවකට එන ලෙසයි. ඊලග විමර්ශන දිනය 2012.05.29 වැනිදාය. කරුණාරත්න මින්පසු මාතර මානව හිමිකම් කොමිසමේ විමර්ශන වලට සහබාගි නොවන බව කියා සිටි. ඔහු ඉල්ලා සිටින්නේ තමනට යුක්තිය සදරණය ඉටු කර ගැනීමට අවශ්‍ය බැවින් ඔහුගේ පැමිණිල්ල කොලබ මානව හිමිකම් කොමිසමේ කාර්යාලය මගින් විමර්ශන කල යුතු බවයි.

කටඋත්තරය පොලිස් සිරමැදිරියෙන් කෙළවර වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

හෙට්ටිඅරච්චිගේ ආරියරත්න 41 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි. හෙතෙම විවාහක තිදරු පියෙකුද වේ. 118/බි හාදුපල්පොල, කිදෙල්පිටියේ පදිංචිව සිටි. 2012.05.04 රාත්‍රියේ ඔහුගේ නිවසට හොරණ පොලිසියෙන් පැමිණ පසුදින උදේ 10 ට පොලිසියට එන්නයි දන්වා ගොස් තිබුනේ රිය අනතුරක් ගැන කටඋත්තරයක් ගැනීමටය. නමුත් ඔහුට එදින පොලිසියට යාමට නොහැකි විය.  පසුදින ගියද ආදාල නිලදාරියා හමුවුයේ නැත. මෙසේ ඔහු කිහිපවරක් පොලිසියට යන ලදී. 2012.05.21 උදේ ගියවිට රථවාහන අංශයේ ස්ථානදිපති පන්දිටරත්න කටඋත්තරයක් ගන්න එන්න කිවුවම එන්න බෑ දැන් කි දවසක්ද යනුවෙන් බැණ වැදි ඇත. පසුව ඔහුව පැය 03 ක පමණ කාලයක් කුඩුවට දමා ඇත. පසුදින උදේ 8 ට හැප්පුන දෙන්නව ගෙනාවේ නැත්නම් නඩු දමන බවට තර්ජනය කල පණ්ඩිතරත්න පසුව ඔහුව ඇප මත නිදහස් කර ඇත. පසුදින එනම් 2012.05.22 ඔහුට පොලිසියට යාමට නොහැකි විය. අනතුරේ එක පාර්ශවයක් වූ මංජුලා යන අය සමග අරියරත්නලට මාස 6-7 සිට ඉඩම් ආරවුලක් ඇති අතර ඔවුන් හොරණ පොලිසිය සමග ඉතා සමීපව කටයුතු කරති. ආරියරත්නගේ ත්‍රිරෝද රථයද මේවනවිට හොරණ පොලිසියේ රදවාගෙන ඇත.

හිරණ පොලිසියේ මේජර් කාන්තාවක් නිසා පුද්ගලයකුට බොරු නඩු දමයි.

ප්‍රතිචාර 2

හිරණ පොලිසියේ මෙජර් ලෙස හදුන්වන නිලදාරියාට නිරංජනී නමැති කාන්තාව සමග හිතවත්කමක් ඇත. ඔහු නිතරම ඇගේ නිවසට පැමිණේ. මෙහි ප්‍රතිපලය 2012.05.20 දින ප්‍රියදර්ශනී පෙරේරාගේ සැමියා වූ රුවන් නිශාන්ත පිරිස් ව අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවා වියාජ කුඩු නඩුවක් දමා රක්ෂිත බන්දනාගාර ගත කිරීමය. ප්‍රියදර්ශනී අලුබෝගහවට්ට හිරණ පානදුර පදිංචිව සිටි. වයස අවුරුදු 32 කි. තිදරු මවකි. මේජර් ඇගේ සැමියාව අත්අඩංගුවට ගත්තේ සිය ඉඩමේ ගසක් කපමින් සිටියදීය. ඔහුට හිරණ පොලිස්යේදී පහර දී ඇත. පසුව පානදුර දකුණ පොලිසියට ගෙන ගොස් ඇත. පානදුර දකුණ පොලිසියේ රණසිංහ නමැති නිලදාරියා පොලිසියේ කාමරයක් තුල තම සැමියාව තබාගෙන ඔහුගේ හිස බිත්තියේ අනිනු ප්‍රියදර්ශනී දැක තිබේ. ඊලග නඩු දිනය 2012.06.01 වැනිදාය. ප්‍රියදර්ශනී කියන ආකාරයට හිරණ පොලිසිය මෙසේ තමනට හිරිහැර කරන්නේ මෙජර්ට නිරංජනී සමග පවත්නා හිතවත්කම නිසාය. ප්‍රියදර්ශනී මෙම වදහිංසා පැමිණවීම සහ වියාජ නඩු පැවරීම ගැන 2012.05.22 දින මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළාය.

“යුක්තිය තවමත් ඇත” – හිටපු නීතිපති උසාවියට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය හිටපු නීතිපතිට මොහාන් පිරිස්ට අදිකරණය ඉදිරියේ පෙනී සිටින්නයි නියෝග කරයි. ඒ හෙතෙම එක්සත් ජාතීන්ගේ වදහිංසා කමිටුවට අතුරුදහන් කල මද්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක සිටින බවට කල ප්‍රකාශය හේතුවෙනි. මෙය ශ්‍රී ලංකාවේ අදිකරණයක් විසින් ලබා දෙන ලද ඉතා නිර්බිත නියෝගයකි. හිමිකම් කඩවූ වින්දිතයින්ට ශ්‍රී ලංකාවේ යුක්තිය ඉටුවීම පැහැර හැරී තිබුනද එය අතුරුදහන් වී නොමැති බව පසක් කර දෙන්නකි.

පයාගල පොලිසිය කුඩු බෝම්බ දමන බවට තර්ජනය කරමින් පුරවැසියකු පිඩාවට ලක් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

වීරකෝන් ආරච්චිගේ චමින්ද පර්සන්න සිල්වා වයස අවුරුදු 34 ක් වන අවිවාහක තරුණයකි. රැකියාව මුද්‍රණ කටයුතුය. අලුත් පල්ලිය අසල, කලමුල්ල ,කළුතර පදිංචිව සිටි. පොලිසිය මොහුව පිඩාවට පත්කිරීම පළිබද ආසන්නතම සිද්දිය වන්නේ 2012.05.12 දින රාත්‍රී 11.30 ත් 12 ත් අතරය. ඒ පයාගල පොලිසියේ නිලදාරීන් ඔහුගේ නිවසට පැමිණ නිවසේ ජනේලයක් සහ දොරක් කඩා යාමත් සමගයි. 2012.05.13 දින උදේ චමින්දගේ මව මේ පළිබදව පයාගල පොලිසියට පැමිණිලි කලත් පොලිසිය කිසිදු පියවරක් ගත්තේ නැත. පසු අවස්ථාවලදී පොලිසියෙන් මොහුගේ ගෙදරට පැමිණ කුඩු බෝම්බ දමන බවට තර්ජනය කර ගොස් ඇත. චමින්ද පවසන ආකාරයට පොලිසිය මොහුට මෙසේ හිරිහැර කරන්නේ ප්‍රදේශයේ සරත් නමැති අයගේ අවශ්‍යතාවටය.

මන්නාරමේ රායප්පු ජෝසෙප් පියතුමාගේ ආරක්ෂාව සහතික කරනු.

ප්‍රතිචාර 5

උගත් පාඩම් හා සංහිදියා කොමිසමට ප්‍රකාශයක් කිරීම සම්බන්දයෙන් පොලිසිය රායප්පු ජෝසෙප් පියතුමාගෙන් ප්‍රශ්න කර ඇත. මේය සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් උද්ගතව ඇති බරපතල තත්වයකි. නීති පොතට අනුව නම් පොලිසියට විමර්ශන ආරම්බ කිරීමට අපරාදයක් පිළිබද සැකයක් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ නයිතික ක්‍රියාදාමය කණපිට හැරි ඇත. රායප්පු ජෝසෙප් පියතුමා පෙනී සිටියේ දෙමල ජනතාවගේ අයිතීන් වෙනුවෙනි. ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් විශ්වසනීය ලෙස සන්හිදියාවකට යාමට සුදානම් නොමැති බව මෙවැනි සිද්දීන් වලින් ගම්‍යමාන වෙයි.

මේවා පොලිස්කාරයින්ට මෙන්ම යකඩ සුදර්මන්ලා, කේ. පි. ලා සම්බන්දයෙන්ද ක්‍රියාත්මක විය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

මාතලේ පොලිසියේ කාන්තා පොලිස් නිලදාරීන් දෙදෙනෙකුගේ සහ ග්‍රාම ආරක්ෂකයකුගේ වැඩ තහනම් කර ඇත. ඒ වංචාවක් සම්බන්දයෙනි.  වත්තල පොලිස් ඕ අයි සි රක්ෂිත බන්දනාගාර ගත කරයි. ඒ නඩු බාන්ඩ පිළිබද විශ්වාසය කඩ කිරීමකටය. රටක නිතිය මත පාලනය ස්ථාපිත කිරීම සදහා පොලිසිය ශුද්ද විය යුතුය. එහි කතා දෙකක් නැත. නමුත් නීතියේ සමානතාවය, වගවීම, විශ්වසනීයත්වය, විනිවිදබාවය සදහා නිතිය යකඩ සුදර්මන්ලා සම්බන්දයෙන්ද ක්‍රියාත්මක වීම අනිවාර්යයි. අද සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන රාජපක්ෂලා උදහසට හාස්‍යට ලක්වී අවසන්ය. මේ මා අද කොලබ බලා යන බස් රථයක ගමන් කිරීමේදී ලැබූ අත්දැකීමකි. බසයට බන්දනාගාර නියාමකයින් දෙදෙනකු ගොඩවී පිටි පස අසුනේ අසුන් ගැනිණි. ඉන් එක්කෙනෙකු කිවේ එස්. එෆ්. ගැනයි. ” ඒ මනුස්සයාගේ පපුවයි බඩයි කපලා තියෙන්නේ හරියට ලෝක සිතියමක් වගෙයි.” නමුත් කේ පි ලා සහ කරුණලා රජ සැප විදිති. පොලිස් නීති විරෝදී ක්‍රියා නැවැත්වීමට පියවර ගැනීම ඉතා හොදය. මේ තත්වය පරිපුර්ණ වීමට නම් නිතිය මත පාලනය සැමට පොදුවිය යුතුය.

Older Entries