ඉතියෝපියා ප්‍රහාරය;-200ක් මරුට. ළමයි 100ක් අතුරුදහන්.

c591aca755ba4449a097503122d3de41_18

දකුණු සුඩානයේ ප්‍රහාරකයින් විසින් මෙම ප්‍රහාරය දියත් කරනු ලැබිණි. මියගිය පුද්ගලයින් ගණන 208 කි. ළමුන් 108ක් පැහැර ගනු ලැබිණි. තුවාල ලැබූ ගණන 75කි. මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටි. මේ බව පවසන්නේ ඉතියෝපියානු නිලදාරින්ය. සිකුරාදා මෙම ප්‍රහාරය සිදු විය. ඒ ගම්බෙලා කලාපයේය. මෙහිදී ඉතියෝපියානු හමුදා ප්‍රහාරකයින් 60 දෙනෙකු පමණ මරනු ලැබිය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/04/ethiopia-attack-200-people-dead-100-children-missing-160418045025770.html

ජනතා අදිකරණය (77) ;- දිනේශ්ලාගේ නඩුව.

d

මේ අංක SC/FR 260/2011 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. වගයුත්තරකරුවන් වුයේ පානදුර උතුර (කෙසෙල්වත්ත) පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. මෙය විනිසුරු චන්ද්‍රා ඒකනායක විනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ විනිසුරු බුවනෙක අලුවිහාරේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සරිටාද ෆොන්සේකා 1 සිට 7 සහ 15 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ  දුලින්ද වීරසූරිය නීතිඥ දර්ශන එදිරිසුරිය 11 වන වගෞය්ත්තරකරු වෙනුවෙන් නීතිඥ ෆයිසර් මුස්තාපා සහ නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ ඉන්දිකා දේමුණි යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2016.04.01 වැනිදාය.

පෙත්සම්කරුගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන 11 සහ 12(1) වගන්තින් වල සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි.

රජය වන්දි ලෙස රු 20,000ක් සහ නඩු ගාස්තු ලෙස රු 10,000ක් ද 7 වන වගයුත්තරකරු වන්දි ලෙස රු 15,000ක් ද 1, 2, 3 සහ 4 වන වගයුත්තරකරුවන් වන්දි ලෙස පෙත්සම්කරුට රු 10,000ක් ද ගෙවිය යුතු විය. නඩු තීන්දුව විනිසුරු බුවනෙක අලුවිහාරේ ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි.

වගයුත්තරකරුවන් වෙනුවෙන් නැගුනු තර්කය වුයේ මෙම පෙත්සම කල් ඉකුත්වූ එකක් බවය. එය මානව හිමිකම් කොමිෂමට යොමු කලේ පෙත්සම්කරුගේ මව විසිනි.

2011.01.23 කෙසෙල්වත්ත පොලිසිය පෙත්සම්කරු වූ දිනේෂ්ගේ නිවසට පැමිණියහ. ඔහුව අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසිය වෙත ගෙන ගියේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව කියමිනි. පොලිසියේ අපරාද අංශයේදී ඔහුට පහර දෙනු ලැබිණි. ඒ ඇත්ත කියන ලෙස බල කරමිනි. පෙත්සම්කරු දිගින් දිගටම පහර දෙන අවස්ථාවේ කියා සිටියේ තමන්ට සිද්දිය ගැන තමාට කිසිදු සම්බන්දයක් නොමැති බවය. ඒ සිද්දිය වූ කලි නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ටයිල් වගයක් නැති වීමය. පෙත්සම්කරු දැන සිටියේ මාස කිහිපයකට පෙර 10 වන වගයුත්තරකරු තම ත්‍රිරෝද රථය කුලියට ගෙන ටයිල් වගයක් ප්‍රවාහනය කල බවය. මිට අමතරව පෙත්සම්කරු ටයිල් ගෙන ගිය ප්‍රදේශය පෙන්වා සිටියේය.

පෙත්සම්කරුට පහරදීමෙන් අනතුරුව මත්ද්ර්විය වියාජ චෝදනාවක් මත මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරිණි. ඔහු නිවැරදිකරු කි අතර ඇප හිමි විය. මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ ඔහුව අදිකරණ වයිද්ය නිලදාරී විසින් පරික්ෂා කල යුතු බවය. ඔහු පානදුර මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර අදිකරණ වයිදය නිලදාරී විසින් පරික්ෂා කරන ලදී.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න. වීඩියෝව නරබන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_260_2011.pdf

මානසික රෝග වලින් මිදීම.

692343171b6a42c4b509a3ea0cf6a3de_18

මානසික රෝග ලෝකය පුරා නොසලකා හැර ඇත. ලොව පුරා බිලියන බාගයක පමණ ජනතාවක් එයින් පිඩා විදිති. එයින් 1/4ක් සංවර්දනය වෙමින් පවතින රටවල ඉන්න අය වේ. දුප්පත් රට වල මෙම රෝගයෙන් පිඩා විදින අය වෙනුවෙන් වියදම් කරන්නේ ඉතා අඩු මුදලකි. තවද සුදුසු සවුක්ය පහසුකම් ඉතා අඩු වේ. මානසික රෝගීන් නිරතුරුව වදහින්සාවට අපහාසයට සහ ත්‍රස්ත සැලකීමට ගොදුරු වෙති. ඉන්දියාවේ බටහිර අප්‍රිකාවේ සහ මැද පෙරදිග තත්වය වඩාත් නරක වේ. ඉන්දියාවේ මානසික රෝගීන් ගස් වලට මාංචු දමා ගැට ගැසීම කස පහර දීම ආදියද සිදු වන බව පැවසේ. මානසික රෝගීන් පිලිබදව ලෝක බැංකුවේ සහ ලෝක සවුක්ය සංවිදානයේ අවදානය ලක්විය යුතුව ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/programmes/peopleandpower/2015/10/shadows-151029073123574.html

 

හොං කොං ගුවන් තොටුපලේ පොත් සාප්පු වැසීම.

160408180628-hong-kong-airport-bookstore-relay-xi-jinping-exlarge-169

හොංග් කොංග් ගුවන් තොටුපලේ වසා දැමු පොත් සාප්පු ගණන 11ක් පමණ වේ. ඒ චීනය පිළිබද පොත් තිබු පොත් සාප්පු වේ. මේ තත්වය පුවත් පත් නිදහස කප්පදුවක්ද යන්න පිළිබද බරපතල සැක සහ බය ඉස්මතුව තිබේ. මෙහි තිබු පොත් සාප්පු 16 කම චීන ජනපති ගේ නම සහ මුහුණ තිබුණි. මේ පොත් බොහොමයක් චීන මහා නගරයේ තහනම් කල ඒවා විය. ඒවායේ චීනයේ අබ්යන්තර දේශපාලනය සහ චීන පාලකයින්ගේ ජිවිත පිළිබද තොරතුරු ඇතුලත් වුනි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://edition.cnn.com/2016/04/11/travel/hong-kong-airport-bookstores/index.html

නේපාලයේ පළමු කාන්තා මුස්ලිම් නීතිඥවරිය.

bc991424bae14c44b08c36fa361d662f_18

ඇය මෝහනා අන්සරිය. නේපාලයේ පළමු කාන්තා නිතිග්නවරියයි. ඇය නේපාලයේ කොන්වූ ජනතාව වෙනුවෙන් සටන් වදි. ඇය එරට මානව හිමිකම් කොමිසමේ සිටින එකම කාන්තා සාමාජිකාව වේ. ඇය එයට එකතු වුයේ 2014 නොවැම්බර් මස අගමැතිගෙන් ලැබුණු දුරකථන ඇමතුමක ප්‍රතිපලයක් ලෙසය. ඇය පහල මද්යම පන්තික පවුලකින් පැවත ඒයි. ඇයට අවුරුදු 39 කි. ඇය කියන්නේ මෙය මහන්සිවී වැඩ කිරීමේ ප්‍රතිපලයක් බවය. ඒ 2006 රාජාණ්ඩුව බිද වැටී ඇතිවූ වෙනසේ ප්‍රතිපලයද වේ. ඒය සිදුවුයේ මාවෝවාදී දශකයකට අදික කැරැල්ලේ ප්‍රතිපලයක් ලෙසය. ඇගේ දෙමාපියන්ට සාක්ෂරතාවය නැත. නමුත් දරුවන්ට උගන්වා ඇත. නේපාලයේ පිරිමි ළමුන් පවුල බලා ගන්නා අතර ගැහණු දරුවන් පවුල හැර යන බව සම්ප්‍රදායයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2016/04/meet-mohna-ansari-nepal-female-muslim-lawyer-160412141331055.html

සියරා ලියෝනය;- ගබ්සාවක් වෙනුවෙන් මියැදීම.

89e0d43c856044598ee842f4de74f6c5_18

සියරා ලියෝනයේ ගබ්සාව අනීතික වේ. කාන්තාවන් බොහොමයක් මෙනිසා මරණයට පත්වේ. ඒ මේ සදහා සම්ප්‍රදායක වෙදුන්ගේ පිහිට පැතීම නිසාය. අනාරක්ෂිත ගබ්සාව සියරා ලියෝන්හි බරපතල කරුණකි. මෑතකදී සියරා ලියෝන්හි එබොලා අර්බුදය හට ගැනිණි. එහිදී කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහල ගියේය. මෙහිදී පාසල් හැර ගිය ගැහැණු ළමුන් සහ දෙමාපියන් අහිමි ගැහැණු දරුවන් පහසුවෙන් ලිංගික අතවර වලට ලක් විය. මෙනිසා අඩු වයසින් ගැබ් ගැනීම් ඉහල ගියාය. මෑතකදී මේ පිලිබදව පනත් කෙටුම්පතක් සම්මත කිරීමේ උත්සහයක් තිබුනද ආගමික කොටස් වල විරෝදය නිසා එය අසාර්ථක වුනි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියව හා යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2016/03/women-dying-abortion-sierra-leone-160323143037996.html

මුස්ලිම් ලෝකයට අවශ්‍ය නායකයින් සිටීද?

download

ඉස්ලාමික් සහයෝගිතා සංවිදානය ඉස්ටන්බුල් හිදී හමු විය. ඉස්ලාම් රටවල් වල නායකයින් 30ක් පමණ මෙසේ තුර්කියේ ඉස්ටන්බුල් හිදී මුණගැසිනි. එහිදී දුන් පණිවිඩය එක්සත්කමයි. නමුත් පිළිගැනීමට අකමැති කරුණ වුයේ මුස්ලිම් ලෝකය ඉතා බරපතල ලෙස බෙදී ඇති බවයි. සිරියාවේ සහ යේමනයේ ගැටුම් පවතී. ඒ පිලිබදව ලොව විශාලම මුස්ලිම් රටවල් දෙක එනම් සවුදි අරාබියාව සහ ඉරානය විරුද්ද පක්ෂ ලෙස සිරව සිටි. තවද අයි එස් අයි එල් සහ ඉරාකයේ ඉස්ලාමික් රාජ්‍ය ලොව ජාතින් අස්ථාවර කරමින් සිටි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/programmes/insidestory/2016/04/muslim-world-leaders-160414180435116.html