ජනතා අදිකරණය (76) ;- කටුගස්තොට පොලිසියේ නඩුව.

students

මේ අංක 138/2007 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු කටුගස්තොට ඩි ජි විජෝට්මන්නය. වගයුත්තරකරුවන් වුයේ කටුගස්තොට පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය.

විනිසුරු චන්ද්‍රා ඒකනායක විනිසුරු වනසුන්දර සහ විනිසුරු ජයවර්දන යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ 1 සිට 7 දක්වා වගෞත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රනිල් සමරසුරිය නීතිඥ මාදව විජයසිරිවර්දන 8 සහ 9 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ ඒ නවවිද යන අය පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2016.03.31 වැනිදාය.

දිනය 2007.02.04 වැනිදාය. වෙලාව සවස 4.30 ට පමණය. පෙත්සම්කරු සිය වියාපාරික ස්ථානයට යාමට බස් රථයකට ගොඩවිය. ඔහු පාපුවරුවේ සිටි තවත් මගියෙකුට උඩට යන්නට කිවේ බස් රථය ඇතුලට යාමටය. මෙය බහින් බස්විමකට තුඩු දුන් අතර එම පුද්ගලයා පෙත්සම්කරුට පයින් ගැසූ අතර ඔහු නොවැටී බේරුනේ එම මගියා අල්ලා ගනිමිනි. එතනින් මෙම සිද්දිය නිමාවට පත්වුණි. පසුව හෙළිදරවු වුයේ මෙම පයින් ගැසූ පුද්ගලයා මෙම නඩුවේ 07 වන වගයුත්තරකරු බවය.

2007.02.05 දින උදැසන 9.30ට පමණ පෙත්සම්කරුව කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි. ඔහුට අත්අඩංගුවට ගැනීමේ හේතුව කිවේ නැත. ඔහුට පොලිස් ස්ථානයේදී පහරදෙන ලදී. ඔහුගේ ඔලුව බිත්තියේ ගැසූ අතර ඔලුව වතුර පිරවූ සින්ක් එකක තත්පර 30 ක් පමණ වෙලාවක් ගිල්ලා තැබුවේය. මෙය වදහිංසා පැමිනවිමකි. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තිය උල්ලංගනය කිරීමක්ද වේ.

පෙත්සම්කරුව පොලිසියට රැගෙන ගිය අවස්ථාවේ එහි ඉහල මාලයේ 7 වන වගයුත්තරකරු සිටි අතර ඔහුව හදුනා ගැනිණි. 11 වන වගන්තියට අමතරව 13 (1) සහ 13(2) යන වගන්තින්ද පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය වී ඇති බව තීරණය කෙරිණි.

පෙත්සම්කරුට හිමිවූ මුළු වන්දිය රුපියල් 1,20,000කි. එය රජය විසින් ගෙවිය යුතු බවත් මිට අමතරව රජය ගාස්තු ලෙස රුපියල් 30,000ක් ගෙවිය යුතු බවත් නියෝග කෙරිණි. එය මෙම දිනයේ සිට මාස තුනක් ඇතුලත ගෙවිය යුතු බවටද තීරණය විය.

විනිසුරු චන්ද්‍රා ඒකනායක නඩු තීන්දුව ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_138_2007.pdf

One thought on “ජනතා අදිකරණය (76) ;- කටුගස්තොට පොලිසියේ නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )