download

මේ අංක SC /FR 689/2012 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු පන්නිපිටියේ පදිංචි ජස්ටින් රාජපක්ෂය. වගයුත්තරකරුවන් වුයේ හෝමගම පොලිසියේ පොලිස් නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. තීන්දුව ලබා දුන්නේ 2016.03.28 වැනිදාය.

විනිසුරු ඉවා වනසුන්දර විනිසුරු බි පි අලුවිහාරේ සහ විනිසුරු සිසිරද අබ්රු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිශාන්ත සිරිමාන්න දෙවන වගයුත්තරකරු වෙනුවෙන් නීතිඥ සාලිය පිරිස් සහ නීතිඥ යොහාන් පිරිස්ද 8 සහ 9 වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ ඉදුනි පුංචිහේවා යන අය පෙනී සිටියහ. තීන්දුව ලීවේ විනිසුරු සිසිරද අබ්රු වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

2012.05.25 හෝමගම පොලිසිය පෙත්සම්කරුව ඔහු නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුව කුස්සියේ සිට මැදසලයට ඇද ගෙන ගිය අතර අතින් පයින් පහරදී ජීප් රථයට දමනු ලැබිය. අත්අඩංගුවට ගැනීමේ හේතුව පෙත්සම්කරුට කිවේ නැත. ජීප් රථය මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයට දාවනය කෙරිණි. පළමු වගයුත්තරකරු ජීප් රථයෙන් බැස උස් හඩින් ප්‍රකාශ කලේ ජීප් රථයේ ප්‍රදේශයේ ප්‍රසිද්ද නීතිවිරෝදී මත්පැන් ජාවාරමට සම්බන්ද අයකු සිටින බවය. මෙම ප්‍රකාශය පාසලේ කාර්යාලය සමීපයේ සිටි බොහෝ දෙනෙකුට ශ්‍රවණය විය.

එදින පාසලේ ඩෙංගු මර්දන වැඩසටහනකි. පළමු වගයුත්තරකරු ප්‍රදාන දේශනය පැවැත්වීමට ආරාදනය ලැබ සිටියේය. ඔහු දේශනය අවසන් කරන තුරු පෙත්සම්කරුව ජීප් රථයේ සිරකර සිටි අතර පසුව හෝමගම පොලිසියට රැගෙන ගොස් කුඩුවට දමනු ලැබිණි. පසුව ගංජා ලග තබා ගැනීමේ වියාජ චෝදනාව යටතේ පෙත්සම්කරුව හෝමගම මහේස්ත්‍රාත් අදිකරනයට ඉදිරිපත් කල අතර ඔහු එයින් නිදහස් විය.

පෙත්සම්කරුව ශාරීරික මෙන්ම මානසික වදහින්සාවට බාජනය කර ඇති බව ශේෂ්ට්‍රදිකරණය තීරණය කරනු ලැබිණි. ඒ අනුව ඔහු සම්බන්දයෙන් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 12(1), 13(1) සහ 13(2) යන වගන්තින් උල්ලංගනය වී ඇත. පළමු වගයුත්තරකරු පුද්ගලිකව රුපියල් 2,00,000 ක්ද 06 වන වගයුත්තරකරු පුද්ගලිකව රුපියල් 10,000 ක්ද රජය විසින් රුපියල් 25,000 ක්ද පෙත්සම්කරුට ගෙවිය යුතු බව තීරණය කෙරිණි. මෙම වගයුත්තරකරුවන් සම්බන්දයෙන් වැඩි දුරටත් අපරාද නිතිය යටතේ කටයුතු කිරීමට පොලිස්පතිට සහ නීතිපතිට නියෝග කෙරිණි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_689_2012.pdf

Advertisements