download

මේ අංක SC/FR 236/2011 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කාරිය වත්තල පදිංචි ෆාතිමා ශානස්ය.වගයුත්තරකරුවන් වුයේ කොලබ විශ්ව විද්‍යාලයේ ආචාර්ය සහ මහාචාර්යවරුන්ය. මෙය ඉවා වනසුන්දර, සිසිර ද අබ්රු සහ උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව දුන්නේ 2016.02.24 වැනිදාය.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ කේ ජි ජිනසෙනද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා නීතිඥ සරිටාද ෆොන්සේකා සහ රජයේ ජෙෂ්ට නීතිඥ එස් බරි යන අය පෙනී සිටියහ.

පෙත්සම්කාරිය කියා සිටියේ තමාගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන 12(1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවයි. තවද ඇගේ ඉල්ලීම වුයේ තමන්ව කොලබ විශ්ව විද්‍යාලයේ ජනමාද්‍ය ඒකකයේ කතිකචරිනියක් බවට (පරිවාස කාලයට) යටත්ව පත්කරන ලෙසය.

පෙත්සම්කාරිය 2006 කලා විශේෂ උපාදිය සමත් විය. ඒ ජන සන්නිවේදන විෂයට ඉහල පෙළ දෙවන සාමාර්ථයක් සහිතවය. පළමුව ටියුටර් කෙනෙක් ලෙසත් පසුව තාවකාලික සහය කථිකාචාර්යවරියක් ලෙසත් ඇය කොලබ විශ්ව විද්‍යාලයේ ජන මාද්ය ඒකකයේ සේවය කළාය.

2010 පෙබරවාරි මස පුවත්පත් දැන්වීමක් මගින් කොලබ විශ්ව විද්‍යාලයේ ජනමාද්‍ය ඒකකය සදහා කථිකාචාර්යවරු පත්කිරීම ගැන ඉල්ලුම්පත්‍ර කැදවනු ලැබිණි. ඒ අනුව ඇය 2010.03.02 එයට ඉල්ලුම් කලාය. 2011.02.10 ඇය ඒ සදහා වූ සම්මුක පරීක්ෂණයට මුහුණ දුන්නාය. සම්මුක පරීක්ෂණය කල තේරුම් කමිටුවට 2 සිට 28 දක්වා වගයුත්තරකරුවන් අයත් විය. ඒ අනුව ඇය කථිකාචාර්ය තනතුරට තේරී පත්වූ බව ඇයට දැනුම් දෙන ලදී. නමුත් ඇයව එම තනතුරට පත් කලේ නැත. ඒ වගයුත්තරකරුවන් විසිනි. මේ අනුව පෙත්සම්කාරිය කියා සිටින්නේ තමාගේ 12(1) වගන්තියෙන් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සහතික කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවය.

වගයුත්තරකරුවන් ඉදිරිපත් කල කරුණු මෙහිදී ප්‍රතික්ෂේප විය. ශේෂ්ට්‍රදිකරණය කියා සිටියේ කොලබ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ කමිටුව සහ එහි මණ්ඩලය විසින් පෙත්සම්කාරියගේ 12(1) වගන්තියෙන් සහතික කල මුලික අයිතිවාසිකම් කඩ කල බවයි. ඒ අනුව මෙම තීන්දුව ලබා දී මාස 2 ක් ඇතුලත පෙත්සම්කාරියට කථිකාචාර්ය තනතුර ලබා දිය යුතුයි ශේෂ්ට්‍රදිකරණය විසින් නියෝග කරන ලදී. ඒ ජනමාද්‍ය ඒකකයේ පරිවාස කාලයට යටත් කතිකාචාරිනියක් ලෙසය. අදිකරණයේ රෙජිස්ටර්ට නියෝග කලේ මෙම තීන්දුවේ පිටපතක් සියලු වගයුත්තරකරුවන් වෙත යැවිය යුතු බවටය.

නඩු තීන්දුව ශේෂ්ට්‍රදිකරන විනිසුරු සිසිර ද අබ්රූ ලියු අතර එයට ඉවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_236_2011.pdf

 

 

Advertisements