prisonවත්මන් ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්දන පාතාලය මුලිනුපුටා දැමිය යුතු බවට සදහනක් කරයි. මේ සදහා කල යුත්තේ නිතිය හා පිළිවෙල ක්‍රියාත්මක කිරීමය. තවද පාතාලයට වත්මන් දේශපාලනය සමග ඇති සබදතා මුලිනුපුටා දැමිය යුතුය. එසේ නැතිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම විසදුම නොවේ. පහත උදාහරණ මගින් පාතාලය හා දේශපාලනය අතර ඇති සබදතා හෙළිදරවු වේ.

ගෝනවල සුනිල් ලංකාවේ පාතාලයේ මුල් කාලින පාතාල නායකයෙකි. ඔහුට ඒ කාලයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමග සබදතා පැවතිනි. 1970 – 1980 කාල පරිච්චේදය තුල ඔහු ක්‍රියාත්මක විය. 1983 වැලිකඩ බන්දනාගාර කැරැල්ලේදී සිරකරුවන් 53ක් මරා දැමීමට සහ 1982, 14 හැවිරිදි දැරියක් දුෂණය කිරීමට ඔහු සම්බන්ද වුනි. 1982 ජනාදිපතිවරනයට පෙර ඔහුව ජනාදිපති සමාවකින් ජනාදිපති ජේ ආර් ජයවර්දන විසින් නිදහස් කරනු ලැබිණි. ඒ වරදකරු වී බන්දනාගරගතව සිටියදීය. පසුව ඔහුව සාමදාන විනිසුරුවරයකු බවට පත් කෙරිණි. එකල ජේ ආර් ආණ්ඩුවේ අද්යාපන ඇමති වූ වර්තමාන අගමැති රනිල් වික්රමසින්හගේ පුද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවේය. 1987 ගාතකයින් දෙදෙනෙකු විසින් සුනිල්ව ගාතනය කරන ලදී.

බැද්දගානේ සංජිව (1994-2001) හිටපු ජනාදිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමයේ ජනාදිපති ආරක්ෂක අංශයේ සේවය කළේය. ඔහු ඇය බස්නාහිර පළාතේ මහා අමතිනිව සිටියදී අගේ පුද්ගලික ආරක්ෂකයෙකු විය. සටන කතෘ රෝහණ කුමාර ගාතනයට, රූකාන්ත චන්ද්‍රලෙකට පහරදීමට, කුමාර් පොන්නම්බලම් ගාතනයට, අනෝජා වීරසිංහගේ නිවසට ගිනි තැබීමට 1998 සන්දේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගට පහරදීමට ඔහු වගකිවයුතු විය. 2001 නොවැම්බර් 02 දින දම්මික අමරසිංහ නායකත්වය දුන් කල්ලියක් විසින් ඔහුව මරා දැමිණි. ඒ හිටපු ආරක්ෂක ඇමති ජෙනරාල් අනුරුද්ද රත්වත්තගේ නියෝගය පරිදිය.

සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ජාත්‍යන්තර මත්ද්රවිය ගනුදෙනුකරුවෙකි. මේ වන විට ඔහුව යුක්තියට පමුණුවා ඇත. ඔහුව පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන 2015 පෙබරවාරි 17 ලංකාවට ගෙනෙනු ලැබිණි. ඔහු මත්ද්රවිය ජාවාරමෙන් රුපියල් මිලියන 170 ක් ඉපයූ බවට චෝදනා කෙරේ.

පාතාලය මැඩලීමට නම් පළමුව ඒ සබැදි දේශපාලන සබදතාවය මැඩලිය යුතුය.

Advertisements