ජනතා අදිකරණය (73);- කොයිටෙක්ස්ලගේ (පිය /පුතු ) වන්දිය ලක්ෂ 04 යි නඩුව.

download

මේ අංක 158/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරුවන් රොෂාන් කොයිටෙක්ස් සහ මුතුවහන්නදී හරිසන්ය. වගයුත්තරකරුවන් හික්කඩුව පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නීතිපතිවරයාය. තීන්දුව දුන්නේ 2016.02.17 වැනිදාය.

මෙය අගවිනිසුරු කේ ශ්‍රීපවන් විනිසුරු සිසිර ද ආබ්රු සහ විනිසුරු ප්‍රියන්ත ජයවර්දන යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සරිටාද ෆොන්සේකා පළමු හා දෙවන වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඩි අකුරේගොඩ 3 , 5, සහ 6 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ මාදව තෙන්නකෝන් සහ 4 වන වගයුත්තරකරු වෙනුවෙන් නීතිඥ චුලා බණ්ඩාර ද යන අය පෙනී සිටියහ.

පෙත්සම්කරුවන් ඔවුන්ගේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 11 වන වගන්තිය හා 12(1) , 13(1) වගන්තින් වල එන මුලික අයිතිවාසිකම් කඩ වූ බව ප්‍රකාශ කළහ. පළමු පෙත්සම්කරු දිවර කර්මාන්තයේ නිරත වූ අතර 4 වන වගයුත්තරකරු සමග වසර 6 ක් එකට වාසය කළේය. 4 වන වගයුත්තරකරු පොලිස් නිලදාරියකු වූ පළමු වගයුත්තරකරු සමග සබදතාවක් පටන් ගත්තේය. පෙත්සම්කරු ජිවත් වුයේ සුනාමි ආදර යටතේ ලැබුණු නිවසකය. ඔවුන්ගේ නිවස 2004 සුනාමියට විනාශ විය.

දිනය 2008.04.02 වැනිදාය. 4 වන වගයුත්තරකරු නිවසේ බඩු ට්‍රැක්ටරයක පටවනු දැන ගැනීමෙන් එතනට පළමු පෙත්සම්කරු පැමිණියේය. එවිට ඔහු එතන පළමු සහ දෙවන වගයුත්තරකරුවන් සිටිනු දුටුවේය. ඔවුහු පළමු පෙත්සම්කරුට පහර කීපයක් එල්ල කළහ. ඒ අවස්ථාවේ පළමු පෙත්සම්කරු සිය පියාගේ එනම් දෙවන පෙත්සම්කරුගේ නිවසට දුව ගියේය. දෙවන පෙත්සම්කරු සහ අසල්වැසියන් ඉදිරිපිටදී ඔවුන් යලිත් වරක් පළමු පෙත්සම්කරුට පහර දුන්හ. දෙවන පෙත්සම්කරු පහර දීමට හේතුව පළමු වගයුත්තරකරුගෙන් විමසා සිටියේය. එවිට ඔහු දෙවන පෙත්සම්කරුටද පහර දුන්නේය. පසුව පෙත්සම්කරුවන්ව හික්කඩුව පොලිසියට ඇද ගෙන ගොස් කුඩු කළහ. හික්කඩුව පොලිසිය ආසන්නයේ ඔවුන්ගේ නිවස පිහිටා තිබුණි. 2 වන වගයුත්තරකරු පළමු පෙත්සම්කරුව කුඩුවෙන් එලියට ගෙන ඔහුගේ හිස පොලවේ හැප්පු අතර මෙම පහරදීම නිසා ඔහු බිම ඇද වැටුණි. පසුව බිම වැටුණු ඔහුගේ ඇග උඩ නැග්ග දෙවන වගයුත්තරකරු ඔහුට අතින් සහ පයින් පහර දෙන ලදී. මෙම පළමු හා දෙවන වගයුත්තරකරුවන් දෙවන පෙත්සම්කරුගේ ආයාචනයද නොතකා පළමු පෙත්සම්කරුට මිනිත්තු 15 ක පමණ කාලයක් පහර දුන්හ. ඔවුන් දෙදෙනාව ආරච්චි කන්ද රෝහලටද 4 වන වගයුත්තරකරුගේ නිවසටද රැගෙන ගිය අතර එම නිවසේදී පළමු පෙත්සම්කරුගේ මුහුනට කම්මුල් පහර එල්ල කරනු ලැබිණි.

පළමු පෙත්සම්කරුට ගංජා කුරක් දමමින් බොරු නඩුවක් දැමු අතර පෙත්සම්කරු එයට වරදකරු බව පිළිගත්තේ නැත. පසුව ඔහු මෙම බොරු නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබිණි. දෙවන පෙත්සම්කරුට ද බීමතින් සිටි බවට අශෝබන හැසිරීමට වියාජ නඩුවක් පවරනු ලැබිණි. පසුව ඔහුවද එයින් නිදොස් කොට නිදහස් කරනු ලැබිණි. පළමු පෙත්සම්කරු කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර අදිකරණ වයිද්යවරයාද පරික්ෂා කර ඇත.

වගයුත්තරකරුවන්ට යහපත් චරිතය පවතී බවට දිවුරුම් ප්‍රකාශද ප්‍රදේශයේ ප්‍රබුන් ඉදිරිපත් කර තිබිණි. ඒ සියල්ල ප්‍රතික්ෂේප වී පෙත්සම්කරුවන් නඩුව ජයග්‍රහණය කල අතර පළමු සහ දෙවන වගයුත්තරකරුවන්ට පමණක් රජය සමගින් රුපියල් ලක්ෂ 04 ක වන්දියක් පෙත්සම්කරුවන්ට ගෙවීමට නියම විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_158_2008.pdf

One thought on “ජනතා අදිකරණය (73);- කොයිටෙක්ස්ලගේ (පිය /පුතු ) වන්දිය ලක්ෂ 04 යි නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )