ජනතා අධිකරණය (72) ;- ජේ වී පි බැනර් නඩුව.

download

මේ අංක 768/2009 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. තීන්දුව ලබා දුන්නේ 2015.11.05 වැනිදාය. පෙත්සම්කරුවන් දෙදෙනෙකි. එනම් සිසිර කුමාර වාහලතන්ත්රි සහ ඩැනිස්ටර් ගුණසේකර යන අය වේ. වගඋත්තරකරුවන් වුයේ තංගල්ල පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිය. මෙය විනිසුරු වනසුන්දර විනිසුරු ජයවර්දන සහ විනිසුරු ගුණරත්න යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ සහ නීතිඥ පුලස්ති හෙවාමාන්නද වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජෙෂ්ට නීතිඥ වරුනිකා හෙට්ටිගේ යන අය පෙනී සිටියහ.

පෙත්සම්කරුවන් පිළිගත් දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ය. ඔවුන් කියා සිටියේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ වගන්තින් වන 12(1) 12(2) සහ 14(1) (අ) මගින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් තමන් සම්බන්දයෙන් උල්ලංගණය වූ බවය.

2009.08.03 දකුණු පළාත් සබාව විසුරුවා හැර මැතිවරණ කොමසාරිස් එයට නාම යෝජනා කැදවනු ලැබිණි. 2009.09.18 දින එක්සත් ජනතා නිදහස් සන්දානය පෙත්සම්කරුවන්ගේ කාර්යාලයට ගිනි තැබුහ. මේ පිලිබදව පෙත්සම්කරුවන් තංගල්ල පොලිසියට පැමිණිලි කලමුත් පොලිසිය නිසි විමර්ශනයක් කලේ නැත. ඔවුන් කියා සිටින්නේ පොලිසිය දේශපාලන බලපෑමට නතුවූ බවය. ඉන්පසුව දෙවන පෙත්සම්කරුව තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුට අත්අඩංගුවට ගැනීමේ හේතුව සදහන් කලේ නැත. දෙවන පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් ප්‍රදර්ශනය කල පසුව ගිනි තැබූ බැනර් එකක් ගැන ප්‍රශ්න කෙරිණි. ඔහු පිළිගත්තේ තමන් එය රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාකාරකම් වලට එරෙහිව ප්‍රදර්ශනය කල බවය. එවිට පොලිස් නිලදාරීන් කියා සිටියේ පෙත්සම්කරුවන්ට එලෙස රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කල නොහැකි බවය.

මෙහිදී ජනගොෂා නඩුව සහ ජෝශප් පෙරේරා එරෙහිව නීතිපති නඩුව අදාල කර ගැනිණි. ආණ්ඩුවට සහය පළකිරීම විවේචනය කිරීම එනම් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පිළිවෙලකි යන්න ජනගොශා නඩුවේ සදහන් කෙරිණි. ජෝශප් පෙරේරා නඩුවේ කියවුනේ බෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බැනර් පෝස්ටර් මගින් තමන්ගේ අදහස් පල කිරීමද ඇතුලත් වන බවය.

නඩු තීන්දුව ලබා දුන්නේ ශේෂ්ට්‍රදිකරන විනිසුරු ගුණරත්න වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගත්වය පලවිය. පෙත්සම්කරුවෝ නඩුව ජයග්‍රහණය කළහ. දෙවන පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් උල්ලංගණය කිරීමට රජය වගකිව යුතු විය. ඒ අනුව දෙවන පෙත්සම්කරුට පොලිස්පතිවරයා විසින් රුපියල් 20,000 ක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කෙරිණි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_768_2009.pdf

One thought on “ජනතා අධිකරණය (72) ;- ජේ වී පි බැනර් නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )