ජනතා අධිකරණය (71) ;-මීරිගම පොලිසියේ වධහිංසා නඩුව.

is

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 1006/2009 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු හපුගොඞගේ ජගත් පෙරේරාය. වගඋත්තරකරුවන් වුයේ මීරිගම පොලිසියේ පොලිස් නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. මේ නඩුව අගවිනිසුරු කේ ශ්‍රීපවන් විනිසුරු ඉවා වනසුන්දර සහ විනිසුරු සිසිර ද අබ්රු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. තීන්දුව ලබා දුන්නේ විනිසුරු සිසිර ද අබ්රු වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ පි කේ ප්‍රින්ස් පෙරේරා සමග නීතිඥ අසංක දිසානායකද පළමු දෙවන සහ තුන්වන වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ කේ ජි ජිනසේන සහ නීතිඥ කේ අනුරන්ගිද 4 වන සහ 5 වන වගයුත්තරකරුවන් වෙනුවන් රජයේ ජෙෂ්ට නීතිඥ යොහාන් අබේවික්‍රම යන අයද පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2015.12.15 වැනිදාය.

2009.11.17 දින පෙත්සම්කරු මීරිගම පොලිසියට ගියේ සිය සේවකයකුගේ ප්‍රශ්නයක් සම්බන්දයෙනි. එහිදී දෙවන වගයුත්තරකරු පෙත්සම්කරුව පොලිස් ගොඩනැගිල්ල ඇතුලට කැදවා ගෙන ගොස් පහර දෙනු ලැබිණි. එහිදී ඔහුගේ දතක් කඩුනි. දත බිම වැටුණි. ඔහුව පොලිස් කුඩුවට දමා පසුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කෙරිණි. මෙම පහරදීම ගෙන පෙත්සම්කරු විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කරන ලදී. ඔහුට බන්දනාගාර රෝහලින් බෙහෙත් ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 2009ත්.11.26 දින ඇප ලැබිණි. ඔහු රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තේය. 2009.12.02 දින ඔහුව රෝහලින් මුදා හැරිණි. පෙත්සම්කරුට පහරදීම ඔහුගේ සහෝදර සේවකයාගේ දිවුරුම් ප්‍රකාශයකින්ද සනාථ කෙරිණි.

පොලිසියේ වගඋත්තරකරුවන් කිවේ පෙත්සම්කරු කලහකාරී රණ්ඩු කරන හැසිරීම නිසා ඔවුන් අවම බලය යෙදවූ බවත් එවිට ඔහු බිම වැටී දතක් කැඩුණු බවත්ය. තවත් තර්කයක් වුයේ පෙත්සම්කරු මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම මසක තුල ඉදිරිපත් නොකළ බවය. මේ සියල්ල ප්‍රතික්ෂේප කෙරිණි. එනම් අවම බලය ගැන බි වාර්තාවේ සදහන් නොවිණි. දත කඩිමද සදහන් නොවිණි. පොලිස් නිලදාරීන් ගණනාවක් සිටින තැනක මෙවැනි අවම බලයක් යෙදීම අවශ්‍යද යන්න ප්‍රශ්න ගත කෙරිණි.

තීන්දුව දෙන අවස්ථාවේ දෙවන වගඋත්තරකරු මිය ගොසිනි. එමනිසා රජයට පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට නියම විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_1006_2009.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )