ජනතා අධිකරණය (70) ;- ඩිල්ෂාන්ගේ (බාලවයස්කරු) නඩුව.

thediplomat_2015-10-24_20-04-31-386x257

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාගවූ අංක 578/2011 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. 15 හැවිරිදි දිල්ෂාන් තිලකරත්න පළමු පෙත්සම්කරු වන අතර ඔහුගේ සහය මිත්‍රයා වන මව එච් එම් වයි කුමාරිහාමි දෙවන පෙත්සම්කරු වේ. ඔවුන් නො 31 උරුලේවත්ත යටවත්ත මාතලේ පදිංචිකරුවන් විය. වගඋත්තරකරුවන් ලෙස යටවත්ත පොලිසියේ නිලදාරීන් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණි.

එය විනිසුරු එස් ඉ වනසුන්දර විනිසුරු අබේරත්න සහ විනිසුරු අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීති අදාර කොමිසම වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්නද පළමු සිට හතරවන වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ සදමාල් රාජපක්ෂද නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අයි පුංචිහේවා යන අය පෙනී සිටියහ. තීරණය ලබා දුන්නේ 2016.01.14 වැනිදාය.

පෙත්සම්කරුවන් විසින් නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම, රදවා ගැනීම, වධහිංසා පැමිණවීම පිලිබදව පැමිණිලි කරන ලදී. පළමු පෙත්සම්කරු 2011.06.25 දින සිය නිවසේ තවත් ළමුන් දෙදෙනෙකු සමග සෙල්ලම් කළේය. එම යහළුවන් දෙදෙනා සහන් සහ චතුර පෙත්සම්කරුගේ නිවසට කැල්කුලේටරයක් කැඩුණු සි ඩි එම් අයි දුරකතනයක් ටෝච් එකක් පොල් ගෙඩි සහ සෙල්ලම් බඩු ගෙන ආහ.

2011.06.30 දින පෙත්සම්කරුගේ නිවසට යටවත්ත පොලිසියේ නිලදාරීන් සයක් පැමිණියහ. දෙවන පෙත්සම්කරුගේ විරෝදය නොතකා ඔවුන් පළමු පෙත්සම්කරුව පොලිසියට ගෙන ගියහ. ඔහුට පහරදුන් අතර පොලිස් කුඩුවට දමා තිබිණි. පළමු දින කිහිපය තුල ආහාර හෝ බිමට ජලය ඔහුට දුන්නේ නැත. පොලිසිය පෙත්සම්කරු සමග ගොස් සොරබඩු සොයා ගත්හ. ( සි ඩි එම් ඒ දුරකථනය කල්කුලේටරය සිම් ) පොලිසිය ඔහුට තර්ජනය කලේ පහරදුන් බව හෙළිකළහොත් මරා දමන බවටය.

මෙම සොරකම පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පොලිසිය පළමු පෙත්සම්කරුට වැඩි දුරටත් තර්ජනය කරමින් අපහාස කරමින් පහර දුන්හ. මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම සමග වයිද්ය වාර්තා ගොනු කර තිබිණි. පළමු පෙත්සම්කරු පශ්තාත් ක්ලමත අතතති තත්වයෙන් පෙලෙන බව වයිද්ය වාර්තා වලින් තහවරු විය. (PTSD) දෙවන පෙත්සම්කරුවූ ඩිල්ෂාන්ගේ මවද සිද්දිය නිසා මානසික කම්පන තත්වයට පත්විය.

පළමු පෙත්සම්කරුට පොලිස්පති විසින් රුපියල් 50,000 ක් ගෙවිය යුතු විය. තවද පොලිස්පතිට නියෝග කෙරුනේ 1 සිට 4 වන වගඋත්තරකරුවන් සම්බන්දයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවය. ගුණරත්න විනිසුරු තීන්දුව ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/sc_fr_578_2011.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )