ජනතා අධිකරණය (69) ;-සරත් ද ආබ්රූ (ශේෂ්ට්‍රදිකරන විනිසුරු ) නඩුව.

MG_0812

පෙත්සම්කරුගේ පිළියම මෙම අදිකරණයට නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම ප්‍රශ්න කිරීම හෝ විමසා බැලීම නොවේ. නමුත් නීතිපතිවරයා අසද්බවයෙන් හෝ යටි අරමුණක් ඇතිව හෝ ඔහුගේ බලතල ඉක්මවා කටයුතු කර ඇත්නම් තත්වය වෙනස් වේ. මෙම නඩුව විබාගයේදී නීතිපතිවරයා එසේ ක්‍රියා නොකළ බව තහවුරු වී ඇත. නඩුව ප්‍රතික්ෂේප කෙරේ. මුලික අයිතිවාසිකම් නඩුවේ අංකය 424/2015 වේ.

මෙම මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ලබා දුන්නේ 2016.01.11 වැනිදාය. අගවිනිසුරු කේ ශ්‍රීපවන් විනිසුරු පි ජයවර්දන සහ විනිසුරු යු අබේරත්න යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරු සරත් ද ආබ්රුය. වගයුත්තරකරුවන් ලෙස ගල්කිස්ස පොලිසිය අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලදාරීන් සහ නීතිපතිවරයා නම්කර තිබිණි. ජයවර්දන විනිසුරු තීන්දුව ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමිවිය.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ මනෝහරද සිල්වා ජනාදිපති නීතිඥ උදිත ඉහලහේවා , ගුනවර්දන, දයා ගුරුගේ, ලක්ෂ්මන් අමරසිංහ, ඩේවිඩ් වීරරත්න, රංග දයානන්ද සහ අරන්ද විජේසුරේන්ද්‍ර යන නීතිඥවරු පෙනී සිටියහ. වගයුත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ වයි කෝදාගොඩ සහකාර සොලිසිටර් ජෙනරාල් යුරේෂද සිල්වා සහ රජයේ ජෙෂ්ට නීතිඥ ජානක බණ්ඩාර යන අය පෙනී සිටියහ. අගතියට පත් පාර්ශවය (පැමිණිලිකාරිය) වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ සමග නීතිඥ පුලස්ති හෙවාමාන්න යන දේපල පෙනී සිටියහ.

පෙත්සම්කරු 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 (1) 13(3) සහ 13(5) වගන්තින් වල එන මුලික අයිතිවාසිකම් තමා සම්බන්දයෙන් උල්ලංගණය වූ බව කියා සිටි. ඒ තමා සම්බන්දයෙන් ගල්කිස්ස පොලිසිය සහ නීතිපතිවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය යටතේ ගල්කිස්ස මෙහෙස්ත්රත් උසාවියේ නඩු පැවරීම හා කොළබ මහා අදිකරණයේ අදිචෝදනා ඉදිරිපත් කිරීම නිසාය.

පෙත්සම්කරු පැමිණිලිකර මෙහෙකාරිය සොයා ගත්තේ සිළුමිණ පත්‍රයේ දැන්වීමක් පල කිරීමෙන් පසුවය. ඒ ඔහුගේ මානසික අබදයකින් පෙලෙන දරුවා සහ අසනීප බිරිද බලා ගැනීමටය. පැමිණිලිකාරිය පෙත්සම්කරුගේ ළමයාට පහරදී ඇති අතර පෙත්සම්කරු නිහඩව ප්‍රතිචාර දැක්විය. නමුත් දිනක් ඔහු ඇයට පිස්තෝලයෙන් පහරදී ඇති නමුත් ලිංගික අතවර සිදුකර නොමැත. මේ තත්වය හමුවේ පැමිණිලිකාරිය පෙත්සම්කරුගේ නිවසින් පලා යන්නීය. ඇය පොලිසියටද පැමිණිලි කර රෝහල්ගතව ඇත.

ශේෂ්ට්‍රදිකරණය කිවේ පෙත්සම්කරු නීතියේ අදිපත්යට අනුව මිස අබිමත නීතියකට අනුව කටයුතු නොකළ යුතු බවයි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.supremecourt.lk/images/documents/scfr_application_424_2015.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )