Capture

මානව හිමිකම් යනු මිනිසුන් මිනිසුන් වීම නිසාම හිමිවන අයිතිවාසිකම් වේ. එයින් අපේ රටේ උත්තරීතර නිතිය එනම් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවට ඇතුලත් කර ඇති මානව හිමිකම් අපි මුලික අයිතිවාසිකම් ලෙස හදුන්වමු. මුලික අයිතිවාසිකම් කඩවුවිට සහන පතා ලංකාවේ ඉහලම අදිකරණය වන ශේෂ්ට්‍රදිකරණයට යා හැක. ඊට අමතරව මුදල් සහ කාලය වැය නොවන ආයතනයක් වන මානව හිමිකම් කොමිසමට යා හැක.

මානව හිමිකම් කොමිසමට බලතල රැසක් තිබේ. එයට හිමිකම් කඩකළ අයට විරුද්දව නියෝග දියහැකි අතරම ආණ්ඩුවට නිර්දේශ නිකුත් කිරීමේ බලයද ඇත. රාජපක්ෂ පාලන සමයේ හදුන්වා දුන් 18 වන සංශෝදනය යටතේ මෙම ආයතනයේ සුවදිනතාවය කෙලසිනි. නමුත් දැන් ඇත්තේ යහපාලනයයි. 19 වන සංශෝදනය හදුන්වා දීමත් සමග මෙම ආයතනයේ සුවාදිනතාවය යලි ස්ථාපිත කර ඇත.

එය මිට දින කිහිපයකට පෙර රජයට ඉතා හොද නිර්දේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. ඒ මරණ දඩුවම අහෝසි කරන ලෙසයි. මෙය ජනතාව තුල නව අපේක්ෂා ඇති කිරීමට හේතු වේ. අපේ සුබ පැතුම්.

Advertisements