ජනතා අදිකරණය (68) ;-දොඩන්ගොඩ සමුර්දි නියාමක නඩුව.

z_p30-Anil

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 118/97 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. එනම් දේශප්‍රිය එරෙහිව රුක්මනී ප්‍රාදේශීය ලේකම් දොඩන්ගොඩ සහ තවත් අය විය. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 (1) සහ 12(12) වගන්තින් වල සහතික කර ඇති මුලික අයිතිවාසිකම් සාකච්චාවට බදුන් වුනි. ප්‍රනාන්දු විනිසුරු වදුගොදපිටිය විනිසුරු සහ ගුණසේකර විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. තීන්දුව ලීවේ ප්‍රනාන්දු විනිසුරුය. එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි වුනි.

දෙවන වගයුත්තරකරු ක්‍රියා කලේ සමුර්දි ඇමතිවරයාගේ නියෝගය පරිදි බව සදහන් වුනි. නමුත් ඔහුට හෝ ඇයට නීතිවිරෝදී නියෝග ක්‍රියාත්මක නොකර සිටීමට වගකීමක් තිබේ යන්න තීරණය විය.

මේ කාලයේ නියෝජ්‍ය කතානායක වුයේ අනිල් මුනසින්හය. ඔහුගේ රැස්වීමකට සහබාගි වන ලෙස සමුර්දි නියාමකයින්ගෙන් ඉල්ලීමක් කෙරිණි. මෙය දේශපාලන රැස්වීමකි.

මෙම රැස්වීමට දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු සමුර්දි නියාමකයින් සහබාගි වුහ. රැස්වීම කැදවා තිබුනේ 1997.03.21 දොඩන්ගොඩ ප්‍රාදේශීය සබා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්දානයේ නිලදාරින්ට සහයෝගය පල කිරීම උදෙසාය.

පෙත්සම්කරු රැස්වීමට සහබාගි වෙමින් තවත් සමුර්දි නියාමකයින් 300ක් ඉදිරිපිට කියා සිටියේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ චන්ද අපේක්ෂකයින්ට සහයෝගය පල නොකරන බවය. තවද ඔහු කියා සිටියේ තමන් සහය පල කරන්නේ තමන් කැමති අපේක්ෂකයින්ට පමණක් බවය. ඔහු අනික් අයව පෙලබවිම සදහාද උත්සාහයක් ගනු ලැබිණි. මේ පසුබිම තුල ඔහුගේ රැකියාව තහනම් කෙරිණි.

තෙවන වගයුත්තරකරු කියා සිටියේ පෙත්සම්කරු ජනතා විමුක්ති පෙරමුණට සහය පල කරන බවය. තවද මෙහිදී සදහන් වුයේ මේ පිලිබදව කඩිනම් පියවරක් නොගතහොත් එය අනෙක් අයටද උදාහරණයක් වන බවයි. එයින් වන හානියද බලවත්ය. ඔහු ඉල්ලා සිටියේ පෙත්සම්කරු සම්බන්දයෙන් විනය ක්‍රියා මාර්ගයක් ගත යුතු බවය.

සමුර්දි වැඩසටහන ආණ්ඩුවේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීම පිළිබද වැඩසටහනකි. එය අපක්ෂපාතිව ක්‍රියාත්මක විය යුතු අතරම එහි නිලදාරීන් දේශපාලන බලපෑමෙන් තොරව වගකීම් ඉටු කල යුතුව ඇත.

පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. ඔහුට වන්දි ලෙස රුපියල් 75000ක් ලැබිණි. නඩු ගාස්තු ලෙස රුපියල් 500ක් හිමි විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.janasansadaya.org/uploads/files/SC,FR%20%20DESHAPRIYA.pdf

One thought on “ජනතා අදිකරණය (68) ;-දොඩන්ගොඩ සමුර්දි නියාමක නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )