ජනතා අදිකරණය (67) ;-මැගසින් සිට නඩු කි LTTE සැකකරුගේ නඩුව.

prison

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 326/2008 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කරු එඩ්වඩ් සිවලින්ගම්ය. අංක 176 අනයි විලිදාන් කිලිනොච්චි යනු ඔහුගේ ලිපිනයයි. ඔහු නඩුව පවරන අවස්ථාවේ කොළබ 08 නව මැගසින් රක්ෂිත බන්දනාගාරයේ එච් වාට්ටුවේ සිටියේය. වග උත්තරකරුවන් වුයේ අපරාද විමර්ශන ඒකකයේ පොලිස් නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය.

මෙම නඩුව විනිසුරු ශිරාණි තිලකවර්දන සලීම් මස්රුෆ් සහ එස් අයි ඉමාම් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ එම් ඒ සුමන්තිරන් සහ නීතිඥ ශාමෙන් ගුණරත්නද පළමු වගයුත්තරකරු වෙනුවෙන් ඩි එල් සහ එෆ් ඩි සාරම් උපදෙස් මත නීතිඥ එස් එල් ගුණසේකර සමග නීතිඥ සුරේන්ද සිල්වා 2 සිට 4 වන වගයුත්තරකරුවන් වෙනුවෙන් ජෙෂ්ට රජයේ නීතිඥ රියාස් හම්සාද පෙනී සිටියහ.

මුලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබුන නමුත් නඩුව නිශ්ප්‍රබා විය. ඒ ගාස්තු නොමැතිවය. නඩු තීන්දුව විනිසුරු ශිරාණි තිලකවර්දන ලියු අතර එයට විනිසුරු සලීම් මස්රුෆ් සහ විනිසුරු එස් අයි ඉමාම්ගේ එකගතාවය හිමිවුණි. නඩුව පැවරුවේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 12 (1) 13(1) සහ 13(2) වගන්තින් උල්ලංගණය කල බව පවසමිනි.

පෙත්සම්කරුව වයස අවුරුදු 13 දි බලෙන් LTTE යට බදවා ගනු ලැබිණි. පසුව ඔහුගේ දෙමාපියන් මැදිහත්ව ඔහුව නිදහස් කර ගත්හ.

පෙත්සම්කරුව 2006 අගෝස්තු මස වුවුනියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී. අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවේදී ඔහුට බරපතල ලෙස පොලු වලින් පහර දෙනු ලැබිණි. පෙත්සම්කරු කියන්නේ ඔහු ආයුර්වේද සහ ජාතික රෝහලින් ප්‍රතිකාර ගත් බවය. නමුත් මේ වා ඔප්පු කිරීමට කිසිදු විද්‍යා සාක්ෂියක් නොවිණි. අදිකරණ විද්‍යා වාර්තා වල පහර දුන් බවට සාක්ෂි තිබුනේද නැත. ශේෂ්ට්‍රදිකරණයේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සාදාරන සැකයෙන් තොරව නොව සක්ෂි සමබරතාව මත ඔප්පු විය යුතුය.

පළමු වගයුත්තරකරු අදිකරණයට කියා සිටියේ පෙත්සම්කරරු LTTE සාමාජිකයකු බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව LTTE හැදුනුම්පතක් තිබු බවත්ය. ජාත්‍යන්තර රතු කුරුස සංවිදානය ඔහුව රදවා සිටියදී බැලුව මුත් එහි කිසිවක ඔහුට පහරදුන් බවට සාක්ෂි නොවිණි. ඒ අනුව පෙත්සම්කරු සම්බන්දයෙන් 11 වන වගන්තිය උල්ලංගණය නොවූ බව සදහන් විය.

අවසානයේ ශේෂ්ට්‍රදිකරණයට ඉදිරිපත් කල ආයාචනා දිවුරුම් ප්‍රකාශ මගින් අපරාද අදිකරණය බැදෙන්නේ නැති බවද තීරණය කෙරිණි. ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩ වී නැත.

සම්පුර්ණ නඩු තීන්දුව කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

 

 

 

http://www.supremecourt.lk/images/documents/SCFR326.2008on10.11.2010.pdf

http://www.supremecourt.lk/images/documents/SCFR326.2008on10.11.2010.pdf

http://www.supremecourt.lk/images/documents/SCFR326.2008on10.11.2010.pdf

http://www.supremecourt.lk/images/documents/SCFR326.2008on10.11.2010.pdf

One thought on “ජනතා අදිකරණය (67) ;-මැගසින් සිට නඩු කි LTTE සැකකරුගේ නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )