unnamed

හර්ෂි ;- කොහොමද සිසිර යහපාලනය ? හිතපු තරම් හොද නැහැ නේද?

ත්‍රීවිලර් රියදුරු ;- වැඩක් නැහැ ඉස්කෝලේ ළමයින්ට රෙදි කැල්ලවත් හරියට දෙන්න දන්නේ නැහැ

හර්ෂි;- ඉස්සරහට මොනවා වෙයිද?

ත්‍රීවිලර් රියදුරු;- මේගොල්ලෝ ප්‍රදේශීය සබා චන්දෙ පරදිනවා . අරගොල්ලෝ ඊට පස්සේ තවත් දරුණු වෙනවා.

අකිල සුදු රෙදි හොරා වෙයි. රවී දිගට ගියොත් ආණ්ඩුවත් ඉවර කරනු ඇත. හිරුනිකා මර්වින් සිල්වාගේ බුමිකාව රගපෑමට ගොස් ඇන ගෙන තිබේ. සියල්ල එසේ සිදු වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදය ජනාදිපති තුමා කියූ ආකාරයට දොරේ ගලයි. ඒ නිසා හිරුනිකාගෙන් ඉතා දැඩි ලෙස ප්‍රශ්න කිරීමට මද්යවේදීන්ට හැකියාව ලැබිණි. මෙය මහින්ද යුගයේ සිදුවිණි නම් මද්යවේදීන්ට රට හැරයාමට සිදුවනු ඇත. ඊළගට ඊයේ පෙරේදා අයිශ්චර්යේ දියණියට ගල් ගසා මරා දැමීමෙන් බේරා ගැනීමට මෙම යහපාලන ආණ්ඩුවට හැකි විනි. එය සුවිශාල ජයග්‍රහණයකි. ආණ්ඩුව වසර 04 ම අල්ලා සිටිනු ඇත. ඉතින් යහපාලනය ඔබට සුබ නත්තලක්.

 

 

Advertisements