z_p09bernad

මේ අංක 2/91 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. එය ශේෂ්ට්‍රදිකරණය ඉදිරියේ විබාග විය. එනම් බර්නාඩ් සොයිසා සහ තවත් දෙදෙනෙක් එරෙහිව නීතිපති සහ තවත් දෙදෙනක් නම් වේ. එය ප්‍රනාන්දු විනිසුරු කුලතුංග විනිසුරු සහ ගුනවර්දන විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ ෆයිස් මුස්තාපා නීතිඥ ජයම්පති වික්‍රමරත්න නීතිඥ එම් එස් එම් සුබයිඩ් නීතිඥ කුසල් සුබසිංහ නීතිඥ ගැස්ටන් සමග නීතිඥ රුමි මාරුක් යන අය පෙනී සිටියහ. වගයුත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් උපවංශ යාපා සහ රජයේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස යන අය පෙනී සිටියහ.

මුලික අයිතිවාසිකම් එනම් 14(1) ( අ) සහ 14(1) (ආ) වගන්තින් සාකච්චාවට බදුන් විය. එනම් දළදා මාලිගාවේ මහා මළුවේ සත්‍යග්‍රහයක් පැවැත්වීමට ඇති අයිතිය සාකච්චා වුනි. 1979 අංක 15 දරන අපරාධ නඩු විදාන සංග්‍රහයේ ප්‍රසිද්ද ස්ථානය යන්නත් පොලිස් අඥා පනතේ 56 චෙදයත් සාකච්චා වුනි.

ගාස්තු සහිතව මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි. දළදා මාලිගාවේ මහා මළුව ප්‍රසිද්ද ස්ථානයක් වුවත් එහි සත්‍යග්‍රහයක් පැවැත්වීමට දියවඩන නිලමේගෙන් අවසර ගතයුතු බව තීරණය විය.

නිදහස් සමාජයකට සිතීමේ නිදහසත් ඔබ සිතන ආකාරයට කතා කිරීමේ නිදහසත් තිබිය යුතුය. නමුත් එය පරම අයිතියක් නොවේ. එයට සීමාවන් උරුමව ඇත.

පළමු පෙත්සම්කරු ලංකා සමසමාජ පක්ෂයේ මහා ලේකම්වරයා විය. දෙවන පෙත්සම්කරු කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම්වරයාද තෙවන  පෙත්සම්කරු බහුජන නිදහස් පෙරමුණේ මහා ලේකම්වරයාද වූ අතර එම දේශපාලන පක්ෂ සියල්ල නිතිය මගින් පිළිගත් ඒවා විය.

1990.12.15 දින දළදා මාලිගාවට විරුද්ද දෙසින් පැවති මහා මළුවේදී ඔවුන් සත්‍යග්‍රහයක් පැවැත්විය. එයට මෙම දේශපාලන පක්ෂ වල 300 ක් පමණ පිරිසක් සහබාගි විය. පෙත්සම්කරුවන් කියා සිටියේ තම ඉල්ලුම් පත්‍රය මගින් මෙම සත්‍යග්‍රහය පොලිසිය විසින් නීතිවිරෝදී ලෙස විසුරුවා හරිය බවයි.

පෙත්සම්කරුවන් මහා මළුව ප්‍රසිද්ද ස්ථානයක් නිසා සත්‍යග්‍රහය පැවැත්වීමට අවසර නොගත් බව ප්‍රකාශ විය. නමුත් ශේෂ්ට්‍රදිකරණය තීරණය කලේ පෙත්සම්කරුවන්ට එවැනි අයිතියක් නොමැති බවය. එය සාමකාමී නොවිණි. පොලිසිය ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ නොකළ බවද තීරණය කෙරිණි.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1991SLR2V56.htm

 

 

 

 

 

 

 

Advertisements