DSC_0734 DSC_0736 DSC_0730 DSC_0737 DSC_0731

ඔහු මොහොමඩ් ඉස්මයිල් මොහොමඩ් ෆයීර් වයස අවුරුදු 60 යි අංක 61 පල්ලිය පාර කටුගොඩ ගාල්ල පදිංචිව සිටි. විවාහක දරුවන් 08 යි රැකියාව වෙළදාම.

මොහුට ඉස්සරහ ගෙදර මෙන්ම පස්සේ ගෙදර අයගෙනුත් හිරිහැරය.

ඉස්සරහා ගෙදර මිනිසුන් නිවසට යාමට ඇති පාරට බාදා පමුණුවයි. මේ ගැන ගාල්ල වරාය පොලිසියට පැමිණිලි කල විට පොලිසිය පක්ෂපාතිව කටයුතු කළේය. එනම් පොලිසිය ඉස්සරහා ගෙදර මිනිසුන්ට උපදෙස් දුන්නේ ෆයිර්ට සිය ගෙදරට යාමට නොහැකි ආකාරයට වැටක් ගසන ලෙසයි. එය සිදුවිය. එය ගලවුයේ පොලිසියේ ඉහල නිලදාරීන්ගේ අන පරිදිය. මෙනිසා ෆයීර් හා පවුලේ උදවිය බලවත් ලෙස අපහසුතාවයට පත් විය. තවම එහි එක කම්බියක් ඇද ඇත. (චායාරුප ඇත)

පස්සේ ගෙදර අය අනවසර ඉදිකිරීමක නිරතව ඇත. මෙනිසා ෆයිර්ගේ ගෙදරට වැසි ජලය ඇතුළු වේ. මේ පිළිබදවද ඔහු වගකිවයුත්තන්ට පැමිණිලි කලද වැඩක් වී නැත.

වරාය පොලිසිය කලේ නීතිවිරෝදී වැඩකි. ෆයිර්ට සාදාරනය ඉෂ්ට වියයුතුව ඇත.

DSC_0732 DSC_0733

Advertisements