DSC_0729

ඔහු ඩික්මන් ඉන්ද්‍රපාල කුරුනේරු. ලිපිනය 291/1 A සර්කියුලර් පාර මාගල්ල ගාල්ල. වයස 54 යි. අවිවාහක රැකියාව දිවර කර්මාන්තය. වරාය පොලිසිය ඉන්න දෙන්නේ නැහැ. මහාමාර්ගයේ මලු විකුණන කොට කුඩු බොන්න ආවා කියලා අල්ලලා කුඩු වලට නඩු දානවා. මේවා කරන්නේ සෝමපාල සාජන්ට්. මගේ පුද්ගලික සල්ලි එකපාරක් රුපියල් 6000 ක් අනෙක් පාර රුපියල් 2000ක් වරාය පොලිසිය ගත්තා.

ගාල්ල බන්දනාගාරයේ අච්චු හිටියා. කෑම බිම ගසා කනවා. වතුර වලටත් ගසා කෑම. තියන මිනිහට තියෙනවා නැති මිනිහට කිසිවක් නැහැ. බැරි මිනිහට ෆොන් අහුවුණාම නඩු දානවා. නිලදාරීන් ගහනවා. ඇතුලේ හෙරොයින් ගංජා තියෙනවා. ඔක්කොම ගේන්නේ නිලදාරීන්. වැසිකිලි පහසුකම් අන්තිමයි. වතුරවත් නැහැ. නිදා ගැනීම අමාරුයි. කාමරය 4 කට ප්‍රමාණවත් 08 ක් දානවා. පුස්තකාල පහසුකම් තියෙනවා.

වරාය පොලිසිය නිසා මාළු ටිකක් විකුණා ගන්න විදිහක් නැහැ. කුඩු විකුණන මුදලාලිලා අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් පගාව ගන්නවා.

Advertisements