post-86-1249300461

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 81/95 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. එනම් ප්‍රනාන්දු එරෙහිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විය. ප්‍රනාන්දු විනිසුරු දිරරත්න විනිසුරු සහ විජේතුංග විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග කෙරිණි. තීන්දුව ලීවේ ප්‍රනාන්දු විනිසුරුය. එයට දිරරත්න විනිසුරු සහ විජේතුංග විනිසුරුගේ එකගතාව හිමි විය.

1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 3 වන පරිච්චේදයේ එන 14 (1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගණය වූ බව තීරණය කෙරිණි. පළමු වගෞත්තරකරුට වන්දි ලෙස රුපියල් 15,000 ක් සහ ගාස්තු ලෙස රුපියල් 1500 ක් පෙත්සම්කරුට ගෙවීමට නියම විය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර සමග නීතිඥ ජේ සි වලිඅමුනද වගයුත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කේ සි කමලසබේසන් ජෙෂ්ට රජයේ නීතිඥ එස් ගම්ලත් සහ රජයේ නීතිඥ චානක ද සිල්වා යන අය පෙනී සිටියහ.

මෙහිදී 14 (1) (අ) වගන්තියේ සදහන් බෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සාකච්චා වුනි.

පෙත්සම්කරු විශ්‍රාමික ගුරුවරයෙකි. ලංකා ගුරු සංගමයේ හිටපු සංවිදායක ලේකම්ද විය. තවද නිදහස් හා සාදාරන මැතිවරණ වියාපාරයේ ජාතික සම්බන්දිකාරකද විය. එමගින් 1994 මහා මැතිවරණය සහ ජනාදිපතිවරණය නිරීක්ෂණය කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් විකාශනය කෙරුණු අවිදිමත් අද්යාපන වැඩසටහන හිටි අඩියේ නවතා දැමීම නිසා ඔහුගේ බාෂණයට හා ප්‍රකාශනයේ නිදහසට අයත් මුලික අයිතිවාසිකම් උල්ලංගණය වූ බව පැවසිනි. මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් 1994 ජුනි මස අද්යාපන සේවයේ වැඩසටහනක් ලෙස ආරම්බ කෙරිණි. එමගින් විවිද මාතෘකා යටතේ වැඩසටහන් ඉදිරිපත් කෙරිණි. එනම් මානව හිමිකම් ජාතිකත්වය සමාජ විද්‍යාව නීති විද්‍යා කරුණු කළා සංස්කෘත දේශපාලන එදිනෙදා සිද්දි පරිසරය එමගින් සමහරකි.

දිනය 1995.02.06 වෙලාව උදැසන 6.30 විය. පෙත්සම්කරු කම්කරු ප්‍රජාව වැඩසටහනට සවන් දෙමින් සිටියේය. එය ගුවන් විදුලියේ අද්යාපන සේවය මගින් විකාශනය කෙරිණි. එහිදී අමාත්‍ය සි වී ගුණරත්න මහතාගේ සම්මුක සාකච්චාවක් විකාශනය විය. හදිසියේම වැඩසටහන නතර කර ගීත ප්‍රචාරය කෙරිණි.

බාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යන්නට පුරවැසියාට කතා කිරීමට ලිවීමට ඇති නිදහස පමණක් නොව මහා ජනතාවට ඇසීමට සහ කියවීමට ඇති නිදහසද ඇතුලත් වේ.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1996SLR1V157.htm

Advertisements