DSC_0709

ඔහු රණසිංහ විපුල්. වයස අවුරුදු 40 යයි. විවාහක දරුවන් 04 යි. පදිංචිය අංක 33, දිසානායක මාවත, වලෙගොඩවත්ත වලහන්දුව ගාල්ල. රැකියාව සමුපාකාර දෙපාර්තමේන්තුව කාර්යාල සහායක.

ගාල්ල පොලිසියේ නිළදාරියෙක් අත්අඩංගුවට ගත්තා. චෝදනාව සත්ව හිංසාව. දවස් 07 ක වසු පැටියෙක් පයින් ගෙනාවා. මගදී උගේ නැට්ට කරකෙවුවා ගමන ඉක්මන් කරන්න කඩේ හිටියා පොලිස් නිලදාරියෙක් ඔහු දැක්කා වසු පැටියව වඩා ගෙන පොලිසියට එන්න කියලා කිවුවා. දවස් තුනක් ගාල්ල බන්ධනාගාරයේ සිටියා. රිමාන්ඩ්. වරද පිළිගත්තා. දඩය රුපියල් 1500/= යයි.

බන්ධනාගාරයේ කෑම බිම පිළිවෙලට නැහැ. පිරිසිදුයි කියලා කියන්න බැහැ. ටොයිලට් පිරිසිදු කරන්න කට්ටිය නැහැ. අපිරිසිදුයි. ජල පහසුකම් අඩුයි. නාන්න පෝලිමේ යන්න ඕන. නාන්න විනාඩි 10 යයි දෙන්නේ. නිදා ගන්නේ පේලියට. එහාට මෙහාට හැරෙන්න බැහැ. හැරුනොත් අනෙක් කෙනා ගහනවා. තෙරපිලා නිදා ගන්න ඕන. අපිට පුස්තකාල පහසුකම් තිබ්බේ නැහැ. මත්ද්‍රවිය වලින් වැඩි පුර තියෙන්නේ බිඩි. කොහෙන් ඇතුලට එනවද කියා කියන්න බැහැ ඇතුලට එනවා. නිළදාරීන් රැදවියන්ට ගහනවා. බලන්න එනකොට දැල් වලින් එහා පැත්තේ ඉදන් කතා කරන්නේ. කතා කරන්න විනාඩි 05 යි දෙන්නේ. ඉක්මනට කතා කරේ නැත්නම් බැටන් පොල්ලෙන් ගහනවා.

යටිතල පහසුකම් තියෙන මට්ටමට වැඩිවී සැහෙන වෙනසක් වෙනවනම් හොදයි.

Advertisements