DSC_0708

“රට පුරා පිහිටුවා තිබෙන බන්දනාගාර ප්‍රමාණය පනස් හතකි මෙම බන්දනාගාර පනස් හතට වැඩ කදවුරු ඇතුළු එළිමහන් සිරකදවුරු 10 ක් සිරමැදිරි 24 ක් අයත්ය. මෙම බන්දනගාරවල මුළු ජනගහනයෙන් 70% කට ආසන්න ප්‍රමානයක් සැකකරු හෝ චුදිතයින් හෝ වේ. රිමාන්ඩ් සිරකරුවන් ලෙසට හදුන්වන මේ අය නඩු අසන තෙක් රදවා තබාගෙන සිටින අයයි. වරදකරුවන් නොවේ.”

ඔහු ඩබ්ලිවු කේ රසික ප්‍රසාද් වයස අවුරුදු 30 යි. පදිංචිය නො 27, වවෙගොඩවත්ත දිසානායක මාවත අනන්ගොඩුව වලහන්දුව ගාල්ල වේ. විවාහක දරු දෙදෙනෙකුගේ පියෙකි.

මොහු ගාල්ල සහ මාතර බන්ධනාගාර වල සිට ඇත. ගාල්ල බන්දනාගාරයේ අච්චු චෝදනාව යාලු වෙලා සිටිය ගැනු ලමයව ආනත කළා කියලා.

බන්දනාගාරයේ ඉඩ පහසුකම් අඩුයි. උපරිම 04 ඉන්න පුළුවන් තැන 06 ක් ඉන්නවා. නාන්න වතුර බාල්දි 10 යි දෙන්නේ. මුලුන් 04ක් දානවා කුණු අතුල්ලන්න කියලා දෙකක් දානවා පස්සේ සබන් ගලා දෙකක් දානවා. එකගොඩේ එකට තෙරපිලා නිදා ගන්නේ රස්නේ හින්දා නිදා ගන්න අපහසුයි. කෑම සමානයි පිරිසිදුකම අඩු එක තියෙනවා. කොළ අල පයින් පාගනවා එක සැරයක් හෝදනවා. නිදාගන්න අපහසුයි. එක්කෙනෙක්ගේ කකුල් පැත්තේ අනෙක් කෙනාගේ ඔලුව. ටොයිලට් පිරිසිදු නැහැ. නිලදාරීන් ගහන්නේ නැහැ ලිංගික අතවර නැහැ. පුස්තකාල පහසුකම් තිබ්බා. පරණ අය අලුත් අයට ගහනවා.

Advertisements