ජනතා අධිකරණය (64) ;- ජැක්පොට් නඩුව.

is

මේ අබේවර්දන එරෙහිව පොලිස්පති සහ තවත් අය යන මුලික අයිතිවාසිකම් නඩුවයි. අංකය 92/91 වේ. මෙය ශේෂ්ට්‍රදිකරණයේ බණ්ඩාරනායක විනිසුරු, ප්‍රනාන්දු විනිසුරු සහ අමරසිංහ විනිසුරු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. එහිදී 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන මුලික අයිතිවාසිකම් 12(1) 12(2) සහ 14(1) සාකච්චා වුනි. තවද මෙම නඩුව ජැක්පොට් යන්ත්‍රයක් අත්අඩංගුවට ගැනීමකි. මෙහිදී වියාපාරයක් කිරීමට ඇති නිදහස සාකච්චා විය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ආර් වීරකෝන් නීතිඥ කුසල් සුබසිංහ සහ නීතිඥ ඉ එල් තිරිමාන්නේ යන අය පෙනී සිටියහ. වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ නීතිපති සුනිල් ද සිල්වා සොලිසිටර් ජෙනරාල් තිලක් මාරපන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් උපවංස යාපා සහ රජයේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස යන අය පෙනී සිටියහ.

පෙත්සම්කරු ජැක්පොට් යන්ත්‍ර සහ ජැක්පොට් අයිතිකරුවකු විය. ඔහු විසින් ඒවා සැකසීම සහ ක්‍රියා කරවීම රට පුරා සිදුකරන ලදී. 1991 ජුනි 01 වැනි දින පොලිසිය මෙම ජැක්පොට් යන්ත්‍ර අත්අඩංගුවට ගනු ලැබිණි.

මෙම නඩුවේ තීන්දුව අමරසිංහ විනිසුරු ලියු අතර එයට බණ්ඩාරනායක විනිසුරුගේ සහ ප්‍රනාන්දු විනිසුරුගේ එකගතාවය හිමි විය. පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි. ගාස්තු සම්බන්දයෙන් කිසිදු නියෝගයක් කෙරුනේ නැත.

අමරසිංහ විනිසුරු මෙසේ පැවසුවේය. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 වන වගන්තිය නීතියේ සමාන ආරක්ෂාව සහතික කලද එයින් නීතියේ සමාන උල්ලංගණයක් සහතික කරනු ලබන්නේ නැත. දැන් ජැක්පොට් නීතියෙන් තහනම් වේ. පෙත්සම්කරුට 14 (1) (g) වගන්තියේ එන ආරක්ෂාව ඉල්ලා සිටිය නොහැක. ඔහුට නීතිවිරෝදී සෙල්ලමක නිරත වීමට මුලික අයිතිවාසිකමක් නැත. අමරසිංහ විනිසුරු වැඩි දුරටත් මෙසේද සදහන් කළේය. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 126(4) වගන්තිය යටතේ අදිකරණය ඉදිරියේ සාදාරන සහ සමාන සහන ලැබීමට අයිතිය ඇත. නමුත් එහිදී ඔහු හෝ ඇය තමන් පිරිසිදු දැතින් අධීකරණයට පැමිණි බව ඔප්පු වුවහොත් පමණක් සහන හිමිවේ යන්නය. මේ බව සි ඩබ්ලිවු මැකී එරෙහිව හියු මෙලගොඩ නඩුවේදී අගවිනිසුරු ශර්වනන්දද පවසා තිබේ. තවද මේ බව විනිසුරු නිහිල්ද රේවත තෙර එරෙහිව හොරටල හිදීද සදහන් කර ඇත.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1991SLR2V349.htm

One thought on “ජනතා අධිකරණය (64) ;- ජැක්පොට් නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )