th

මේ හොං කොං හි ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශයක සාරාංශය වේ. ඔවුන් 2016 ශ්‍රී ලංකා අය වැයට යෝජනා ඉදිරිපත් කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ නිතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයට යහපාලනයට සහ දුෂණය වංචාව නාස්තිය පිටු දැකිමෙහිලා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවට ඔවුන් අවදාරණය කර සිටිති. පොලිසිය දියුණු කිරීමට මුදල් අවශ්‍ය වේ. එසේ දියුණු වුවහොත් තවදුරටත් අහිංසකයින් වදහින්සාවට සහ පහත් කොට සැලකීමට පාත්‍ර වන්නේ නැත. අදිකරණ පද්දතිය දියුණු කිරීමෙහිලාද මුදල් යෙදවිය යුතුය. සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නිතිය කොලයකට සිමා නොකර යථාර්තයක් කිරීම සදහාද මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වේ. ආසියානු මානව හිමිකම් කොමිසම සිය යෝජනා පිළිබද ලිපිය ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයේ අද්‍යක්ෂ වෙත යොමු කර සිටි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.humanrights.asia/news/ahrc-news/AHRC-STM-145-2015

Advertisements