is

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 270/93 දරන මුලික අයිතිවාසිකම් නඩු තීන්දුවේ සාරාංශය වේ. අමරසිංහ විනිසුරු, පෙරේරා විනිසුරු සහ විජේතුංග විනිසුරු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය.

මුලික අයිතිවාසිකම් සහ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම මෙහිදී සාකච්චා වුනි. පෙත්සම ඉල්ලා අස්කර ගැනීම අදිකරණයේ අබිමතය අනුව සිද්ද විය යුතු බව සහ මුලික අයිතිවාසිකම් පිළිබද පෙත්සම් සාමාන්‍ය පුද්ගලික කාරනා නොවන බව මෙහිදී සාකච්චා විය. මේ අවස්ථාවේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11 වන වගන්තිය යටතේ පැවරු මුලික අයිතිවාසිකම් නඩුවක් ඉල්ලා අස්කර ගැනීම සිදුවුණි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩි පි කුමාරසිංහ සමග ජෙෂ්ට රජයේ නීතිඥ එස් රාජරත්නම් යන අය පෙනී සිටියහ.

දිනය 1993 මැයි 28 ය. උප පොලිස් පරීක්ෂකවරයෙක් පෙත්සම්කරුගේ නිවසට පැමිණියේය. ඔහුට පොලිසියට යාමට තමා සමග එන්නයි නියෝග කළේය. පෙත්සම්කරු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිවිට සිදුවුයේ පහර කැමටය. දරුණු වචන වලින් ආමන්ත්‍රණය කර කම්මුල් පහරදී පෙත්සම්කරුගේ වත්තේ වැටෙන් කඩා ගත් පොල්ලකින් පෙත්සම්කරුට සිහිය නැතිවන තෙක් පහර දෙනු ලැබිණි.

පෙත්සම්කරුව පොල්පිතිගම ආණ්ඩුවේ රෝහලට රැගෙන ගිය අතර එතනින් කුරුණෑගල ආණ්ඩුවේ රෝහලට මාරු කර එහි නතර කරනු ලැබිණි. එහිදී ඔහුව අදිකරණ වයිදය නිලදාරී විසින් පරික්ෂා කරන ලදී. කුරුණෑගල රෝහලේ දවස් 05 ක් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව අහටුවැව ආණ්ඩුවේ රෝහලට මාරු කරනු ලැබිණි. පසුව ආයුර්වේද වයිද්යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට සිද්ද වුනි.

පෙත්සම්කරු මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශේෂ්ට්‍රදිකරණයේ ගොනු කරමින් ඔහුගේ 11 වන වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් කඩවූ බවත් ඒ නිසා රුපියල් ලක්ෂ දෙකක වන්දියක් හිමිවිය යුතු බවත් ප්‍රකාශ කරන ලදී. 1993 ජුනි 03 එයට අවසර ලැබිණි. 1993 අගෝස්තු 24 එය විබාගයට තැබූ අවස්ථාවේ අධිකරණයට ප්‍රකාශ කෙරුනේ පෙත්සම්කරු පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවත් හෙතෙම අධිකරණයෙන් පිටතදී පොලිස් නිලදාරියා සමග එකගතාවක් ඇති කර ගෙන ඇති බවත්ය.

නමුත් නඩු තීන්දුව ලියු විනිසුරුවරයා ප්‍රකාශ කලේ පෙත්සම්කරුගේ 11 වන වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇති බවත් සමතය හේතුවෙන් වන්දි පිරිනමන්නේ නැති බවත්ය. තවදුරටත් නියෝග කෙරුනේ පොලිස්පති අදාල පොලිස් නිලදාරියා සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කල යුතු බවත්ය. රෙජිස්ට්‍රාර්ට නියෝග කෙරුනේ පෙත්සම දිවුරුම් ප්‍රකාශ සහ වයිද්‍ය වාර්තා වල පිටපත් පොලිස්පතිට යැවිය යුතු බවය. පෙරේරා විනිසුරු සහ විජේතුන්ග විනිසුරු නඩු තීන්දුව ලියු අමරසිංහ විනිසුරු සමග එකග විය.

මෙම නඩු තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව හා යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1993SLR2V324.htm

Advertisements