ජනතා අධිකරණය (62) ;- වෙල්මුරුගු නඩුව.

is

මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 74/81 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. එනම් වෙල්මුරුගු එරෙහිව නීතිපති සහ තවත් අය නඩුවයි. ඉස්මයිල් විනිසුරු, වීරරත්න විනිසුරු, ශර්වානන්ද විනිසුරු, වනසුන්දර විනිසුරු සහ රත්වත්තේ ව්නිසුරු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය.

මුලික අයිතිවාසිකම් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 111 වන පරිච්චේදයේ එන 11 සහ 13 වන වගන්තින් පරිපාලන බාවිතාව සාකච්චා කරනු ලැබිණි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ වී එස් ඒ පුලේනායගම් සමග නීතිඥ ආර් සිරිනිවසම් එස් වී චන්ද්‍ර හසන් ජි කුමරලිංගම් සි වී විවෙකනන්දන් එම් කනපතිපිල්ලේ මෙනවිය සහ ටි පක්යනතන්ද පළමු වගඋත්තරකරු වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජි පි එස් ද සිල්වා රජයේ ජෙෂ්ට නීතිඥ සි වී ජයසුරිය රජයේ නීතිඥ එස් රත්නපාලද දෙවන වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ කේ එන් චොක්සි සමග නීතිඥ හෙන්රි ජයමහ සහ නීතිඥ පි ඉලෙපෙරුම යන අය පෙනී සිටියහ.

පෙත්සම්කරු අම්පාර දිස්ත්‍රික් සංවර්දන සබාවේ සාමාජිකයෙකි. තවත් තිදෙනෙකු සමග මෝටර් රථයකින් 04 වන කොලනියට යමින් සිටියදී හමුදා නිලදාරීන් එය වැළැක්විය. ඔහු නතර වුනි. කල්මුනේ පැත්තෙන් යාමට සිදු විය. එසේ යන අතරමග ඔහුට ගෙවල් ගිනි තැබීම සහ පහරදීම් ගැන පැමිණිලි ලැබිණි. මේ අතර ඔහුට එල්මෝ ජෝන්පුල්ලේ පියතුමා මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටිනු හමුවී දෙදෙනාම එම මෝටර් සයිකලයෙන් කොලනියේ හන්දිය දක්වා යන්නට විය.

මේ අවස්ථාවේ හමුදා නිලදාරීන් පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන ජීප් රථයක් තුලට දැමිණි. අත්අඩංගුවට ගැනීමේ හේතුව ඔහුට කිවේ නැත. මෙය කලේ දෙවන වගඋත්තරකරුගේ කීමටය. තවද දෙවන වගඋත්තරකරු පෙත්සම්කරු සම්බන්දයෙන් කැමැත්ත පරිදි කටයුතු කරන්නයි පොලිස් හා හමුදා නිලදාරින්ට නියෝග කර එම ස්ථානයෙන් පිටව යන ලදී. ඔහුට වදහිංසා පමුණුවනු ලැබිණි. පසුව මද්යම කදවුරු පොලිසියට රැගෙන යනු ලැබිය. 2 වන වගඋත්තරකරුගේ උපදෙස් මත ප්‍රකාශයක් ගත් අතර ඔහු ප්‍රකාශය සටහන් කල පොලිස් නිලදාරියට කිවේ වධහිංසාව පිළිබද කිසිවක් එහි ඇතුලත් නොකරන ලෙසයි. පෙත්සම්කරුට එය කියවීමට ඉඩ නොදී අත්සන් ලබා ගන්නා ලදී.

1981.08.09 දින පෙත්සම්කරුව මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරිණි. ඔහු තමාට ඇවිදීමට දුෂ්කර බව කියා සිටියද එයට සහයක් මහෙස්ත්‍රාත් ගෙන් නොලැබිණි.

පෙත්සම්කරු අම්පාර දිසා සංවර්දන සබාවට තේරී පත්වූ සාමාජිකයකු විය. ප්‍රදේශයේ දේශපාලන පිළිගැනීමක්ද තිබිණි. ඔහු විශ්‍රාමික ගුරුවරයකුද විය.

කෙසේනමුත් පෙත්සම්කරු තමාට වදහිංසා පැමිණවූ බව අකරනයට ඔප්පු කිරීමෙහිලා අසමත් වුනි. පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි. ඉස්මයිල් විනිසුරු නඩු තීන්දුව ලියන ලදී. ශර්වානන්ද විනිසුරු සහ රත්වත්තේ විනිසුරු දේපල විසම්මුතික තීන්දුවක් ලබා දෙන ලදී.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1981SLR1V406.htm

One thought on “ජනතා අධිකරණය (62) ;- වෙල්මුරුගු නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )