7b9dd851-368e-4042-bdda-68800e701ae8-1020x612

පකිස්ථානය ශාෆ්කට් හුසේන් එල්ලා මරා දැමිය. ඒ වයස අවුරුදු 07 ක ළමයකු මරා දැමීම සම්බන්දයෙනි. මරණ දඩුවම හිමිවන විට හුසේන්ගේ වයස අවුරුදු 15 කි. මෙයට දැඩි විරෝදතාවක් මානව හිමිකම් කණ්ඩායම් සහ එක්සත් ජාතීන්ගෙන් එල්ල විය. මෙම මිනීමැරුම සිද්ද වුයේ 2004 දිය. හුසේන්ව එල්ලා මැරීම අගහරුවදා පාන්දර කරච්චියේ සිරගේදරකදී සිද්ද විය. හුසේන් පාපොච්චාරණය කලේ වධහිංසාව යටතේ බව පැවසෙන නිසා මේ ගැන සොයා බලන ලෙස පකිස්ථාන බලදාරීන්ට දැඩි බලපෑම් එල්ල වුනි. නමුත් මරණ දඩුවම ක්‍රියාත්මක විය. දෙසැම්බර් මාසයේ සිට පකිස්ථානයේ එල්ලා මරා දැමුණු ගණන 180 කි. හුසේන් දරුවන් 07 දෙනෙකුගෙන් සමන්විත පවුලේ බලයාය. ඔහු 2004 වර්ෂයේ කරච්චි හි මුරකරුවකු ලෙස සේවය කරමින් සිටියේය.

http://www.theguardian.com/world/2015/aug/04/pakistan-hangs-shafqat-hussain-claim-child-crime

Advertisements