ඕස්ට්‍රේලියානු කතානායකවරිය සැමට ආදර්ශයක්.

4500

බ්රෝන්වින් බිෂොප් ඔස්ට්‍රේලියානු කතානායක දුරයෙන් ඉල්ලා අස්වේ. ඒ වියදම් අපචාර හේතුවෙනි. මේ බව ප්‍රකාශ කලේ අගමැති ටෝනි ඇබොට්ය. ඇය ප්‍රකාශ කලේ තමා මෙම තීරණය සරලව නොසලකන බවත් පාර්ලිමේන්තුවේ ආයතන සහ ඕස්ට්‍රේලියානු ජනතාවට ඇති ආදරය සහ ගවුරවය නිසා ගත් එකක් බවත්ය. ඇය මහජන මුදල් පවුම් 5000 ක් වැය කරමින් හෙලිකොප්ටරයකින් ලිබරල් පක්ෂයේ මුදල් එකතු කිරීමකට සහබගිවිම මෙන්ම මහජන මුදලින් තම සගයින් දෙදෙනෙකුගේ විවාහ උත්සව වලට සහබාගි වී තිබේ. මේ නිසා ඇයට ජුලි මාසයේ සිටම දැඩි පීඩනයක් එල්ල විය.

6 thoughts on “ඕස්ට්‍රේලියානු කතානායකවරිය සැමට ආදර්ශයක්.

Add yours

  1. මේ ලිපිය අදාල සිදුවීම ගැන කිසිම අදහසක් නැතිව ලියා ඇති බව මේ පවුම් කතාවෙන් පේනවා. මේ රටේ භාවිතා වෙන්නේ පවුම් නොවෙයි ඩොලර්.

  2. පවුම් ලියවී ඇත්තේ වැරදීමකින්. මේ කතානායකවරිය සැමට ආදර්ශයක් කිවේ ඇගේ ඉල්ලා අස්වීම ගැන. මෙවැනි අපචාරයක් ලංකාවේ සිදුවුවානම් ඉල්ලා අස්වන්නේ නැහැ.

    1. මා ජීවත් වෙන්නේ ඕස්ටේ්‍රලියාවේ නිසාත්, මේ කේස් එක මුල සිටටම ෆලෝ කළ නිසාත් හොඳින් දන්නා කාරණය නම් මේ ගැහැණියට ඉල්ලා අස්වීමට කිසිම කැමැත්තක් නොතිබුණු බව සහ අගමැති ඇබොට් ඇයව ආරක්‍ෂා කරමින් සිටි බව, නමුත් නැගී එන ජන අප්‍රසාදය සහ පක්‍ෂයේ අනෙක් මන්ත්‍රීන් ගේ බලපෑම මත (මොකද ඔවුන් මේ දිනවල ඉන්නේ ගම් ප්‍රදේශවල, පාර්ලිමේන්තුව වින්ටර් නිවාඩුව නිසා) තමයි මේ අස්වුනේ.

      ඔබේ ටයිටලය – ඕස්ට්‍රේලියානු කතානායකවරිය සැමට ආදර්ශයක් යන්න සහමුලින්ම සාවද්‍යය අදහසක්.

      එය අස්වීමක් නොවෙයි, අස්වීමට සිදුවීමක්. කතානායකව අස්කරන්න පුළුවන් විශ්වාස භංගයකින් විතරයි.

      මේ ගැන මා ලියූ ලිපිය රසිකොලොජි බ්ලොගයේ බලන්න.

  3. මේ වැනි දේ ගැන ගැන පීඩනයක් එල්ල කරන්නට තරම් දියුණු සංස්කෘතියක් ඕස්ට්‍රේලියානු සමාජයට තියෙන බව පේනවා. ඒත් ඒ ආදර්ශය ගන්න තරමට අපේ සමාජයන් දියුණු ද ? මෙහෙ මහා සංස්කෘතියෙන් ම හොරකම-මැරකම අනුමත කරන බවක් පේනවා. මේ වැනි දියුණු ජයග්‍රහනයක තොරතුරක් සංන්වේදනය කිරීමෙන් හෝ එය මෙහි ස්ථාපිත කරගන්නට ඔබ දරණ වෑයම අගය කරනවා. මෙතැන්නි ඉදිරියට අප යා යුතුමයි. තොරතුරු දැනගැනීමේ පනත සමහර විට වැදගත් ජයග්‍රහනයක් වේවි http://syberheartblog.blogspot.com/

රසිකොලොජිස්ට් - Rasikologist වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑