1ef86949d30f41828af7c2882d3dbbe0_18

පලස්තීන විමුක්ති සංවිදානය මෙසේ කියා සිටි. එනම් අර්සන් ප්‍රහාරයෙන් මියගිය 18 මාසයේ දරුවාගේ මරණයට ඊශ්‍රයලය සම්පුර්ණයෙන් වගකිව යුතුය. මේ මරණය සිදුවුයේ බටහිර ඉවුරේය. ඒ අනුව මේ පිලිබදව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටා තිබෙන්නේ හේග් නුවරය. මෙය යුද අපරායක් බව වැඩි දුරටත් සදහන් වේ. දරුවා සිකුරාදා මියගිය අතර එය මුළු ලෝකයාම හෙලා දකින ලදී. එයට ඉශ්‍රයෙල් බලදාරින්ද ඇතුලත් වේ. ඉශ්‍රයෙල් අගමැති බෙන්ජමින් නෙටනයාහු පලස්තීන ජනපති මොහොමඩ් අබ්බස්ට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටියේ අප එක්ව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කල යුතු බවය.

Advertisements