DSC_0635

ඔහු ජයන්ත සිරිවර්දන. වයස අවුරුදු 45 යි. විවාහක දරුවන් 05 යි පදිංචිය දන්වත්තගොඩ දර්ගා නගරය. රැකියාව කුලී වැඩ. කළුතර බන්දනාගාරයේ අවුරුදු 01 යි දවස් 15 ක් හිටියා. 2014.05.30 බන්දනාගාරයට ඇතුළු වුනේ. කෑම බිම දෙනවා එච්චර මෙවෙකක් නැහැ. ඇස් අමාරුවට බෙහෙත් ගන්න සති 05 ක් විතර බන්දනාගාරය මගින් නාගොඩ රෝහලට ගෙන ගියා. නිදිය ගන්නත් හරි හමන් තැනක් නැහැ. හිටියේ බි 01 වාට්ටුවේ. එහි රැදවියන් 102 ක් පමණ හිටියා. සාමාන්යෙන් ඉන්න පුළුවන් 40 කට විතර. නාන්න කියලත් වතුර නැහැ. පුස්තකාල පහසුකම් තිබ්බා. සමහර ටොයිලට් හොදට තිබ්බා. සමහර පහල ඒවා උතුරා ජරාව තිබුනා. පොඩ්ඩක් වුණාම නිලදාරීන් රැදවියන්ට පොලු වලින් පහර දෙනවා. වරදක් හොයන්නේ නැහැ. ලිංගික අතවර නැහැ. ඇතුලේ මත්ද්‍රවිය තිබුනා. සමහරු ඒවා කෑම වල දාගෙන එනවා. මහත්වරුත් සමහරවිට ගේනවා. ෆොන් ඕන තරම් තියෙනවා.

Advertisements