is

මේ අංක 994/99 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ.  එනම් සුනිලා අබේසේකර එරෙහිව ආරිය රුබසිංහ නිසි බලදාරී සහ තවත් අය නඩුවයි. අමරසිංහ විනිසුරු වඩුගොඩපිටිය විනිසුරු සහ වීරසේකර විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විබාග විය. මුලික අයිතිවාසිකම්, හදිසි නීති රෙගුලාසි සහ මහජන ආරක්ෂාව මෙහිදී සාකච්චාවට බදුන් වුනි.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර නීතිඥ එස් එච් හෙවමන්න නීතිඥ ජේ සි වැලිඅමුණ නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්දන සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ සහකාර සොලිසිටර් ජෙනරාල් සලීම් මර්සුෆ් සහ රජයේ නීතිඥ යු ඉහලහේවා යන අය පෙනී සිටියහ.

මෙහිදී පෙත්සම්කාරියගේ 10, 12(1) සහ 14(1) (අ) වගන්ති වල සදහන් මුලික අයිතිවාසිකම් කඩ නොවූ බව තීරණය වූ අතර පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි. ප්‍රනාන්දු විනිසුරු නඩු තීන්දුව ලියු අතර එයට වඩුගොඩපිටිය විනිසුරුගේ සහ වීරසේකර විනිසුරුගේ එකගතාවය හිමි විය.

පෙත්සම්කාරිය මර්ජ් ආයතනයේ සබාපතිනිය මෙන්ම එම් එෆ් එෆ් ඉ හි විදායක කමිටුවේ සාමාජිකාවක වුවාය. ඇය කියා සිටියේ 1999 ජනදිපතිවරණ වියාපරයේදී පුරවැසියකුට මෙන්ම දේශපාලන පක්ෂයකටද වාර්ගික ගැටලුවේ සහ යුද්දය පිළිබද තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇති බවය. තවද ඇය කියා සිටියේ ලියාපදිංචි චන්ද දායිකාවක ලෙස සහ මහ ජනතාව ගැන තැකීමක් ඇති අයකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන චන්ද බලය පිලිබදව සහ එහි අවංක බාවය පිලිබදව තැකීමක් ඇති බවය. තවද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස වාර්ගික අර්බුදය සහ උතුරු නැගෙනහිර යුද්දය පිලිබදව තැකීමක් තිබේ. තවද ඇය ක්‍රියාකාරී ලෙස ගැටුම විසදීමට කටයුතු කරන අතර ඇයට හමුදාව සහ එල් ටි ටි ඉ ය අතර පවත්නා යුද්දයේ ස්ථාවරත්වය ගැන දැන ගැනීමේ අවශ්‍යතාව තිබේ.

මෙහිදී සාකච්චා වූ කරුණු අතර ප්‍රජාතන්ත්‍රවාදයද අර්ථ දැක්විණි. එනම් ඩිමොක්‍රටික් යන්න ග්‍රීක වචනයකි. ඩිමෝස් යන්න මහ ජනතාව වන අතර ක්රෝටස් යන්න පාලනය වේ. එවකට ග්‍රීක පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වීමට පහසුවක් වුයේ ජනගහනය අඩු එකක් බැවිනි. නමුත් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය සංකීර්ණ වේ. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 3 වන වගන්තියට අනුව ශ්‍රී ලංකා ජන රජයේ සුවාදිපත්ය ජනතාව වන අතර එය අත්හැරිය නොහැක. සුවාදිපත්යට ආණ්ඩුවේ බලතලද ඇතුලත් වේ. ජනතාවගේ විවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වන අතර විදායක බලය ජනදිපතිවරයාද අදිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අදිකරණය හරහාද සිද්ද වේ.

මෙහිදී හදිසි නීති රෙගුලාසි එනම් සංවේදී හමුදා තොරතුරු ප්‍රකාශ කිරීම හුවමාරු කිරීමට එරෙහිව කරුණු ඉදිරිපත් විය. 1998 දි මෙය ගැසට් කල අතර 1999 දි නැවත සංශෝදනය වුනි. මේ මගින් නිසි බලදාරියට එවැනි තොරතුරු ප්‍රසිද්ද කිරීම වැළැක්වීමට බලය පැවරුණු අතර මේ තත්වය පෙත්සම්කාරිය විසින් මෙම මුලික අයිතිවාසිකම් නඩුවේදී අබියෝග කරන ලදී. නමුත් පෙත්සම්කාරිය එය ඔප්පු කිරීමට අපොහොසත් විය. එහි සැබෑ අරමුණ ආණ්ඩුවට හිරිහැර කිරීම වැරදි කිරීම යන්න ඔප්පු කිරීමටද අපොහොසත් වුනි.

ඉහත නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් සම්පුර්ණයෙන් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/2000SLR1V314.htm

Advertisements