තරුණයින් දෙදෙනෙකුට වද දීම.

DSC_0617

19 හැවිරිදි සහ 21 හැවිරිදි තරුණයින් දෙදෙනාව පානදුර පොලිසිය මගින් නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවා වියාජ නඩු පවරා තිබේ. මල් පිපි ඇත. ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලා ඇති බව ජනපති කීවද පොලිස් වදහින්සාවේ අඩුවක් නැත. වදහිංසා පැමිණවීම ගෝත්‍රික වහල් ක්‍රියාකාරකමකි.

01. සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
අංක 165
කිංසි පාර
කොළඹ 08

02. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

03. නීතිපති
නීතිපති දෙපාර්තමේන්තුව
කොළඹ 12

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන දින 04 ක් රඳවා තබාගෙන
වධ දී ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධවයි.

කුරුන්දෙනිය සේසත් ගෙදර සංධීප මධුෂාන් සේනාධීර, අවු 19 යි, (උපන් දිනය: 1997.01.31* ඇඟ`ඵම් කම්හල් සේවක, (ග්ලෝබල් සංස්ථා – කැළණිය* ලිපිනය: 478 ඊල කිරිබේරිය, පානදුර. දුරකතන අංකය: 038 5681752
2015.06.24 වන දින දීය.
1. 2015.06.11 වන දින, දහවල් පානදුර දකුණ පොලීසියෙන් කීප දෙනෙක් පැමිණ, එ් අවස්ථාවේ ගෙදර සිටිය මල්ලී වන සුමේධ සඳරුවන්ට කියා ගොස් තිබුණා, අම්මත් එක්ක කටඋත්තරයක් ගන්න මට පොලසිීයට එන්න කියා.
2. අම්මා, සුජීවා දමයන්ති, දහවල් 2.00 ට විතර ගෙදර ආවාට පස්සෙ මම පොලීසියෙන් එන්න කිව්ව බව ඇයට පවසා, මාලමුල්ල බස් එකෙන් පානදුර දකුණ පොලීසියට ආවා.
3. මමත් අම්මාත් පාලීසියට එනකොට වේලාව සවස 3.00 විතර වුණා.
4. පොලීසියේදී මාව, අපරාධ අංශයේ ප‍්‍රධානියා ළඟට දැම්මා. ඔහුගේ නම උ.පො.ප. නිශාන් කුමාර.
5. ඔහු, උ.පො.ප. නිශාන් කුමාර මගෙන් ඇහුවා නොකියා ෆෝන් එකක් ගැන.
6. එ් අවස්ථාවේ සිට මට පහර දුන්නා. ඊට පස්සෙ මාව ජීප් එකේ දාගෙන කිරිබේරිය කසුන් කියන අයගේ නිවසට ගෙන ආවා.
7. කසුන් කියන අයගෙන් ෆෝන් එකක් ලබා ගත්තා. ඊළඟට මාව සඳුන් කියන අයගේ ගේ ළඟට ගෙන ආවා.
8. මාව එ් ගෙදරට ගෙන ගියේ නෑ. මාව ජීප් එකේ තියාගෙන හිටියේ. කසුන් කියන අයගේ නිවසට ගියේ පිටිපස්සෙන්, යතුරු පැදියකින් ආව පොලිස් නිලධාරීන්.
9. ටික වේලාවකින් සඳුන්ව, යතුරුපැදියේ මැද තියාගෙන ඇවිත් ජීප් එකට දැම්මා. අපි දෙන්නටම මාංචු දාලා තිබුණේ.
10. ඊට පස්සෙ අපව පානදුර දකුණ පොලීසියට ගෙන ආවා.
11. පොලීසියට ගෙන ආ ගමන්, අපි දෙන්නාව, පොලීසියේ උඩම තට්ටුවට ගෙන ගියා.
12. උඩදී, දෙන්නාටම එක මාංචුවක් දමා, බිම වාඩි කරලා, දුරකතනයෙන් කතා කරලා ගෑනු කෙනෙක්ව ගෙන්නුවා.
13. එ් ගෑනු කෙනාට අපිව පෙන්නලා මුන් දෙන්නා තමයි, බෑග් එක කඩාගෙන තියෙන්නේ, කියා පෙන්නුවා.
14. ඇය කිව්වා, බෑග් එකේ රු: 20,000/- ක් තිබුණා, ෆෝන් දෙකක් තිබුණා, ක්‍රෙඩිට් කාඞ් එක හා බැංකුවට ගෙන ගිය ලියවිලි වගයක් තිබුණා කියා.
15. නමුත් එ් කියන කිසිවක් පොලීසියේ ලීවේ නැහැ. එ්වා කියන ගමන් මගේ කණට ගැහැව්වා. එ් ගැහැව්ව කෙනාව දැක්කොත් අඳුරන්න පු`ඵවන්.
16. ඊට පස්සේ එ් කාන්තාව එක්ක, මට ගහපු පොලිස් නිලධාරියා හෙමින් ටික වේලාවක් කථා කර නැවත අප ගෙන්වා පවුම් 03 ක මාලයක් ද එම බෑග් එකේ තිබුණා කියා පැවසුවා.
17. එම කාන්තාව දුටුවොත් අඳුරන්න පු`ඵවන්.
18. එ් අවස්ථාවේ සිට, අප දෙන්නාටම ගහන්න පටන් ගත්තා. ගහන්න පටන් ගන්න ගොට හවස 6.00 ට විතර ඇති.
19. ෂර්ට් එක ගලවලා, දෙකේ දෙකේ පොලූවලින් දෙන්නෙක් උරහිස් දෙකට ගැහැව්වා. අනෙක් දෙන්නා අතින් පයින් ගැහැව්වා.
20. පහර දුන්නේ අත් දෙකට මාංචු දාලා හිටවලා, ගහන විට වැටුනාම උස්සලා නැවත ගහන්න පටන් ගත්තා.
21. මේ ආකාරයට පැය භාගයක් විතර ගැහැව්වා. පොලූ දෙක කැඩෙනකන් ගැහුවා.
22. මට ගහන අතර එතැනම එහායින් හිටිය සඳුන්ට එ් හතර දෙනාම මට ගහපු විදියටම පහර දුන්නා.
23. රාත‍්‍රී 10.00 ට විතර, අපි දෙන්නාම පහළට ගෙන ගිහිල්ලා කූඩුවට ගිහින් දැම්මා.
24. කූඩුවේ ඉන්නකොට, රාත‍්‍රියේ ගෙදරින් ගෙන ආපු කෑම කන්න දුන්නා.
25. පසුවදා (12 වන දා* උදේ 8.30 ට විතර, නැවත අපි දෙන්නාව උඩම තට්ටුවට ගෙන ගියා.
26. එතැනදී, උ.පො.ප. නිශාන් කුමාර පැමිණිලි පොත් ගොඩ රැුගෙන විත් එ්වා බලා බලා, දුරකතනයෙන් කතා කරමින් හොරු අල්ලලා තියෙන්නේ, කියමින් පොලීසියට එන්න කිව්වා.
27. එහෙම කතා කරලා කාන්තාවන් පස් දෙනෙක් විතර ආවා. ඔවුන්ට අපිව පෙන්නලා මේ අයව අඳුරනවද කියා ඇහැව්වා. හැම එක්කෙනෙක්ම කිව්වා අඳුරන්නේ නැති බව.
28. දවල් 12.00 න් පස්සේ කන්නවත් නොදී ආයෙත් ගහන්න පටන් ගත්තා.
29. දෙන්නාටම ගැහුවා. පොල්ලකින්, අතින් පයින් පෙර විදියට ගැහැව්වා. එ් පොල්ලත් කැඩුණා.
30. ඊට පස්සෙ අමල් කියන නිලධාරියා කොච්චි මිරිස් ෂොපිං බෑග් එකක් විතර අරගෙන ආවා.
31. උ.පො.ප. නිශාන් කුමාර, එ් බෑග් එකේ තිබුණ කොච්චි කරල් 02 ක් අපි දෙන්නගේ මාංචු දාලා තිබුණ අත් දෙකට දුන්නා.
32. එක් නිලධාරියෙක් කොච්චි අරන් පොඩි කර ඇස් දෙකට එබුවා.
33. ඊට පස්සෙ උ.පො.ප. නිශාන් කුමාර, ඔහු අතේ තිබූ පොල්ලෙන් ගසමින් කොච්චි කැව්වා. බෑග් එකේ තිබූ කොච්චිවලින් බාගයක් විතර කැව්වා.
34. පපුවේ දැවිල්ල හැදුනා. ඇස් අරින්න බැරි වුණා. වතුර ඉල්ලමින් කෑ ගැසුවා. නමුත් වතුර දුන්නේ නැහැ.
35. එ් විදියට රාත‍්‍රී වන තෙක් උඩ තට්ටුවේ තියාගෙන ඉඳලා රාත‍්‍රී 10.00 ට විතර ගෙනත් කඩුවට දැම්මා.
36. ? ගෙදරින් ගෙනාපු කෑම කන්න දුන්නා. ඇස් සෝදා ගත්තේ කූඩුවේ කක්කුස්සියේ ටැප් එකෙන්.
37. පසුදා (13 වන දා* උදේ 8.30 ට විතර පෙර පරිදිම උඩ තට්ටුවට ගෙන ගියා.
38. අපිට පහර දුන්න උ.පො.ප. නිශාන් කුමාර හා අනෙක් තුන්දෙනා මාංචු දමා අපි දෙන්නාව බිම වාඩි කරවා තිබ්බා.
39. දවල් 2.00 ට විතර සඳුන්ගේ තාත්තා ගෙනා කෑම එක දෙන්නත් එක්ක කෑවා. කන වෙලාවේ මාංචු ගැලෙව්වා.
40. අපි දෙන්නා කාලා ඉවරවෙනකම්ම සඳුන්ගේ තාත්තා ශාන්ත අල්විස් එතැන හිටියා.
41. සඳුන්ගේ තාත්තා යැව්වාට පස්සේ සවස 4.00 ට විතර පොලිස් නිලධාරියෙක් එක්ක ගෑණු කෙනෙක් උඩට ආවා.
42. එ් ගෑනු කෙනාට අපි දෙන්නාව පෙන්නලා අඳුරන්න පු`ඵවන්ද කියා ඇහැව්වා. ඇය අඳුරන්න බෑ කියා යන්න ගියා.
43. සවස 5.00 ට විතර, අපි දෙන්නා නැගිටවලා එක් එක් කෙනාට වෙන වෙනම මාංචු දැම්මා. සඳුන්ට දැම්මේ අත් කරකවලා පිටුපසට කරලා.
44. මාංචු දාන්න ඉස්සරලා අපිව නිරුවත් කළා.
45. පෙර දිනයේ වගේම කොච්චි මිරිස් ගෙන ආවා. පොලූ අරන් උරහිස්වලට පහර දුන්නා.
46. සඳුන්ගේ බෙල්ට් එක අරගෙන මගේ අත් දෙක ගැට ගහලා ධර්මචක‍්‍ර ක‍්‍රමයට එල්ලා, පද්දමින් පොල්ලකින් යටි පතුල්වලට පහර දුන්නා.
47. එහෙම් පහර දෙන අතර, කොච්චි මිරිස් ඉස්ම ඇස්වලට, කටට, පුරුෂ ලිංගයට හා අධෝ මුඛයට වැක්කෙරුවා. මුහුණ පුරාම කොච්චි ඉස්ම ගෑවා.
48. එහෙම පහර දෙමින් කොච්චි දමමින්, පැය දෙකක් විතර තිබ්බා.
49. එසේ කළේ විටින් විට බිමට අරගෙන ටික වේලාවක් තියලා.
50. මට එ් අය පහර දෙන විට, සඳුන්ව ද ටොයිලට් එක අසලට ගෙනිහිල්ලා පහර දුන්නා.
51. අන්තිමට මගේ මාංචු ගලවලා ටොයිලට් එකට ගෙනිහිල්ලා ඇස් සෝදා ගන්න විතරක් ඉඩ දුන්නා.
52. නැවත මාංචු දමා හෙලූවෙන්ම බිම වාඩි කෙරෙව්වා.
53. මට කරපු විදියටම සඳුන්වත් ධර්ම චක‍්‍රයේ එල්ලලා පහර දුන්නා.
54. රාත‍්‍රී 11.00 ට විතර, කූඩුවට දාන්න පහළට ගෙනාවා.
55. කූඩුව ළඟට ගෙන ආවට පස්සේ රිසව් එකේ හිටිය නිලධාරියා කිව්වා, ඇන්ටි‍්‍රයක් නැති නිසා බාර ගන්න බෑ කියලා.
56. අපි දෙන්නාව කූඩුව ළඟට ගෙන එන විට සඳුන්ගේ තාත්තා ද පොලීසියේ හිටියා.
57. අපිට ගැහැව්ව එක් නිලධාරියෙක් අපෙන් ඇහැව්වා තොපි මානව හිමිකම් ගියා නේද, ගිහිල්ලා තොපි පු ….. ඇර ගත්තා කියා.
58. යමං උඩට කියා අරගෙන ගියා. යන අතර කිව්වා අපි හයිකෝට් දානවා, අපි ළඟ බඩු තියනවා කියා.
59. උඩට ගෙන ගියාට පස්සේ, එහි සිටිය උ.පො.ප. නිශාන් කුමාර රතු පෑනක් අරන් පොතක ලියාගෙන ලියාගෙන ගියා.
60. ඊට පස්සෙ උ.පො.ප. නිශාන් කුමාර, එහි තිබූ කබඞ් එක ඇර ෂොපිං බෑග් එකක් ගත්තා.
61. එහි කුඩා පැකට් ගොඩක් තිබුණා. එ්වා අපිට පෙන්නලා කිව්වා මේ කුඩු දාලා තොපිව හයිකෝට් දානවා අපිට බඩු තියනවා කියා.
62. එයින් පැකට් දෙකක් අරන්, පොඩි ලියුම් කවර දෙකක් අරන් එයට දමා අලවා ලාකඩ වලින් සීල් තිබ්බා.
63. උ.පො.ප. නිශාන් කුමාර ලියුම් කවර දෙකකට මාගෙන් අත්සන් ගත්තා. ඇඟිලි සලකුණු ද ගත්තා.
64. ඊට පස්සේ ෂොපිං බෑග් එකෙන් තවත් පැකට් දෙකක් අරගත්තා. කුඩා කොල දෙකක් අරන් එ්වා නවා, කුඩා ප‍්‍රමාණයේ විද්්‍යුත් තරාදියක් මත තිබ්බා. එහි තිබූ කොළයට පැකට්වල තිබූ දුඹුරු පාටට හුරු කෑල්ලක් වැනි දෙයක් දැම්මා. එහි බර ලියා ගත්තා.
65. ඊට පස්සෙ පහළට ගෙනිහිල්ලා කූඩුවට දැම්මා.
66. පසුවදා උදේ, (14 වන ඉරිදා* උ.පො.ප. නිශාන් කුමාර ඇතුලූ තිදෙනා අපිව 8.00 ට පමණ, අපිව කූඩුවෙන් එළියට අරගෙන ප‍්‍රකාශ වලට බලෙන් අත්සන් ගත්තා.
67. ඊට පස්සෙ රත්මලාන ස්ටේෂන් එක ළඟට ගෙන ගොස් නැවත ඇවිත්, පානදුර කිරිබේරිය ගේට්ටු හන්දියට ආවා.
68. එහි බෝක්කුව ළඟ නතර කර අවට බලා නැවත පොලීසියට ආවා. එවිට දවල් 12.00 ට විතර ඇති.
69. ගෙන ආවට පස්සෙ වෙනත් නිලධාරියෙක් අපිව උසාවියට ගෙන ආවා. එ් අතර පො.කො. අමල් හිටියා.
70. පානදුර මහේස්ත‍්‍රාත්තුමා ඉදිරියට අපි දෙන්නව ඉදිරිපත් කළා. අපි දෙන්නා වෙනුවෙන් නීතිඥ සුගත් හඳුන්ගේ මහතා ඉදිරිපත් වුණා.
71. නීතිඥ මහතා අපව අත්අඩංගුවට ගෙන පහර දීපු හැටි, බොරු නඩු දාපු හැටි විස්තර කිව්වා.
72. අපි දෙන්නාව රක්ෂිත බන්ධනාගාරගත කළා.
73. අපිව ක`ඵතර බන්ධනාගාරයට ගෙන ගියා. පසුවදා උදේ නාගොඩ මහ රෝහලට ගෙන ගියා.
74. රෝහලේ වෛද්‍යවරයාට අපි සියලූ විස්තර කිව්වා. අපිව පරීක්ෂා කළේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා.
75. අපි දෙන්නාට විරුද්ධව කුඩු නඩුවක් හා සොරකම් නඩුවක් දාලා තිබුණා.
76. 2015.06.23 දින අපිව ඇප මත මුදා හැරියා.
මා ඉල්ලා සිටින්නේ,
නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, දින 04 ක් රඳවා තබාගෙන වධ දීම පිළිබඳව, පානදුර දකුණ පොලීසියේ අපරාධ අංශයේ උ.පො.ප. නිශාන් කුමාර හා ඔහු හා එක්වූ එම අංශයේ සෙසු නිලධාරීන් තිදෙනාට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, අපට විරුද්ධව පවරා ඇති ව්‍යාජ නඩු දෙක ඉවත් කරන ලෙසටත්ය.
2015.06.14 වන දින, මාගේ මව වන පුලිකුට්ටිලාගේ ෙදාන් සුජීවා දමයන්ති විසින් සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පතිට මේ පිළිබඳව ලිඛිතව දන්වා ඇති බවද ප‍්‍රකාශ කර සිටිමි.

කුරුන්දෙනිය සේසත් ගෙදර සංධීප මධුෂාන් සේනාධීර
01. සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
අංක 165
කිංසි පාර
කොළඹ 08

02. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

03. නීතිපති
නීතිපති දෙපාර්තමේන්තුව
කොළඹ 12

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන දින 04 ක් රඳවා තබාගෙන
වධ දී ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධවයි.

ඇලකාවලගේ සඳුන් උදාර අල්විස්, අවු 21 යි, (උපන් දිනය: 1993.03.10* රැුකියාව: රියදුරු, ලිපිනය: 428/3, ගල්පොත්ත පාර, කිරිබේරිය, පානදුර.
2015.06.24 වන දින දීය.
1. 2015.06.11 වන දින, මමත් නංගීත් ගෙදර ඉන්න විට සවස 5.00 ට පමණ, යතුරුපැදියකින්, පානදුර දකුණ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් පැමිණ, මාව අත්අඩංගුවට ගත්තා.
2. ඔවුන් කිව්වා ප‍්‍රකාශයක් ගන්න තියනවා කියා.
3. ඔවුන් මාව යතුරුපැදියේ මැද තබාගෙන කිරිබේරිය බුදු පිලිමය ළඟ හන්දියට ගෙනවිත් ජීප් එකට දා ගත්තා. ජීප් එකේ සංධීප මධුෂාන් සේනාධීර හිටියා. අප දෙදෙනාවම පානදුර දකුණ පොලීසියටගෙන ආවා.
4. පොලීසියට ගෙන ආ ගමන්, අපි දෙන්නාව, පොලීසියේ උඩම තට්ටුවට ගෙන ගියා.
5. පොලීසියේදී අපව, අපරාධ අංශයේ ප‍්‍රධානියා ළඟට දැම්මා. ඔහුගේ නම උ.පො.ප. නිශාන් කුමාර.
6. ඔහු, උ.පො.ප. නිශාන් කුමාර මගෙන් ඇහුවා නොකියා ෆෝන් එකක් ගැන.
7. එ් අවස්ථාවේ සිට මට පහර දුන්නා. අපි දෙන්නටම මාංචු දාලා තිබුණේ.
8. උඩදී, දෙන්නාටම එක මාංචුවක් දමා, බිම වාඩි කරලා, දුරකතනයෙන් කතා කරලා ගෑනු කෙනෙක්ව ගෙන්නුවා.
9. එ් ගෑනු කෙනාට අපිව පෙන්නලා මුන් දෙන්නා තමයි, බෑග් එක කඩාගෙන තියෙන්නේ, කියා පෙන්නුවා.
10. ඇය කිව්වා, බෑග් එකේ රු: 20,000/- ක් තිබුණා, ෆෝන් දෙකක් තිබුණා, ක්‍රෙඩිට් කාඞ් එක හා බැංකුවට ගෙන ගිය ලියවිලි වගයක් තිබුණා කියා.
11. නමුත් එ් කියන කිසිවක් පොලීසියේ ලීවේ නැහැ. එ්වා කියන ගමන් මගේ කණට ගැහැව්වා. එ් ගැහැව්ව කෙනාව දැක්කොත් අඳුරන්න පු`ඵවන්.
12. ඊට පස්සේ එ් කාන්තාව එක්ක, මට ගහපු පොලිස් නිලධාරියා හෙමින් ටික වේලාවක් කථා කර නැවත අප ගෙන්වා පවුම් 03 ක මාලයක් ද එම බෑග් එකේ තිබුණා කියා පැවසුවා.
13. එම කාන්තාව දුටුවොත් අඳුරන්න පු`ඵවන්.
14. එ් අවස්ථාවේ සිට, අප දෙන්නාටම ගහන්න පටන් ගත්තා. ගහන්න පටන් ගන්න ගොට හවස 6.00 ට විතර ඇති.
15. ෂර්ට් එක ගලවලා, දෙකේ දෙකේ පොලූවලින් දෙන්නෙක් උරහිස් දෙකට ගැහැව්වා. අනෙක් දෙන්නා අතින් පයින් ගැහැව්වා.
16. පහර දුන්නේ අත් දෙකට මාංචු දාලා හිටවලා, ගහන විට වැටුනාම උස්සලා නැවත ගහන්න පටන් ගත්තා.
21. මේ ආකාරයට පැය භාගයක් විතර ගැහැව්වා. පොලූ දෙක කැඩෙනකන් ගැහුවා.
17. මට ගහන අතර එතැනම එහායින් හිටිය සංධීප මධුෂාන්ට ද එ් හතර දෙනාම මට ගහපු විදියටම පහර දුන්නා.
18. රාත‍්‍රී 10.00 ට විතර, අපි දෙන්නාම පහළට ගෙන ගිහිල්ලා කූඩුවට ගිහින් දැම්මා.
24. කූඩුවේ ඉන්නකොට, රාත‍්‍රියේ ගෙදරින් ගෙන ආපු කෑම කන්න දුන්නා.
25. පසුවදා (12 වන දා* උදේ 8.30 ට විතර, නැවත අපි දෙන්නාව උඩම තට්ටුවට ගෙන ගියා.
19. එතැනදී, උ.පො.ප. නිශාන් කුමාර පැමිණිලි පොත් ගොඩ රැුගෙන විත් එ්වා බලා බලා, දුරකතනයෙන් කතා කරමින් හොරු අල්ලලා තියෙන්නේ, කියමින් පොලීසියට එන්න කිව්වා.
20. එහෙම කතා කරලා කාන්තාවන් පස් දෙනෙක් විතර ආවා. ඔවුන්ට අපිව පෙන්නලා මේ අයව අඳුරනවද කියා ඇහැව්වා. හැම එක්කෙනෙක්ම කිව්වා අඳුරන්නේ නැති බව.
21. දවල් 12.00 න් පස්සේ කන්නවත් නොදී ආයෙත් ගහන්න පටන් ගත්තා.
22. දෙන්නාටම ගැහුවා. පොල්ලකින්, අතින් පයින් පෙර විදියට ගැහැව්වා. එ් පොල්ලත් කැඩුණා.
23. ඊට පස්සෙ අමල් කියන නිලධාරියා කොච්චි මිරිස් ෂොපිං බෑග් එකක් විතර අරගෙන ආවා.
24. උ.පො.ප. නිශාන් කුමාර, එ් බෑග් එකේ තිබුණ කොච්චි කරල් 02 ක් අපි දෙන්නගේ මාංචු දාලා තිබුණ අත් දෙකට දුන්නා.
25. එක් නිලධාරියෙක් කොච්චි අරන් පොඩි කර ඇස් දෙකට එබුවා.
26. ඊට පස්සෙ උ.පො.ප. නිශාන් කුමාර, ඔහු අතේ තිබූ පොල්ලෙන් ගසමින් කොච්චි කැව්වා. බෑග් එකේ තිබූ කොච්චිවලින් බාගයක් විතර කැව්වා.
27. පපුවේ දැවිල්ල හැදුනා. ඇස් අරින්න බැරි වුණා. වතුර ඉල්ලමින් කෑ ගැසුවා. නමුත් වතුර දුන්නේ නැහැ.
28. එ් විදියට රාත‍්‍රී වන තෙක් උඩ තට්ටුවේ තියාගෙන ඉඳලා රාත‍්‍රී 10.00 ට විතර ගෙනත් කඩුවට දැම්මා.
29. ? ගෙදරින් ගෙනාපු කෑම කන්න දුන්නා. ඇස් සෝදා ගත්තේ කූඩුවේ කක්කුස්සියේ ටැප් එකෙන්.
30. පසුදා (13 වන දා* උදේ 8.30 ට විතර පෙර පරිදිම උඩ තට්ටුවට ගෙන ගියා.
31. අපිට පහර දුන්න උ.පො.ප. නිශාන් කුමාර හා අනෙක් තුන්දෙනා මාංචු දමා අපි දෙන්නාව බිම වාඩි කරවා තිබ්බා.
32. දවල් 2.00 ට විතර තාත්තා ගෙනා කෑම එක දෙන්නත් එක්ක කෑවා. කන වෙලාවේ මාංචු ගැලෙව්වා.
33. අපි දෙන්නා කාලා ඉවරවෙනකම්ම මාගේ තාත්තා වන ශාන්ත අල්විස් එතැන හිටියා.
34. තාත්තා යැව්වාට පස්සේ සවස 4.00 ට විතර පොලිස් නිලධාරියෙක් එක්ක ගෑණු කෙනෙක් උඩට ආවා.
35. එ් ගෑනු කෙනාට අපි දෙන්නාව පෙන්නලා අඳුරන්න පු`ඵවන්ද කියා ඇහැව්වා. ඇය අඳුරන්න බෑ කියා යන්න ගියා.
36. සවස 5.00 ට විතර, අපි දෙන්නා නැගිටවලා එක් එක් කෙනාට වෙන වෙනම මාංචු දැම්මා. මට මාංචු දැම්මේ අත් කරකවලා පිටුපසට කරලා.
37. මාංචු දාන්න ඉස්සරලා අපිව නිරුවත් කළා.
38. පෙර දිනයේ වගේම කොච්චි මිරිස් ගෙන ආවා. පොලූ අරන් උරහිස්වලට පහර දුන්නා.
39. මගේ අත් දෙක ගැට ගහලා ධර්මචක‍්‍ර ක‍්‍රමයට එල්ලා, පද්දමින් පොල්ලකින් යටි පතුල්වලට පහර දුන්නා.
40. එහෙම පහර දෙන අතර, කොච්චි මිරිස් ඉස්ම ඇස්වලට, කටට, පුරුෂ ලිංගයට හා අධෝ මුඛයට වැක්කෙරුවා. මුහුණ පුරාම කොච්චි ඉස්ම ගෑවා.
41. එහෙම පහර දෙමින් කොච්චි දමමින්, පැය දෙකක් විතර තිබ්බා.
42. එසේ කළේ විටින් විට බිමට අරගෙන ටික වේලාවක් තියලා.
43. මට එ් අය පහර දෙන විට, සංධීප මධුෂාන්ට ද පහර දුන්නා.
44. අන්තිමට මගේ මාංචු ගලවලා ටොයිලට් එකට ගෙනිහිල්ලා ඇස් සෝදා ගන්න විතරක් ඉඩ දුන්නා.
45. නැවත මාංචු දමා හෙලූවෙන්ම බිම වාඩි කෙරෙව්වා.
46. මට කරපු විදියටම සංධීප මධුෂාන්වත් ධර්ම චක‍්‍රයේ එල්ලලා පහර දුන්නා.
47. රාත‍්‍රී 11.00 ට විතර, කූඩුවට දාන්න පහළට ගෙනාවා.
48. කූඩුව ළඟට ගෙන ආවට පස්සේ රිසව් එකේ හිටිය නිලධාරියා කිව්වා, ඇන්ටි‍්‍රයක් නැති නිසා බාර ගන්න බෑ කියලා.
49. අපි දෙන්නාව කූඩුව ළඟට ගෙන එන විට තාත්තා ද පොලීසියේ හිටියා.
50. අපිට ගැහැව්ව එක් නිලධාරියෙක් අපෙන් ඇහැව්වා තොපි මානව හිමිකම් ගියා නේද, ගිහිල්ලා තොපි පු ….. ඇර ගත්තා කියා.
51. යමං උඩට කියා අරගෙන ගියා. යන අතර කිව්වා අපි හයිකෝට් දානවා, අපි ළඟ බඩු තියනවා කියා.
52. උඩට ගෙන ගියාට පස්සේ, එහි සිටිය උ.පො.ප. නිශාන් කුමාර රතු පෑනක් අරන් පොතක ලියාගෙන ලියාගෙන ගියා.
53. ඊට පස්සෙ උ.පො.ප. නිශාන් කුමාර, එහි තිබූ කබඞ් එක ඇර ෂොපිං බෑග් එකක් ගත්තා.
54. එහි කුඩා පැකට් ගොඩක් තිබුණා. එ්වා අපිට පෙන්නලා කිව්වා මේ කුඩු දාලා තොපිව හයිකෝට් දානවා අපිට බඩු තියනවා කියා.
55. එයින් පැකට් දෙකක් අරන්, පොඩි ලියුම් කවර දෙකක් අරන් එයට දමා අලවා ලාකඩ වලින් සීල් තිබ්බා.
56. උ.පො.ප. නිශාන් කුමාර ලියුම් කවර දෙකකට මාගෙන් අත්සන් ගත්තා. ඇඟිලි සලකුණු ද ගත්තා.
57. ඊට පස්සේ ෂොපිං බෑග් එකෙන් තවත් පැකට් දෙකක් අරගත්තා. කුඩා කොල දෙකක් අරන් එ්වා නවා, කුඩා ප‍්‍රමාණයේ විද්්‍යුත් තරාදියක් මත තිබ්බා. එහි තිබූ කොළයට පැකට්වල තිබූ දුඹුරු පාටට හුරු කෑල්ලක් වැනි දෙයක් දැම්මා. එහි බර ලියා ගත්තා.
58. ඊට පස්සෙ පහළට ගෙනිහිල්ලා කූඩුවට දැම්මා.
59. පසුවදා උදේ, (14 වන ඉරිදා* උ.පො.ප. නිශාන් කුමාර ඇතුලූ තිදෙනා අපිව 8.00 ට පමණ, කූඩුවෙන් එළියට අරගෙන ප‍්‍රකාශ වලට බලෙන් අත්සන් ගත්තා.
60. ඊට පස්සෙ රත්මලාන ස්ටේෂන් එක ළඟට ගෙන ගොස් නැවත ඇවිත්, පානදුර කිරිබේරිය ගේට්ටු හන්දියට ආවා.
61. එහි බෝක්කුව ළඟ නතර කර අවට බලා නැවත පොලීසියට ආවා. එවිට දවල් 12.00 ට විතර ඇති.
62. ගෙන ආවට පස්සෙ වෙනත් නිලධාරියෙක් අපිව උසාවියට ගෙන ආවා. එ් අතර පො.කො. අමල් හිටියා.
63. පානදුර මහේස්ත‍්‍රාත්තුමා ඉදිරියට අපි දෙන්නව ඉදිරිපත් කළා. අපි දෙන්නා වෙනුවෙන් නීතිඥ සුගත් හඳුන්ගේ මහතා ඉදිරිපත් වුණා.
64. නීතිඥ මහතා අපව අත්අඩංගුවට ගෙන පහර දීපු හැටි, බොරු නඩු දාපු හැටි විස්තර කිව්වා.
65. අපි දෙන්නාව රක්ෂිත බන්ධනාගාරගත කළා.
66. අපිව ක`ඵතර බන්ධනාගාරයට ගෙන ගියා. පසුවදා උදේ නාගොඩ මහ රෝහලට ගෙන ගියා.
67. රෝහලේ වෛද්‍යවරයාට අපි සියලූ විස්තර කිව්වා. අපිව පරීක්ෂා කළේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා.
68. අපි දෙන්නාට විරුද්ධව කුඩු නඩුවක් හා සොරකම් නඩුවක් දාලා තිබුණා.
69. 2015.06.23 දින අපිව ඇප මත මුදා හැරියා.
මා ඉල්ලා සිටින්නේ,
නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, දින 04 ක් රඳවා තබාගෙන වධ දීම පිළිබඳව, පානදුර දකුණ පොලීසියේ අපරාධ අංශයේ උ.පො.ප. නිශාන් කුමාර හා ඔහු හා එක්වූ එම අංශයේ සෙසු නිලධාරීන් තිදෙනාට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, අපට විරුද්ධව පවරා ඇති ව්‍යාජ නඩු දෙක ඉවත් කරන ලෙසටත්ය.
2015.06.14 වන දින, මාගේ නැන්දා වන ඇලකාවලගේ අයිරාංගනී අල්විස් විසින් සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පතිට මේ පිළිබඳව ලිඛිතව දන්වා ඇති බවද ප‍්‍රකාශ කර සිටිමි.
ඇලකාවලගේ සඳුන් උදාර අල්විස්

One thought on “තරුණයින් දෙදෙනෙකුට වද දීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )