”මේ ගෙදර කෙල්ලෝ වගයක් මට බුරුසුවා කිව්වා,”

DSC_0629

පාසල තුල හිංසනය නීතියෙන් තහනම්ය. නමුත් එය ප්‍රයෝගික නැත. ගෝත්‍රික ලක්ෂණ පෙරට එයි. මේ තත්වය වෙනස් කල හැක්කේ මෙම අවනිතියට අබියෝග කිරීමෙන් පමණි. නිකේෂලා හර්ෂනී රණවිර මහත්මිය තම දියණියට සිදු වූ අසාදාරනය සම්බන්දයෙන් පෙරට එය. එය හොද ලක්ෂණයකි.

ස්ථානාධිපති,
පොලිස් ස්ථානය,
පානදුර දකුණ.

ලිඛිත පැමිණිල්ල

නිකේශලා හර්ෂානි රණවීර, අවු: 33යියි, ජාතික හැඳුනම්පත් අංකය: 815394011ඪ, විවාහක, දරුවන් 03යි, 219, අරුක්ගොඩ පාර, අ`ඵබෝමුල්ල,පානදුර හි පදිංචි, දු.අ.0776437998
2015.07.13 දිනදීය.

ඉලේපෙරුමගේ ජයංගී උමේන්ද්‍රා පෙරේරා, අවු: 13යි, බප/හො/එස් මහින්ද මහා විද්‍යාලය -අ`ඵබෝමුල්ල – 8 සී ශ්‍රේණීයේ ඉගෙනුම ලබයි – මාගේ දියණිය වේ.

2015.07.08 දින, පස්වරු 2.30 ට පමණ, මෙම විද්‍යාලයේ වැඩබලන විදුහල්පති සෙනෙවිරත්න, ගේ තුලට අනවසරයෙන් පැමිණ, උස් හඬින් මේ ගෙදර ඉන් ළමයි කව්ද කියා අසමින් – ”මේ ගෙදර කෙල්ලෝ වගයක් මට බුරුසුවා කිව්වා, මම ගුරුවරයෙක්, එ්ක ඇහිලා තමයි මම ආවේ” කියා කිව්වා.

මෙම ශබ්දයට කාමරයේ සිටි, දියණීය ඉදිරියට ආවා. ඇය දුටු මෙම පුද්ගලයා, ”මේ උඹ මොන පංතියෙද , නම මොකක්ද” කියා ඇසුවා.

දුව බය වී, පංතිය හා නම කිව්වා. හරි හරි මම බලාගන්නම් කියා ඔහු යන්න ගියා.

ඔහු ගියේ, අප පදිචි ගෙදරට ගෙවල් දෙකක් පමණ එහායින් තියෙන ටියුෂන් දෙන ගෙදරට.

පසු දින, මාගේ දියණිය අසනීප නිසා පාසලට ගියේ නැහැ. පසුව ආරංචි වුනා මොහු, 8 සී ශ්‍රේණීයට ගොස් මාගේ දියණීය ඔහුට බුරුසුවා කිවූ බවත්, අද ඉස්කෝලේ ඇවිල්ලා නැහැ, ආවාහම පාඩමක් උගන්වනවා යනුවෙන් කියා තිබෙන බව.

ඊට පසු දින (2015.07.10*, දියණය පාසලට ගියා. ඔහු පංතියට ගොස්, ”අද උඹ ආවාද” කියා අසමින්, ”වරෙන් යන්න කියා” පංතියේ හිටපු දරුවාව කාර්යාලයට ගෙනවිත් දුවට බැණවැදී නින්දා අපහාස කරලා තිබුනා.

අද දින, 2015.07.13 දින, දියණිය පාසල් යන්න බැහැ කිව්ව නිසා, මම දියණිව අරගෙන උදේ 8..00 ට පාසලට ගියා.

මම දියණියව පාසැල තුලට ඇතුල් කර, බාල පුතාව ප‍්‍රාථමික විද්‍යාලයට ඇරලූවා.

ඉන්පසු මා පාසැලට ගොස් වැඩ බලන විදුහල්පති සෙනෙවිරත්නව හමුවුනා. මා ඔහුගෙන් විමුසුවා ”ඇයි පංතියට ගිහිල්ලා දුවට අපහාස කර බැන්නේ, දුව ඉස්කෝලේ එන්න බැහැ කියා අඬනවා කියා.

එවිට මෙම වැඩ බලන විදුහල්පතිවරයා, උඹලා අරූගේ පංතියේ නිසාද ඔලූව ඉදිමිලා තියෙන්නේ, මම උඹ එකක් බුදියගන්න නෙවෙයි ආවේ කියමින්, මට නින්දා අපහාස කරමින් බැන, එ් අසල සිටි ශිවන්ත නැමැති කාර්යාල සහකාරට කිව්වා මාව ඇදලා එළියට දාන්න කියා. එතැනට තවත් ගුරුවරු කිහිප දෙනෙකු ද ආවා.

මා පිටව යන අවස්ථාවේ, ගුරුමහත්මියක් කිව්වා ඔය ඉස්සරහාට එන්නේ කලාපේ මහත්තයෙක් කියා. මා ඔහුව නවත්වා ඔහුටද විස්තර කිව්වා.

මේ අවස්ථාවේ වැ.බ.විදුහල්පති කිව්වා, පොලිසිය මගින් මාව රිමාන්ඞ් කරන බව.

මා ඉල්ලා සිටින්නේ,

2015.07.08 දින, නිවසට ඇතුලූව, බැන තර්ජණය කිරිම, භිය වැද්දීම, 2015.07.10 දින, මාගේ දියණියට සිසුන් ඉදිරියේ බැණ, නින්දා අපහාස කර, මානසික වධහිංසාවන්ට පත් කිරීම,

2015.07.13 දින මා පාසැල්ට ගිය විට මාහට අසභ්‍ය වචන කියමින් බැන තර්ජණය කිරිමට එරෙහිව – නීතිමය පියවර ගන්නා ලෙසටය.

ඉහත සියලූ කරුණූ සත්‍ය, නිවැරදි බව ප‍්‍රකාශ කරන අතර, මෙය ලිඛිත පැමිණිල්ලක් ලෙසට බාරගන්නා ලෙසද ඉල්ලමි.
නිකේශලා හර්ෂානි රණවීර

පිටපත :
01. ජේ්‍යෂ්ට පොලිස් අධිකාරී
ජේ්‍ය.පො.අ.කාර්යාලය,
පානදුර.

02. පොලිස්පති

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )