මෝහන්ගේ බල්ලා රජ වෙයි.

DSC_0624 DSC_0626 DSC_0627

මෙය බලු සිද්දියකි. පොලිසිය බල්ලාගේ අයිතිකරුගේ පැත්ත ගනී. දයාවතී බලදාරින්ගේ පිහිට පතන්නිය.

ස්ථානාධිපති,

පොලිස් ස්ථානය,
මිල්ලනිය.

අපරාධයට වග කිව යුතු අයට, නොපමවා නඩු පවරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

උක්වත්තගේ දයාවතී, අවු: 52යි, විවාහක, දරුවන් 01යි, රැුකියාවක් නොමැත.
තොටුපිටියාව, උඳුපියල්ලා වත්ත, පරගස්තොට.
2015.07.13 දිනදීය.

2015.06.20 දින, උදේ 8.30 ට පමණ, පරගස්තොට, මොරොන්තුඩුව පාරේ, මෝහන් නැමැත්තාගේ නිවස ඉදිරිපිටදී, එම ගෙදර බල්ලා මාව හපා කන ලදි.

එ් අවස්ථාවේ එම ගෙදර මෝහන් හා පියශීලි යන අය, මාව ත‍්‍රී රෝද රථයකින් ගෝනදුව රජයේ රෝහලට යවනු ලැබුවා.

රෝහලේදී මට ප‍්‍රතිකාර ලබා දුන්නා. එයින් පසුව නැවත මාව එම ත‍්‍රී රෝද රථයෙන්ම – නැවත මෝහන් නැමැත්තාගේ නිවසට ගෙන ගියා.

තුවාලයට ගෝනදුව රෝහලෙන් බෙහෙත් දැම්මේ නැහැ. තුවාලය වහන්න එපා කිව්වා. නමුත් එ් ගෙදර සිටි මෝහන් හා පියශීලි එකතුවෙලා තුවාලයට බෙහෙත් දාලා ගෙදර ඉන්න කිව්වා.

නමුත් මම ටික වෙලාවක් ඉඳලා ගෙදර ආවා. තුවාලය නිසා කකුල ඉදිමුනා. 2015.06.22 දින මම හොරණ රජයේ රෝහලට ගියා. එහදී බෙහෙත් දැම්මා.

එදිනම, 2015.06.22 වන දින, මිල්ලනිය පොලිසියට ගොස් පැමිණිලි කලා.

2015.06.23 දින පැමිණිල්ල විභාගයට තිබ්බා. එ් අවස්ථාවේ මෝහන් එකඟවුනා රුපියල් හයදහසක් ගෙවන්න. එදත් ප‍්‍රකාශවලට අත්සන් ගත්තා.

2015.06.24 වන දින පොලිසියට එන්න කිව්වා. එදින මෝහන් රු: 1000/=ක් දුන්නා.

සති හයක් යනතෙක් රුපියල් 1000/= බැගින් ගෙවන්න එකඟ වුනා. නැවත 2015.07.01 දින පොලිසියට එන්න කිව්වා. එදිනත් මට රුපියල් 1000/=ක් දුන්නා.

ඊළඟ සතියේ එනම් 2015.07.08 දින පොලිසියට ගියා. නමුත් මෝහන් කියන අය ආවේ නැහැ. මට 2015.07.11 එන්න කිව්වා. නමුත් එදිනත් මෝහන් කියන අය ආවෙ නැහැ.

එ් අවස්ථාවේ මට පොලිසිය ප‍්‍රකාශ කලා – එ් කොල්ලා එන්නේ නැතිනම්, සල්ලි දෙන්න අපිට බලෙන් ගෙන්න ගන්න බැහැ කියා. නඩුදාන්නත් බැහැ කිව්වා. තවදුරටත් පොලිසිය කිව්වා, ඕනි නම් ගිහිල්ලා සිවිල් නඩුවක් දාගන්න කියා.

බල්ලාගේ හිමිකරු වන මෝහන් නැමැත්තා පොහොසත්, දේශපාලන සම්බන්ධකම් තියෙන අයෙකි.

මම විශ්වාස කරන්නේ, මෙම බලපුලූවන්කාරකම් උඩ, මට පොලිසියේදී පොරොන්දු වූ මුදල ලබානොදෙන බව හා නඩු නොපවරන බවය.
මා ඉල්ලා සිටින්නේ, දැනට මාසයකට ආසන්න කාලයක් ගතවුවද, මෙම අපරාධය සම්බන්ධයෙන්, මෝහන් නැමැත්තාට හා එම නිවසේ හිමිකාරිය වන පියශීලිට එරෙහිව නඩුපවරන ලෙසටය.
උක්වත්තගේ දයාවතී

පිටපත:
01. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
පානදුර.

02. පොලිස්පති

Advertisements

One thought on “මෝහන්ගේ බල්ලා රජ වෙයි.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: