යහ පාලනය ;- තවත් නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීමක් සහ බොරු නඩු දැමීමක්.

DSC_0602 DSC_0603

මේ යහ පාලන නායකතුමා මරණ දඩුවම ගැන කතා කරන කාලයයි. රටේ නිතිය හා සාමය රැකීමට සිටින පොලිසිය තම වගකීම හරිහැටි ඉටු කරන්නේ නැත. එහෙවු වාතාවරනයක් තුල මරණ දඩුවම ගැන කතා කිරීම විහිළුවකි. අපරාද වැඩි වීමට එක් ප්‍රදාන හේතුවක් වන්නේ පොලිසියේ නීතිවිරෝදී ක්‍රියාවන්ය. මේ තවත් සිදුවීමකි. පහත පැමිණිල්ල කියවන්න. ඔහු නිලක සදරුවන්ය.

01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩු පැවරීම.

ඊශ්වරගේ ෙදාන් නීලක සඳරුවන්, අවු: 18යි, ජා.හැ.අ.972403687ඪ, දරුවන් 01යි, රැුකියාව: ත‍්‍රී රෝද රථ රියදුරු
ලිපිනය : 43, අත්කම් නිවාස යෝජනා ක‍්‍රමය, ඉළිඹ හංදිය, මූණගම, හොරණ.
2015.06.05 දිනදීය.

2015.05.23 දින උදේ 10.00 – 10.30 පමණ, හොරණ පොලිසියේ පො.ප.හෙට්ටිආරච්චි ඇතු`ඵ නිලධාරීන් කිහිප දෙනෙකු මාගේ නිවසට පැමිණ තිබුනා. එ් අවස්ථාවේ මා සිටියේ මාගේ ආච්චීට අයත් හොරණ, මීගැත්තර, කිරිගල ඉඩම එළි කිරීමේ කටයුතු වල නියැළෙමින්ය. පසුව මට දැනගන්නට ලැබුනා, මා අඩුවට මිළට ගෙන, වැඩි මුදලට විකුණීමට ගෙනවිත් තිබූ ජංගම දුරකථන 4ක් හා මාගේ ඞී.වී.ඞී.යන්ත‍්‍රය මෙම නිලධාරීන් විසින් රැුගෙන ගොස් ඇති බව.

පසුදින එනම්, 2015.05.24 දින, මාගේ නැන්දා වන ඊ.ඞී, රේණූකා රංජනී ගේ නිවසට පොලිසිය ගොස් එම නිවසේ තිබූ මාහට අයත් ්්්‍ය 8922 දරණ පියාජෝ වර්ගයේ ත‍්‍රී රෝද රථයද අත්අඩංගුවට ගෙන තිබුනා. පොලිස් නිලධාරින් නැන්දාට තර්ජණය කර තිබෙනවා, කුඩු පැකට් එකක් හරි දාලා ත‍්‍රී රෝද රථය රාජසන්තක කරන බවත්, මාව අසු වුනොත් අත පය කඩනා බවටත්.

එම තර්ජණයන් නිසා, මාගේ ආච්චී වන අතුකෝරළගේ තිලකාවතී මිය, 2015.05.27 දින පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී මුනගැසී සිද්ධිය පවසා, පොලිසියෙන් මාහට වධහිංසා පමුණුවිය හැකි බැවින් එය වලකාලන ලෙසට ඉල්ලා සිටියා.

2015.05.28 දින මා නීතිඥ සීතා රෝහිණී මිය සමග හොරණ පොලිසියට ගොස් බාරවුනා

එ් අවස්තාවේ මාව කූඩුවට දැම්මා. පැයක් පමණ වේලාවකට පසු නැවත කූඩුවෙන් එළීයට අරගෙන කටඋත්තර ගත්තා. ඇගිලි සලකුණු ද ලබා ගත්තා. පසුවනැවත මාව කූඩුවට දැම්මා.

එදින මා කූඩුවේ සිටියදී, කාන්තාවක් කූඩුව අසලට පැමිණ මා දෙස හොදින් බලා යන්න ගියා.

මා දැනගත්තා මාව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ නගරාධිපති. ග‍්‍රැන්විල් රාජපක්ෂ ගේ නිවස මංකොල්ල කෑමක් සම්බන්ධයෙන් ඔහුගේ අවශ්‍යතාවයට බව.

පසුදින (29 දින* දි මා කූඩුවේ පසුවෙද්දී, පෙර දින පැමිණි කාන්තාවම නැවත පැමිණ මා දෙස හොදින් බලා යන්න ගියා.
එදින (29 දින* සවස 2.00 පමණ තෙක් මාව කූඩුවෙ තැබුවා. 29 දින සවස මාව කූඩුවෙන් එළියට ගෙන, ත‍්‍රී රෝද රථයක දමාගෙන, හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. විනාඩි 20ක පමණ කාලයක් මාව කාමරයක තබා, පසුව මහේස්ත‍්‍රාත්වරිය සිටි කාමරයට ගෙන ගියා. එවිට වේලාව සවස 4.00 පමණ වේ. මහේස්ත‍්‍රාත්වරිය මාගෙන් විස්තර විමසා, පොලිස් නිලධාරින්ට ෙදාස් පවරා සිටියා, මිනිසුන්ට මෙහෙම කරන්න එපා කියා. පොලිසිය පැවසුවා පෙරට්ටුවක් තියන්න ඕනා කියා, පසුව මාව දින 2ක් බන්ධණාගාරගත කරනු ලැබුවා.

2015.06.01 දින, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය වෙත මාව ඉදිරිපත් කලා. එදින මාව ඉදිරිපත් කලේද රෙද්දකින් වසා ගෙනවිත්ය. එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් තැබුවා. පෙර දින 2ක් පොලිසියට පැමිණ මා දෙස බලා ගිය කාන්තාව විසින් එදින මා හඳුනාගත් බවට පෙන්වා සිටියා.

මට එරෙහිව නගරාධිපති ග‍්‍රැන්විල් රාජපක්ෂ ගේ නිවස මංකොල්ලකෑම සම්බන්ධයෙන් නඩුවක්ද, නිවසකට ඇතු`ඵ වී කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අල්ලා ගැනීමට නොහැකි නිසා එම නඩුව ද මාහට පවරා තිබුනා. එම නඩු අංක 6229 හා 6230 වේ. නැවත නඩුව 2015.06.08 දින වේ.

මීට පෙර ද කිහිප වතාවක් හොරණ පොලිසියේ පො.ප.හෙට්ටිආරච්චි විසින් මා අත්අඩංගුවට ගෙන හිරිහැර කර, ව්‍යාජ නඩු පවරන ලද බවත්, නැවතත් කුඩු හෝ බෝම්බ දමා බන්ධණාගාරගත කරවන බවට තර්ජණය කරනු ලබන බවත් ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,

මට එරෙහිව ව්‍යාජ චෝදනා නගමින්, නගරාධීපතිවරයාගේ අවශ්‍යතාවයට කටයුතු කර, නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගන, ව්‍යාජ නඩු පැවරීම අදාලව, හොරණ පොලිසියේ පො.ප.හෙට්ටිආරච්චි ඇතුලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, ඉදිරියේදීද, මාහට මෙලෙස හිරිහැර සිදුවිය හැකි බැවින්, එය වලක්වා, මාහට ආරක්ෂාව සලසන ලෙසටත්ය.
ඊශ්වරගේ ෙදාන් නීලක සඳරුවන්

One thought on “යහ පාලනය ;- තවත් නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීමක් සහ බොරු නඩු දැමීමක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )