යහ පාලනය ;- “මගේ මුණුපුරාට බොරු නඩු දාන්න යනවා”

DSC_0601

යහ පාලන ආණ්ඩුවේද වෙනසක් නැත. මේ පානදුර දකුණ පොලිසිය සිදු කරන වදහිංසා පැමිණ වීමකි. බොරු නඩු දැමීමේ උත්සාහයකි. මේ පැමිණිල්ල අද පොලිස්පති සහ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කලේ අයුක්තියට මුහුණ දෙන අමිලගේ මිත්තණියයි. අදාල පැමිණිල්ල පහතින් ඇත.

01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ නඩු පැවරීම ගන්නා උත්සාහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

වීරප්පෙරුමගේ පුඤ්ඤවතී අතුකෝරල, අවු: 58යි, ජා.හැ.අ.575663192ඪල විවාහක, දරුවන් 04යි,
ලිපිනය : 223, කලූදෑවල, පානදුර.
2015.06.01 දිනදීය.

කූරගමගේ අමිල පුෂ්ප කුමාර, අවු: 21යි, රැුකියාව: කුලී වැඩ – මාගේ මුණුපුරා වේ.

2015.05.31 දින , දහවල් 11ට පමණ, අමිල ඇඳේ ඇලවී රූපවාහිනිය නරඹමින් සිටියා. එ් අවස්ථාවේ, ජීප් රථයකින්, සිවිල් ඇඳුමින්, පානදුර දකුණ පොලිසිසයේ නිලධාරින් 08කු පමණ නිවසට පැමිණීයා. ඔවුන් නිවස තුලට දුව ආවා. පුෂ්ප කුමාර නැමැති නිලධාරියා අත වකුටු පිහියක් තිබුනා. ඔහු එය අමිලගේ බෙල්ලට තබා, කුණූහරපයෙන් බැණ, අත්වලට මාංචු දැම්මා. එසේ කිරීමට හේතුවක් කිව්වේ නැහැ.

මාගේ මිනිපිරියවන චමිලා පුෂ්ප කුමාරි එ් අවස්ථාවේ බිය වී කෑගසන්නට වුනා. ඇය ගර්භනියකි. නිශාන්ත නැමැති නිලධාරියා ඇයව වේගයෙන් තල්ලූ කර දැම්මා. ඇයව වෙනත් නිලධාරියෙකුගේ ඇගේ හැපී නතර වූවා. නිශාන්ත නැමැති නිලධාරියා මාව ද තල්ලූ කර දැම්මා. තොපිව කපනවා කියා තර්ජණය කලා.

මාගේ මුනූපුරාට එනම් අමිල ට අමානුෂික ලෙස අතින් පයින් පහර දුන්නා.

පසුව ඔවුන පැමිණි ජීප් රථයේ දමාගෙන පානදුර දකුණ පොලිසියට ගෙන ගියා. එහිදීද ඔහුට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

ඔහු මේ වන විට පසුවන්නේ ඉතාමත් රෝගී තත්වයෙන්.

ඔහුට එරෙහිව ව්‍යාජ කුඩු නඩුවක් පැවරීමට පානදුර දකුණ පොලිසිය සූදානම් වනවා. 2015.05.30 දින ලියුම් කවර හතරකට ඔහුගෙන් අත්සන් ලබාගෙන තිබෙනවා.

මා ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් මැදිහත්ව, ව්‍යාජ නඩු පැවරීමට වන සූදානම වලක්වාලන ලෙසත්, ඔහුට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමටත්, කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරවීමට කටයුතු කරනා ලෙසටත්ය.

පුඤ්ඤවතී අතුකෝරල,

One thought on “යහ පාලනය ;- “මගේ මුණුපුරාට බොරු නඩු දාන්න යනවා”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )