download (4)

මේ ෆායිස් එරෙහිව නීතිපති සහ තවත් අය යන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. එහි අංකය 89/91 විය. ප්‍රනාන්දු විනිසුරු, ගුනවර්දන විනිසුරු සහ පෙරේරා විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වුනි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර නීතිඥ ලාලනත් ද සිල්වා සහ ජේ ගුනවර්දන යන අය පෙනී සිටියහ. 1 සිට 4 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජෙනරාල් උපවංශ යාපා යන අයද 5 සහ 6 වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රොනල්ඩ් පෙරේරා සමග ජනාදිපති නීතිඥ එල් සි සෙනෙවිරත්න යන අය පෙනී සිටියහ.

මෙහිදී නීතිවිරෝදී ලෙස දැව කැපීමට එරෙහිව අත්අඩංගුවට ගත් පුද්ගලයකු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම, විධායක සහ පරිපාලන ක්‍රියාවක් බව, නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම, නීතිවිරෝදී ලෙස රදවා තබා ගැනීම, කෘර සහ පහත් කොට සැලකීම, නිතිය ඉදිරියේ සමාන ආරක්ෂාව, පැමිණිල්ල ලියා ගැනීම සිදු නොකිරීම (අපරාධ නඩු විදාන සංග්‍රහයේ 109 (1) සිට 05 දක්වා චේද ) සහ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 12, 13(1) සහ (2) වගන්තින් සාකච්චාවට බදුන් විය.

දිනය 1991 අප්‍රියෙල් 26 වැනිදාය. වේලාව උදැසන 9.30 ට පමණ විය. පෙත්සම්කරු ඔහුගේ වගකීම අනුව මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ නීතිවිරෝදී දැව කපන්නන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඔවුන් පෙත්සම්කරුට පහර දුන්හ. මෙම නීතිවිරෝදී දැව කපන්නන් අතර දේශපාලනඥයින් කිහිපදෙනෙකුද විය.

මෙම පහරදීම සිදුවුයේ එළියේදී සහ පොලිස් ස්ථානය තුලදීය. එවිට පොලිසිය කිසිවක් කලේ නැත. පෙත්සම්කරු රජයේ සේවකයෙකි. පහරදීම සිදුවුයේ පොලොන්නරුව පොලිස් ස්ථානය තුලදීය. පෙත්සම්කරු වැඩ කලේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේය. ඔහු ශේෂ්ට්‍රදිකරණයේ පිහිට පැතුවේ 11, 12, 13(1) සහ 13(2) වගන්තින් උල්ලංගනයවීම පිළිබදවයි. 2 සහ 4 දක්වා වගඋත්තරකරුවන් පොලොන්නරුව පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි අය වේ. 5 සිට 6 දක්වා වගඋත්තරකරුවන් පාර්ලිමේන්තු සාමාජිකයින් විය. 5 වන වගඋත්තරකරු රාජ්‍ය අමාත්‍යවරයකු විය.

පෙත්සම්කරු වනජීවී සංරක්ෂණයේ අද්යක්ෂකවරයාගෙන් ලැබුන තොරතුරක් මත රාජකාරි ඉටු කිරීම සදහා මින්නේරිය ගිරිතලේ වන රක්ෂිතයට ගියේය. ලැබුන තොරතුර වුයේ එහි හොරෙන් ලි කැපීම සහ දැව ජාවාරම සිදුවන බවය. පෙත්සම්කරු සහ නිලදාරී පිරිස එයට ජීප් රථයකින් ගොස් පසුව අඩි පාරක් ඔස්සේ වන රක්ෂිතයට ඇතුළු විය. එහිදී පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඒ සමග කරත්ත කිහිපයක්ද අත්අඩංගුවට ගත්තේය. ඔවුන් ඉන්පසුව සුදුකන්ද ප්‍රදේශයට ගිය අතර එහිදී පුද්ගලයින් සිවු දෙනෙකු සහ අත් ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒවායේ ලි තිබිණි. එහිදී 06 වන වගඋත්තරකරු පෙත්සම්කරු මුණගැසුණු අතර ඔහු පෙත්සම්කරුගෙන් තර්ජනාත්මක ලෙස අත්අඩංගුවට ගැනීම ගැන විස්තර විමසා තිබේ. ඉන්පසු අවස්ථාවක 06 වන වගඋත්තරකරු පෙත්සම්කරුට පහරදී ඇත. මෙයට 7 වන වගඋත්තරකරුද දායක වී ඇත. ඔහු ලේ ගලන තුවාල සහිතව පොලොන්නරුව පොලිසියට පැමිණියේය. එවිට එහි වගඋත්තරකරුවන් විය. පොලිසියෙදිත් පෙත්සම්කරුට වගඋත්තරකරුවන් විසින් පහර දෙන ලදී.

පෙත්සම්කරු නඩුව ජයග්‍රහණය කළේය. වන්දිය රුපියල් 50,000කි. ගාස්තුව රුපියල් 5000 කි.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බාෂාවෙන් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.lawnet.lk/docs/case_law/slr/HTML/1995SLR1V372.htm

Advertisements