ජනතා අධිකරණය (55);- “නිතිය ඉදිරියේ සියල්ලෝ සමානය” නඩුව.

download (3)

11 වන වගන්තිය සහ 13 (2) වගන්තිය මගින් සහතික කර ඇති පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් රජය විසින් උල්ලංගණය කරන ලදී. නිතිය සම්බන්දයෙන් වගකිවයුත්තේ රජයයි. පුරවැසියන් පොහොසත්වුවද දුප්පත්වුවද ඔවුන්ගේ ආරක්ෂාවට ඇත්තේ නීතියයි. ඒ අනුව එහි ආරක්ෂාව සදහා රජය වගකිවයුතු වේ. මෙහිදී රජය පෙත්සම්කරුට රුපියල් 50,000ක වන්දියක් ගෙවියයුතු බවට තීරණය කෙරිණි. නඩු ගාස්තුව රුපියල් 5000 ද පෙත්සම්කරුට ගෙවිය යුතුවිය.

මෙම ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ද සිල්වා විනිසුරු ලියු අතර එයට ගුණසේකර විනිසුරුගේ සහ ප්‍රනාන්දු විනිසුරු යන විනිසුරු දෙපලගේ එකගතාවය හිමිවිය. තීන්දුව ලබා දුන්නේ 2002.05.31 වැනිදාය.

පෙත්සම්කරු නඩුව පවරන අවස්ථාවේ 55 හැවිරිදි වියේ සිවුදරු පියෙකු විය. ඔහු නීතිවිරෝදී මත්පැන් කටයුතු වල නිරත වී තිබේ. එහෙත් මෙම සිද්දිය සිදුවීමට මාස 03, 04 කට පෙර ඔහු එයින් වැලකි ඇත. 2001.03.07 දින රාත්‍රී 7 ට පමණ ඔහු සිය ගෙදර පිටුපස කැලයට ගොස් තිබේ. ඔහුට පිස්තෝලයක් අතැතිව සිටි මිනිසෙක් ඔහුගේ ඇගෙන් ඇද නීතිවිරෝදී මත්පැන් ඉල්ලා තිබේ. පෙත්සම්කරු මරණ බයේ බේරී පලායාමට උත්සාහ කලද ඔහුව නැවත අල්ලා ගනු ලැබිණි. ඔහු එම මිනිසාව හපා කැලයට පලා ගොස් සැගවී තිබේ. ඔහු කැලයෙන් එලියට පැමිණි විට බල්ලන් බිරු අතර ජීප් රථයක සිටි මිනිසුන් පිරිසක් විසින් එයින් පැන නැවත ඔහුව අල්ලා ගෙන ඇත.

පෙත්සම්කරුට පහරදී ඔහුව ජීප් රථය තුලට දමා මතුගම පොලිසියට රැගෙනවිත් ඇත. ඔහුව පොලිස් බැරැක්ක වෙත රැගෙන ගොස් තිබේ. ඔහුගේ සරම ගලවා ඇස් බැද ඇත. ඔහුට වගඋත්තරකරුවන් විසින් කිහිප සැරයක්ම පහරදී තිබේ.

පෙත්සම්කරුව මහේස්ත්‍රාත් අදිකරණයක් වෙත ඉදිරිපත් කෙරුනේ නැත. ඔහු වධහිංසාවට පාත්‍ර වීමෙන් අනතුරුව වැත්තාව රෝහලින් සහ කොලබ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගෙන ඇත. රෝහල් වාර්තා වලට අනුව ඔහුගේ අත් දෙකේම පිපුරුම් තුවාල විය.

වගඋත්තරකරුවන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් කියා සිටියේ පෙත්සම්කරුව අත්අඩංගුවට ගත්තේ නීතිවිරෝදී මත්පැන් ලග තබා ගැනීම සම්බන්දයෙන් හා පහරදීම සහ තුවාල සිදුවුයේ පෙත්සම්කරු පළමු වගඋත්තරකරුගේ රාජකාරියට බදා කල නිසා බවය.

පෙත්සම්කරු සමරක්කොඩි ආරච්චිගේ දොන් සිරිපාල විය. ඔහු නවුත්තුඩුව, කටුගහහෙන හි පදිංචිව සිටියේය. වගඋත්තරකරුවන් වුයේ මතුගම පොලිසියේ නිලදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම නීතිඥ එම් ජේ ඒ හසන් සහ නීතිඥ එස් කස්තුරිආරච්චි යන අය පෙනී සිටියහ. පළමු වගයුත්තරකරු වෙනුවෙන් නීතිඥ සාලිය පිරිස් සහ 02 සිට 04 වන වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ ආර් හම්සා යන අය පෙනී සිටියහ. විනිසුරු ප්‍රනාන්දු විනිසුරු ගුණසේකර සහ විනිසුරු ද සිල්වා යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය.

මෙම සම්පුර්ණ නඩු තීන්දුව ඉංග්‍රීසි භෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.janasansadaya.org/page.php?id=220&lang=en

2001. 2001.03.07

2 thoughts on “ජනතා අධිකරණය (55);- “නිතිය ඉදිරියේ සියල්ලෝ සමානය” නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )