STFPottuvil2005

මේ අංක 600/95 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. නීතිඥ ගාමිණී පෙරේරා මෙම නඩුව ගොනු කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වන තට්ටුවේ රදවා සිටි විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ ස්ථානදිපති සමන් ශ්‍රීමාල් බණ්ඩාර මඩකුබුර වෙනුවෙනි. මෙහි පොලිස්පති නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් 07 දෙනෙකු විය.

නඩුව විබාග වුයේ ප්‍රනාන්දු විනිසුරු වඩුගොඩපිටිය විනිසුරු විජේතුංග විනිසුරු ආනන්ද කුමාරස්වාමි විනිසුරු ගුනවර්දන විනිසුරු යන පංච පුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ තිලක් මාරපන නීතිඥ නලින් ලද්දුවහෙට්ටි නීතිඥ ජයන්ත ප්‍රනාන්දු නීතිඥ ශානිල් කුලරත්න සහ නීතිඥ දම්මික ජයනෙත්ති යන අය පෙනී සිටියහ. වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිහාල් ජයසිංහ රජයේ ජෙෂ්ට නීතිඥ පාලිත ප්‍රනාන්දු සහ රජයේ නීතිඥ එන් පුල්ලේ යන අය පෙනී සිටියහ. තීරණය ලබා දුන්නේ 1997 අගෝස්තු 29 වැනිදාය. මෙහිදී ආනන්ද කුමාරස්වාමි විනිසුරු විසින් විසම්මුතික තීන්දුවක් ලබා දෙන ලදී.

ඔහුව 1993.08.23 දින අත්අඩංගුවට ගනු ලැබිණි. වගඋත්තරකරුවන්ට අනුව 1995.05.31 සහ 1995.08.15 දින කාලය අතර විවිධ ස්ථාන වලින් මළසිරුරු සොයා ගනු ලැබිණි. ඒ බොල්ගොඩ ඇල, දියවන්නා ඔය සහ අලවුව යන ප්‍රදේශ වලදීය. ඒ කාලය තුල පෙත්සම්කරු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ ස්ථානදිපතිවරයා විය. ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් විසින් රැදවුම් නියෝගයක් නිකුත් කරනු ලැබිණි. ඒ ඔහුව ජාතික ආරක්ෂාව නිතිය සහ සාමය පවත්වා ගෙන යාම කඩකිරීම වැළැක්වීම වෙනුවෙනි. ඔහුව අත්අඩංගුවට ගෙන කොළබ අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවේ 4 වන තට්ටුවේ රදවා ගනු ලැබිණි. මෙහිදී රැදවුම් නියෝගයේ කාලසීමාව සාකච්චාවට ලක්විය.

ප්‍රනාන්දු විනිසුරු විසින් පෙත්සම්කරුගේ 13(2) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් කඩවූ බව ප්‍රකාශ කළ අතර රජයට වන්දි ලෙස රුපියල් 25000 ක්ද ගාස්තු ලෙස රුපියල් 15000 ක්ද ගෙවිය යුතු බවට නියෝග කරන ලදී. එයට වඩුගොඩපිටිය විනිසුරු විජේතුංග විනිසුරු සහ ගුනවර්දන විනිසුරු යන අය එකගතාවය පල කළහ.

ආනන්ද කුමාරස්වාමි විනිසුරුවරයා විසින් විසම්මුතික නඩු තීන්දුව ලබා දෙන ලදී. ඔහු කියා සිටියේ ලේකම්ගේ රැදවුම් නියෝගය නීතියට අනුකුල බවය. පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි. ඒ අනුව පෙත්සම නිශ්ප්‍රබා කෙරිණි. බහුතරයේ තීන්දුව අනුව අදාළ සහනය ලබා දිය යුතුය.

මෙහිදී ඇනසලින් ප්‍රනාන්දු එරෙහිව පෙරේරා ලීලාරත්න එරෙහිව හේරත් සහ මෙලොස් එරෙහිව සි අයි ටි යන නඩු තීන්දුව අදාළ කර ගනු ලැබිණි.

මෙම නඩු තීන්දුව ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.janasansadaya.org/uploads/files/104-%20600-1995.pdf

Advertisements