මෛත්‍රි පාලනය සහ නීතිය මත පාලනය.

Untitled-1

මෛත්‍රි ආණ්ඩුවට දින 100 සපිරිණි. ඒ මිට දින තුනකට පෙරය. මෛත්‍රිපාල සිරිසේන විසින් ජාතිය අමතන ලදී. රනිල් වික්‍රමසිංහට සත්‍යාගාරය හරහා ප්‍රථම වරට සුවාදින රූපවාහිනියේ දොරටුව විවුර්ත විය.

මෛත්‍රිපාල කළ කතාව ශ්‍රේෂ්ටය. එය සැම මාධ්‍යයකටම ආදර්ශයකි. වහල්බාවය සහ ඒබ්‍රහම් ලින්කන් ගැන කතා කිරීමද අගනේය. නමුත් ඒබ්‍රහම් ලින්කන්ව මරා දැමිණි. මෙය මතකයට නගන්නේ විජිත රෝහණ විජේමුනි ජෝ්‍්‍යතිෂවෙදියා 2017  මෛත්‍රිපාල සිරිසේනගේ ජීවිතය පිළිබදව කියූ අනාවැකියකි.

මෛත්‍රිපාල ජනපති නිතිය මත පාලනය ගැන කියූ සදහනද අගනේය. එහෙත් එය ලගා කර ගැනීමට ඉතා වෙහෙසකර දිගු දුරක් යාමට සිදුවනු ඇත. දයාසිරි ජයසේකර, ලන්සා සමග කරන දිග කෑමත් සිය වැඩිමහල් සොහොයුරු බස්නායක නිලමේ වීමත් යන කරුණු හේතුවෙන් එය සිහිනයක් වීමට ද ඉඩ තිබේ.

එක්සත් ජනපදයේ බ්‍රවුන් එරෙහිව අධ්‍යාපන මණ්ඩලය නඩු තීන්දුව ඉතා උතුම් වූ තීරණයකි. එහිදී අධිකරණය තීරණය කලේ පොදු පාසල් වල ජාතින් ලෙස වෙන්කර තැබීම විවස්ථා විරෝදී බවය. මෙය සිද්ද වුයේ 1954 දි වන අතර ජනදිපතිවරයා වුයේ අයිසන් හවර් වන අතර වොරන් අගවිනිසුරු විය. නඩුව පවතිද්දී ජනපති අගවිනිසුරුට රාත්‍රී බෝජන සංග්‍රහයකට ආරාධනා කරනු ලැබිණි. එය අවසානයේ ජනපති වොරන්ගේ අත ගත්තේය.

ජනපති කිවේ දකුණේ මිනිසුන් ගැනය. ”එනම් ඔවුන් නරක මිනිසුන් නොවන බවය. ඔවුන්ට තැකීමක් ඇති කරන්නේ ඔවුන්ගේ කුඩා පියකරු ගැහැණු දරුවන් පාසලේදී සමහරක් ලොකු වැඩුණු නිග්රෝවරුන් සමග වාඩිවී සිටිනු දැකීමට අවශ්‍ය නොවීම යන්නය.”

ජනපති ගේ පිඩාව හමුවේ වොරන් වෙනස් වුයේ නැත. පසුකලක ජනපති කිවේ තමා කල මෝඩකම එරල් වොරන් නමැති බැල්ලිගෙ ගොළු පුතාට පත්වීම දීම බවය.

අපේ පැතුම අපේ ජනපති අයිසන් හවර්ගේ තත්වයට පත් නොවේ යන්නය.

One thought on “මෛත්‍රි පාලනය සහ නීතිය මත පාලනය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )