සැබෑ බන්ධනාගාර;- 2012 වැලිකඩදී නික්ම ගිය සමන්තගේ කතාව.

Samantha 05

ඔහු මගගේ සමන්ත ප්‍රනාන්දුය. 2014.08.11 සහ 12 දින වල ඔහුගේ මව සහ පවුලේ උදවිය සමග මෙම කතා බහ පැවැත්විණි.

සමන්ත 25 හැවිරිදිය. ඔහුට මිය යන විට දරුවන් දෙදෙනෙක් සිටියේය. දැන් ඔහුගේ පුතාට අවුරුදු දෙකකි. දියණියට අවුරුදු තුනකි. ඔහුගේ රැකියාව ධීවර වේ. අංක 67, ඔබන් පෙදෙස ධීවර නිවාස දෙහිවල යන ලිපිනයේ පදිංචිව සිටි. බිරිදගේ නම දීපා දෙගනාදන්ය. පියා එම් ජයදාස ප්‍රනාන්දුය. මව ලතා ෆොන්සේකාය. මුළු පවුලම මව හැරුන විට ධීවර කර්මාන්තයේ නිරත වන අතර මව පළතුරු විකුනන්නිය. ඔහුට සහෝදරවරු සිවු දෙනෙකි.

මරා දමන විට වැලිකඩ බන්ධනාගාරයේ සැකකරුවෙකි. චෝදනාව ගංජා සහ හෙරොයින් ලග තබා ගැනීමයි. 2012.05.13 දින අත්අඩංගුවට ගැනිණි. ඒ මොරටුව පොලිසියයි. ඔහුට පෙර වැරදි තිබිණි. එක් වතාවක් ප්‍රජා විශෝදනයට යොමු විය.

2012.11.09 දින උදේ 6 ත් 7ත් අතර ඔහුගේ ඥාතීන්ට මෙම මරණය ආරංචි විය. ඔහුගේ මිත්තනිය ඔහු බැලීමට එදින වැලිකඩ සිරගෙදරට යන විට ඉමහත් කලබලයක් තිබිණි. පවුලේ උදවිය එදින රුපවාහිනිය නැරබු අතර ඊලග දින උදැසන ඔවුහු රෝහලට ගියහ. ඔවුන් ගියේ පොලිස් මෘත ශරිරාගාරයටයි. කකුල් වලින් සහ බඩේ වූ පච්චයෙන් මිනිය හදුනා ගැනිණි.

ඔවුහු දෙවතාවක් නඩුවට ඉදිරිපත් වූ අතර පසුව සියල්ල අතහැර දමනු ලැබිණි. නඩුව තිබුනේ අංක 02 කොලබ 12 මහේස්ත්‍රාත් අධීකරනයේය. නඩුවේ අංකය B 6540/02/12 වේ. ඔවුන්ට මෙතෙක් මරණ සහතිකයක් ලැබී නැත. අධීකරණය ඔවුන්ට දන්වා තිබුනේ පැමිණ එය අරගෙන යන ලෙසය. නමුත් ඔවුන් ගියේ නැත.

මව;- “අපේ අහිංසකයා මැරුණා. ආණ්ඩුව කිසිවක් කලේ නැහැ. අපිට පොලිස් විශේෂ කාර්ය බලකාය සමග හැප්පෙන්න බැහැ. එහෙම වුනොත් ඔවුන් අපේ මුළු පවුලම මරා දමනු ඇත. රටක් වටින පුතෙක් නැති වුනා. අපිට නඩුව එක්ක ඉදිරියට යන්න බැහැ. අපි බයයි. ඔවුන් ඉතිරි ළමයි ටිකත් මරා දමයි. අනෙක් කරුණ අපිට සල්ලිත් නැහැ.”

Samantha's mother with his photoSamantha 08Samantha 07Samantha 06Samantha 04Samantha 03Samantha 02Samantha 01

One thought on “සැබෑ බන්ධනාගාර;- 2012 වැලිකඩදී නික්ම ගිය සමන්තගේ කතාව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )