සැබෑ බන්ධනාගාර ;- 2012 වැලිකඩදී නික්ම ගිය දිලුක්ගේ ඥාතීන් කියන කතාව.

Diluk

ඔහු හෙවාවිතරනගේ දිලුක් සංජිව රාජපක්ෂය. 2014/08/11 සහ 12 යන දෙදින තුළ අපට ඔහුගේ ඥාතීන් හමු විය.

මිය යන විට දිලුක් 32 හැවිරිදි වියේ පසු විය. ඔහු පදිංචිව සිටියේ අංක 31/14 A 1 සමුද්‍රාසන්න පෙදෙස ගල්කිස්ස යන ලිපිනයේය. 2012 නොවැම්බර් 09 වන දින මරා දමනු ලැබිණි.

ඔහු ජීවිකාව උදෙසා කලේ පින්තාරු වැඩ සහ මේෂන් වැඩය. හෙතෙම එක් දරු පියෙකි. දැන් ඔහුගේ දියණියට වයස අවුරුදු 04 කි. ඔහුගේ බිරිද එන් පි දමයන්ති උදෙශිකාය. ගෘහනියක වූ මාලනී ද සිල්වා ඔහුගේ මව විය. පියාගේ නම හෙවාවිතාරනගේ කුසුම්පාල රාජපක්ෂය. ඔහුගේ රැකියාවද පින්තාරු වැඩය. ඔහුට සමහරක් දින වලට පමණක් රැකියාව ඇත. ඔහුට වැඩ තියෙන දින වලට ෙෙදනික අාදායම රුපියල් 1200කි. ඔහු පවසන්නේ මෙම මුදලින් ජීවිකාව කරගෙන යාම දුෂ්කර බවය. දිලුක්ට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් සිටි.

දිලුක් මිය යන විට වැලිකඩ සිරගෙදර වරදකරුවෙකි. සිරදඩුවම් කාලය මාස 03 කි. නිදහස් වීමට දින 05 කට පෙර ඔහු සමුගත්තේය. අත්අඩංගුවට ගත්තේ ගල්කිස්ස පොලිසියයි. ඒ ඔහු ඇප තැබූ පුද්ගලයා පිටරට ගිය බැවිනි. ඔහුට පෙර වැරදි විය. ඒ නඩු මත්ද්රවිය හා සම්බන්ද ඒවාය. නඩු දෙකක් විය. ඔහු මත්ද්රවිය ගැනීමට ඇබ්බැහි වී සිටියේය.

2012 නොවැම්බර් 09 වන දින රාත්‍රී 07 ට පමණ ඔහුගේ පවුලේ ඥාතීන්ට මරණය ආරංචි විය. ඒ ඔහුගේ පියාට වැලිකඩ බන්ධනාගාරයේ රැදවියකු දුන් දුරකථන අමතුමකිනි. ඔහු කියා සිටියේ බුදු ගෙය අසල දිලුක්ට වෙඩි තබා මරා දමා ඇති බවය.

මෘත ශරීරය බොරැල්ල මොචරියේ තබා තිබිණි. මිනිය රැගෙන ආවේ ඔහුගේ ආච්චිගේ ගෙදරටය. පියා අදිකරණ විද්‍යා නිළධාරී පරීක්ෂණයට සහබාගි විය. ඔහු මිනිය හදුනා ගත්තේය. ඔවුන්ට තවමත් මරණ සහතිකය ලැබී නැත. මළ සිරුරේ පහරදුන් බවට සලකුණු නොවිය. වෙඩි උණ්ඩය උදර ප්‍රදේශයට උඩින් වැදී තිබුණි.

මේ පිළිබද නඩුවේ අංකය B 6540/02/12 වේ. එය කොලබ අංක 02 මහේස්ත්‍රාත් අධීකරණයේ විබාග විය. මේ නඩුව පිලිබදව දිලුක්ගේ දෙමාපියන්ව දැනුවත් කර නොමැත.

පියා කිවේ මෙය අසාදාරණයි. දිලුක් කිසිම ආරවුලකට යන්නේ නැහැ. ඔහු මත්ද්රවිය ගත්තේ වැඩ කරන ගමන්මයි. ඔහු සල්ලි හම්බ කර ඔහුගේ පවුල නඩත්තු කරා. දෙමාපියන්ටත් උදවු කරා.

ඔහුගේ පියා යුක්තිය සොයා යාමට කැමතිය. මක්නිසාද දිලුක්අපරාධකරුවකු නොවන බැවිනි.

Diluks' relatives 01

Diluk's relatives

2 thoughts on “සැබෑ බන්ධනාගාර ;- 2012 වැලිකඩදී නික්ම ගිය දිලුක්ගේ ඥාතීන් කියන කතාව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )