Malin's mother.

ඔහු දෙවමුල්ලගේ මාලින් සමීර පෙරේරා විය. 2014.08.12 දින ඔහුගේ මව විසින් සිය පුතාගේ කතාව අප හා පවසන ලදී.

ඇගේ පුතා මියගියේ 2012.11.10 වැනිදාය. ඔහු අංක 22/08 සිල්වා පාර කළුබෝවිල දෙහිවල පදිංචිකරුවකු විය. මියයනවිට බිරිද ගෙන් දික්කසාද වී සිටි එක් දරු පියෙකි. දැන් එම දරුවාට වයස අවුරුදු 05 ක් වේ. ජයසිරි ආරච්චිගේ මාලනී ඔහුගේ මව වූ අතර පියා දෙවමුල්ලගේ ජයසිරි පෙරේරා විය. මාලින්ට සහෝදරවරු තිදෙනෙකි. එක් සහෝදරයෙකු හමුදාවට බැදී සිට 2000.09.27 දින ක්‍රියාන්විතයේදී මිය ගියේය. මාලින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගිය අතර එය රජයේ ලියාපදිංචි කර තිබු බව පැවසේ.

දැන් මාලනී මහත්මියට ස්ථිර ආදායම් මාර්ගයක් නැත. ඇයව රැක බලා ගැනීමට සිටියේ මාලින් පුතු පමණි. ඇයට මේ වනවිට සියලු දේපල විකුණා දැමීමට සිදුව ඇත.

ඔහුව මරා දමන විට ඔහු මැගසින් බන්ධනාගාරයේ සිටියේය. චෝදනාව මත්ද්‍යවිය ලග තබා ගැනීම විය. ඔහු වරදකරුවකු මෙන්ම සැකකරුවකුද විය. සැකකරුවකුව සිටියේ වෙනත් රදවියකුට පහරදීම නිසාය. ඔහුගේ සිරදඩුවම දින 50 ක් විය. මේ සිරගත වූ පළමු අවස්ථාවයි. පෙර වැරදි නැත.

ප්‍රධාන ජේලර් එමිල් රන්ජන් ඔහු සමග අමනාපයෙන් සිටි බව පැවසේ. මේ ගැන මාලින්ගේ මව විසින් මානව හිමිකම් කොමිසමට සහ බොරැල්ල පොලිසියට පැමිණිලි කරන ලදී.

දිනය 2012 නොවැම්බර් 10 වැනිදාය. ඇතුලේ සිටි රැදවියකු වූ කමල් මාලින්ගේ මවට දුරකථන ඇමතුමක් දුන්නේය. ඔහු කිවේ මාලින්ව මරා දමා ඇති බවත් ඔහුගේ සිරුර බන්ධනාගාරයේ පවතින බවත්ය. ඔහු මියගියේ 2012 නොවැම්බර් 10 වන දින උදේ 6 ට පමණය. සිරුර පොලිස් රෝහලේ තිබිණි. ඔහුගේ මව ජේ එම් ඔ පරීක්ෂණයට සහබාගි විය. දැන් ඇය සතුව මරණ සහතිකයේ පිටපතක් ඇත. මව සහ සොහොයුරා සිරුර හදුනා ගත්හ. සිරුරු විකෘර්ති වී තිබිණි. එය හදුනා ගනු ලැබුවේ උපන් දිනයට තෑගී දුන් සෙරෙප්පු දෙකෙනි.

ඔහුගේ මව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවට ඉදිරිපත් වුයේ නැත. බොරැල්ල පොලිසිය පළමුව ඔවුන්ට පැමිණෙන ලෙස දැන්වුවද පසුව කියා සිටියේ එවැනි අවශ්‍යතාවක් නැති බවය. පොලිසිය කිවේ නඩුව පවත්වා ගෙන යන්නේ බන්ධනාගාරයට සිදුවූ අලාබ සම්බන්දයෙන් බවය. ඇයට දැන් නඩුවේ අංකය මතක නැත.

මාලින්ගේ මව කිවේ අපි දැන් මැරී මැරී උපදින බවය. ඇයි ඔවුන් මේ දේ කලේ? අපේ ළමයි ඉන්න කොට අපිට දුකක් තිබුනේ නැහැ. අපිට දැන් උදවු කරන්න කවුරුත් නැහැ. මම ගෙදරක වැඩ කරලා දවසට රුපියල් 300ක් හම්බ කරනවා. අනෙක් දරුවා සලකන්නේ නැත.

ඇය යුක්තිය සොයා යාමට කැමතිය. ඇය මාලින්ව මරා දැමීම ගැන මානව හිමිකම් කොමිෂන් සබාවට ද පැමිණිලි කළාය. කොමිසම ඇයට උපදෙස් දුන්නේ මරණ සහතිකය ගෙනෙන ලෙසයි. ඇයට එය ලැබුනේ 2014.07.19 වැනිදාය.

Advertisements