සැබෑ බන්ධනාගාර ;- “නිදා ගැනීම සැමන් පැක් කරනවා වගේ”

DSC_0505

මම සම්මු ෆ්‍රෑන්ක් රණසිංහ. වයස අවුරුදු 48 යි. රැකියාව ධිවර. විවාහක දරුවන් 02 යි. අත්අඩංගුවට ගත්තේ රත්ගම පොලිසිය. කසිප්පු බෝතලයක් අතින් දැම්මා පෙර වැරදි තියෙනවා. ගංජා වලට අච්චු කළා. ඒ මිට අවුරුදු 04 කට පෙර. අධිකරණය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය. හිටියේ ගාල්ල බන්ධනාගාරයේ.

කෑම සවුත්තුයි. ටොයිලට් හොද නැහැ. වාට්ටුවේ 80 ක් විතර හිටියා. ටොයිලට් 06 ක් තියෙනවා. රිමාන්ඩ් අය අච්චු ඔක්කොම 400 ක් විතර හිටියා. රැට අවශ්‍යතාවක් වුනොත් මහත්යෙකුට කතා කරනවා. ජෙලර්ලත් ඉන්න ඕන. නාන්න වතුර වලටත් කරදරයි. පුස්තකාලයක් තිබුනේ නැහැ.

2011 අවුරුද්දේ ඇතුලට ගිහිල්ලා මාස 04 දවස් 10 ක් හිටියා. නිදා ගැනීම හරිම අපහසුයි. සැමන් පැක් කරා වගේ. වෛද්‍ය පහසුකම් අඩුයි. ඇස්ප්‍රින් පැනඩෝල් විතරයි. ලිංගික අතවර නැහැ. ජේලර්ලා හිරකාරයින්ට ගහනවා. වැරදි කරන අය නෙමෙයි ගුටි කන්නේ. බැටන් පොලු වලින් ගහනවා. උඩින් ගංජා කුඩු දානවා. මේ පැත්තෙන් සල්ලි දානවා. එතකොට ගහනවා. මහත්තුරුත් කුඩු ගෙනවා.

2014 මාව ප්‍රජා සේවයට දැම්මා. ගින්තොට ඉස්කෝලේ වැඩ කලේ. පැය 10 ක් දවස් 10 ක්. එක දවසයි කලේ මම ගියේ නැහැ. හර්නියා ඔපරේෂන් නිසා ගියේ නැහැ. ප්‍රජා සේවය ගොඩක් හොදයි. බන්ධනාගාරයේ ඉන්නවට වඩා හොදයි. ඒ මිනිස්සුන්ට ප්‍රජා සේවය හොදයි.

One thought on “සැබෑ බන්ධනාගාර ;- “නිදා ගැනීම සැමන් පැක් කරනවා වගේ”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )