සැබෑ බන්ධනාගාර ;- “පැණි වර්ග, ටැබ්ලට්, දුන්කොල, කුඩු හැමදේම තියෙනවා.”

unnamed

නම ………..රත්ගම, ගාල්ල. වයස අවුරුදු 29 යයි. රැකියාව හමුදා සෙබල. විවාහක දරුවන් 01 යි. රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. චෝදනාව කෝලාහල. සැකකරුවෙක් හැටියට දවස් දෙකක් ගාල්ල බන්දනාගාරයේ සිටියා. ඒ මිට අවුරුදු 02 කට කලින්. දිනය මතක නැහැ. නඩුව තිබුනේ ගාල්ල මහේස්ත්‍රාත් අදිකරණයේ.

මම ඇතුලේ දෙන කෑම කෑවේ නැහැ. ගෙදරින් ගෙනත් දුන්නා. නාන්න ඉන්නවා 1000ක් විතර. එක ළිදක් තියෙනවා. පොරකනවා. බාල්දි දෙක දාගන්න බැහැ. ටොයිලට් වලට යන්න බැහැ. ඇතුලේ ටොයිලට් 05ක් 06ක් තියෙනවා. හිටියේ එච් වාට්ටුවේ. එකේ 240 ගානක් ඉන්නවා. රැට ඒවාට යන්න විදිහක් නැහැ. වතුර නැහැ. එච්චරට අපිරිසිදුයි.

එච් වාට්ටුව ප්‍රමාණවත් 50 කට. නමුත් 300ත් 350ත් ඉන්න අවස්ථා තියෙනවා. එකේ පේලි තුනකට නිදියන්නේ. මැද පේලියේ අලුත් කට්ටිය ඉන්නවා. එක පැත්තකට ඔලුව දන්නේ. අනික් අය කකුල් තියන්නේ ඔලුව තියෙන පැත්තේ.

පරණ අයට ජේලර්ලා ගහනවා. පරණ අය අලුත් අයට ගහනවා. ජේලර්ලා ඉතා අමානුෂික විදිහට අහුවෙච්ච එකෙන් ගහනවා. කියන්න කෙනෙක් නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.

ඇතුලේ නැති දෙයක් නැහැ. මත්ද්රවිය හැම දෙයක්ම තියෙනවා. පැණි වර්ග ටැබ්ලට් දුම්කොළ කුඩු හැමදේම තියෙනවා. මානසික ලෙඩ හමේ රෝග යාචකයෝ ඔක්කොම එකට ඉන්නේ. රෝග අනිත් අයට බෝවෙන්න මහා වෙලාවක් යන්නේ නැහැ.

පුස්තකාලය තියෙනවා. කවුරුත් යනවා පෙන්නේ නැහැ.

ලිංගික අතවර ඇති වෙන්න තියෙනවා. අලුත් එන අයට මත්දව්‍යය දි ලිංගික කටයුතු වල යොදා ගන්නවා. ඒවා අහුවුණාම ජේලර් මහත්වරු ගහනවා.

පොඩි වරදකට හිරේ යන අයගේ ෆෝන් එක ගන්නවා. එවිට ගෙදරට දන්නන්න විදිහක් නැහැ. පණිවිඩයක් දෙන්න විදිහක් නැහැ. එතකොට දවස් 14 කට හිරේ ඉන්නවා.

පරණ අය අලුත් අයට ගහනවා. සැක අය වැඩට දාන්නේ නැහැ. අච්චු අය වැඩ කරනවා. යාචකයෝ බලෙන් ඇතුලට යනවා මොකද කාලා බිලා ඉන්න පුළුවන් නිසා.

Advertisements

One thought on “සැබෑ බන්ධනාගාර ;- “පැණි වර්ග, ටැබ්ලට්, දුන්කොල, කුඩු හැමදේම තියෙනවා.”

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: