සැබෑ බන්ධනාගාර ;- “කට්ට අවුවේ මානසික සෞඛ්‍ය වැඩසටහන්.”

unnamed

නම ……..වයස අවුරුදු 27 කි. ගාල්ල රත්ගම පදිංචිව සිටි. විවාහකය. දරුවන් නොමැත. ජිව විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ ලිවූ ඔහු තම චායාරුපයක් අන්තර් ජාලයේ පල කිරීමට විරුද්ද විය. ස්ථිර රැකියාවක් නොමැත. 2011.02.03 දින රත්ගම පොලිසියට බාර විය. ඒ මිනීමැරුමක් සම්බන්දයෙනි. ගාල්ල බන්දනාගාරයේ සැකකරුවකු ලෙස මාස 11ක් සිට ඇත. තාම මෙම නඩුව ගාල්ල මහාදිකරණයේ පැවැත්වේ.

කෑම බිම සාමාන්‍යයි. සමහරු කන්න දෙයක් නැති නිසා කනවා. ළිං දෙකක් තියෙනවා. ඔක්කොම 700ක් හිටියා. ප්‍රමාණවත් නැහැ. උදේ 7 සිට දවල් 11.30 වෙනකම් අපට අපේ වැඩ කරන්න පුළුවන්.

වැසිකිලි අන්තිමයි. වයස 50 ට වැඩි එකයි. තරුණ අයට එකයි. අනික් අයට 12 ක් තියෙනවා. අච්චු අය සුද්ද කරන්න දාන්න ඕන. එක අපහසුයි. 700ක් දෙනා 14ක් පාවිච්චි කරන්න ඕන.

අඩි 12 දිග 7 පළල කාමරයක නිදා ගන්න තියෙන්නේ. සැමන් ගහනවා වගේ. 07 ක් හිටියා. බිම නිදා ගන්නේ.

පුස්තකාල පහසුකම් තියෙනවා. ප්‍රමාණවත් පොත් නැහැ. ගොඩක් අය පොත් පත්තර කියවනවා. පත්තර ඇතුලට එවන්නේ සංශෝදනය කරලා. රජය ගැන බන්දනාගාර දෙපාර්තමේන්තුව ගැන දේවල් කපලා එවන්නේ. ඒ සිරකරයා කැරලි ගැසීම වැළැක්වීමට.

සමහරුන්ට ලිංගික අතවර සිද්ද වෙනවා. ඒ බන්දනාගාර නිලදාරීන් ගෙන් නෙමයි. පැරණි සිරකරුවන් ගෙන්.

70% ක් නිළධාරීන් දුෂිතයි. සල්ලි තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්. ගංජා දුම්කොළ කුඩු තුනම ගේන්නේ නිළධාරීන්.

කට්ට අවුවේ තියාගෙන සුබසාදනය මානසික සෞඛ්‍ය වැඩසටහන් කරනවා.

වැරැද්දක් කරාම නිළධාරීන් ගහනවා. කොල්ලෝ ඇතුලේ ගහ ගත්තම ගහනවා. එයාලා ගෙන දුරකථන වෙන කෙනෙකුට මාට්ටු වුනොත් එයා ගහනවා. සිරකරුවන්ට මනුෂ්‍යයින් විදිහට සලකන්නේ නැහැ.

One thought on “සැබෑ බන්ධනාගාර ;- “කට්ට අවුවේ මානසික සෞඛ්‍ය වැඩසටහන්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )