DSC_0493

මම ඩබ්ලිවු ඒ අනුලාවතී. වයස අවුරුදු 58 යි. මිමැඩුම බද්දේගම ගාල්ලේ පදිංචිව සිටි. පුතාලා දෙන්නෙක් ඉන්නවා. සැමියා ජිවතුන් අතර නැහැ. අවුරුදු 28ක් වන එක පුතෙක් ගාල්ල බන්දනාගාරයේ සිටිනවා. ඔහුට ශරීර ඇප දෙන්න විදිහක් නැහැ.

මම බැංකුවෙන් ලෝන් එකක් ගත්තා. රුහුණු සංවර්දන බැංකුව. පොලිය ගෙවුවේ නැහැ. ගාල්ල බන්දනාගාරයේ අච්චු ලෙස 2014.03.21 සිට මාස 07 ක් හිටියා. දවස් 12ක් අඩු කළා හොදින් හිටියා කියලා. අච්චු අය 07 ක් විතර අපිත් එක්ක හිටියා. සැක අය වෙනම හෝල් එකක හිටියා.

බිම බුදියගන්න තිබුනා. පැදුරු නැහැ. නිදා ගැනීම දුෂ්කරයි. අපේ රෙදි වලින් කොට්ට හදා ගන්නවා. තුන්වේල කන්න දෙනවා. කෑම රස නැහැ. කන්න අමාරුයි. ගෙදරින් ගෙන්න ගන්නවා. චෛද්‍ය පරීක්ෂණ කරනවා. ලෙඩට දුකට බෙහෙත් දෙනවා. උපැස් යුවලවල් නොමිලේ දෙනවා. දත් බලනවා. දත් උගුල්ලනවා. මිස් කෙනෙක් ඇවිත් මහන්න උගන්වනවා. මැෂින් තියෙනවා. මම එහිදී මැහුවා. කොන්ඩ මෝස්‌තර උගන්වනවා. මනමාලියන්ට අන්දනවා. ඒවා උගන්වනවා.

ටොයිලට් 04 ක් තිබුනා. ඒවාට ටයිල් අල්ලලා හොදට තිබුනා. මිස්ලට ටොයිලට් වෙනම තිබුනා.

නිලදාරීන්ගේ රෙදි මහනවා. ඇදුම් හෝදලා දෙන්න ඕන. රෙදි මදින්න කියනවා. කට්ටිය ඒගොල්ලන්ගේ සපත්තුත් මදිනවා. අපි මග අරිනවා. නැත්නම් මිස්ලාගේ කකුල් අත ගාන්න ඕන.

උදේ 07 ට නාන්න දෙනවා. නිවාඩු දවස් වලට උදේ 10 ට නානවා. මිස්ලා කැගහනවා. අපි විගහට වන්න නානවා. කුඩු පවුලක් හිටියා. ඒ ඇයට ගැහුවා. බෙල්ට් වලින් ගහනවා. අදින්න සුට් දෙකක් දෙනවා. රෙද්දයි හැට්ටෙයි.

මම නම් අයෙත් ජිවිතේට හිරගෙදරට යන්නේ නැහැ. අනෙක් අයත් නොයා යුතු තැනක්. කෑම බිම පහසුකම් ආදිය හොද වෙනවනම් හොදයි.

Advertisements