images

කන්ද උඩරට පුරවැසියාට පඹයෙක් නොව රජෙක් අවශ්‍ය වී ඇති බව පෙනේ. එම පුරවැසියා අනිවාර්යෙන් The Burmese Harp චිත්‍රපටිය නැරබිය යුතුය. එය තරම් යුද්දයේ ම්ලේච්චත්වය පෙන්වන වෙනත් චිත්‍රපටියක් නොමැති තරම්ය.

අපි පඹයා හදුනමු. අපි හිටපු රාජාද හදුනමු. එනම් දැන් ජනපති  මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂය. මෛත්‍රිපාලට පඹයායි කියන්නේ මෙරට අති ජාතිවාදී අන්තවාදී සහ සොරකම ප්‍රිය කරන කොටස්ය.

මහින්දට නිතිය රජුයි. මෛත්‍රිපාලට රජු නීතියයි. නිතිය රජු වුවහොත් පමණක් සියලු පුරවැසියන් පළමු පුරවැසියාද ඇතුළුව ආරක්ෂාකාරී වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය සහ මානව හිමිකම් ස්ථාපිත වේ. මහින්ද කිවේ කියන්නේ තමා බුමියේ ආරක්ෂකයා නොව භාරකරු පමණක් බවයි. නමුත් සත්‍ය ඔහු ආරක්ෂකයා වීමයි. මෛත්‍රිපාල ද ආරක්ෂාව සලසයි. නමුත් ලේ වැගිරීමක් සිදු කිරීම පිළිබද බියක් නැත.

මහින්ද යුද්ධ කරයි. යුද්ධයේදී නිරායුද සිවිල් ජනතාවද මරා දමනු ලැබේ. මෛත්‍රිපාල යුද්දයට විරුද්දය. මේ වනවිටත් ඔහු සුළු ජාතින් දිනාගෙන අවසන්ය. ඒ නිසා එළබෙන මහා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂය වේය යන බිය දකුණේ ජාතිවාදී කොටස් ජනතාව අතර පතුරුවමින් තිබේ.

යුක්තිය ස්ථාපිත වන්නේ නිතිය රජු වුවහොත් පමණි. ඒ බව  මෛත්‍රිපාල වටහා ගත යුතුය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන පරීක්ෂණ කරන උදවිය ඒ පිළිබදව පවත්නා උනන්දුව දිගටම එය අවසාන වනතෙක් පවත්වා ගෙන යායුතුය. දුමින්ද සිල්වා සම්බන්දයෙන් හරියාකාරව නිතිය ක්‍රියාත්මක වුවහොත් පමණක් එළබෙන මහා මැතිවරණයේදී සැලකිය යුතු වාසිදායක තත්වයක්  මෛත්‍රිපාලට ලැබෙනු ඇත.

ජේ ආර් තම බල තණ්හාව සහ පන්ති පැවැත්ම උදෙසා 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවට පිතෘ බාවය දෙන ලදී. එය මහින්ද අන් සියලු දෙනාටත් වඩා ( ජේ ආර් ටත් වඩා ) තම බලය, දනය, සහ ඥාතිත්වය උදෙසා පාවිච්චි කළේය. එහෙත් එය ඔහුටම පාරා වළල්ලක් විය. මෛත්‍රිපාල එය අහෝසි කරන බව පවසයි. නමුත් තවම නැත. භයයානකත්වය ඔහුද නෑගම් යාමට පටන් ගෙන තිබීමයි. මේ තත්වය වෙනස් නොවුවහොත් එය ඔහුටද පාරාවළල්ලක් වී දින 100 ටත් පෙර ගෙදර යාමට සිදුවනු ඇත.

The Burmese Harp ජපන් චිත්‍රපටියකි. ඉතා සිත් ගන්නා සුළු චිත්‍රපටියක් වන එය යුද්දයේ බිහිසුණු බව ප්‍රේක්ෂකයින්ට මනාව පැහැදිලි කර දෙයි. එය ජපන් සොල්දාදුවකු මහනවිම දක්වා යන කතාවක් මත ගොඩනැගී ඇත. Harp යනු සංගීත බාන්ඩයකි. මෙහි ජපන් හමුදා සේනාංකයක් සහ කතා කරන ගිරවෙක්ද සිටි. බුරුමය පාදක කරගෙන නිර්මාණය කර තිබේ. ඉතා අනර්ග කලාත්මක චිත්‍රපටියකි.

Advertisements